මනම්පිටිය නිමල් ජයරත්න –
හෙරොයින් විකුනා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසි හත් දහසක මුදලක් සහ හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මහඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද ( 17 ) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
සැකකරු වසර පහක කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ” හාවා ” නමින් ප්‍රසිද්ධ ඔහු අවුරුදු 28 ක් වයසැති පොලොන්නරුව බැඳිවැව මහඔය ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධීකාරි බුද්ධික මනතුංග මහතාට ලද තොරතුරක් මත, පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ මහතා ඇතුළු පොලිස් නිලධාරිය කණ්ඩායමක් මෙන්ම නිල සුනක අංශය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවටත් සැකකරු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙරෝයින් බෙදාහැර ඇති, ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරම්කරුවෙකු සතුව අත්අඩංගුවට ගත් විශාලතම මුදල් තොගය මෙය වන බබවත්, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
සැකකරු 18 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලොන්නරුව පොලිසිය පවසයි,







