සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංගම බස් රථයේ කොන්දොස්තර සහ රියදුරා සිහි නැතිවෙනකම් බීලා වැටිලා… ගමට යන්න තිබුණු තිබුණු එකම බස් රථය නෑ… මිනිස්සු නන්නත්තාර වෙති!

by editor
මාර්තු 8, 2025
in පුවත්
බීලා වැටී සිටිනා ආකාරය....

බීලා වැටී සිටිනා ආකාරය....

Share on FacebookShare on Twitter

 

මනම්පිටිය නිමල් ජයරත්න

  • මෙවර සාමාන්‍ය පෙළ  සිසුන් ඇතුළු ගැමියන් පිරිසක් යන එන මං නැතිව ඉද්දි වැලිකන්ද පොලිසියේ රථයකින් ඔවුන් ගමට ඇරලවලා….

  • රාත්‍රි 9 වනතුරුත් ඩිපෝවෙන් පොලිසියට පැමිණිල්ලක් නෑ… මේ ලියන වෙලාවෙත් රියදුරුයි කොන්දොස්තරයි ඩෝප් පිට බස් නැවතුමේ විවේකාගාරයේ නිදි…. බස් රථය වැලිකන්ද බස් නැවතුමේ ගාල් කරලා…

පොළොන්නරුව ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක රියැදුරු සහ රිය සහායක වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ මත්පැන් බී වැටී සිටීම හේතුවෙන් වැලිකන්ද ගල්කන්ද දක්වා ගමන් කිරීමට බස් රථයක් නොමැතිවීමෙන් සාමාන්‍ය පෙළට පෙනී සිටින මුස්ලිම් සිසුන් ඇතුළු මගින් පිරිසක් අද ( 08 )වැලිකන්ද පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට සිදුවීමේ පුවතක් වාර්තාවේ.

ගල්කන්ද ප්‍රදේශයට, වෙනත් කිසිදු බස් රථයක් ගමන් නොකරන අතර එම ප්‍රදේශයට ජනතාවට ගමන් කිරීමට තිබුන එකම බස් රථය මෙය වේ.

මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද ප්‍රදේශයට සවස දෙකයි තිහට පිටත් වීමට නියමිත තිබුනද රියදුරු සහ බස් රථයේ කොන්දොස්ත බීමත්ව සිටි නිසා අවස්ථා දෙකකදී මගි ජනතාවට එම ප්‍රදේශයට යෑමට සහ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බවද පොලිසිය කියයි.

වැලිකන්ද බස් නැවතුමේ ගාල් කර ඇති බස් රථය (වමේ)… පොලිසිය ජනතාව ගමට ගෙන යයි ( දකුණේ)

මෙම සිද්ධිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වැඩමුළුවට ගිය මුස්ලිම් සිසුන් පිරිසකට නිවෙස් වෙත යෑමට, ප්‍රමාද වී ඇති අතර ඉස්ලාම් ආගම ඇදහීමේ කටයුත්තද බස් නැවතුම්පොළේ සිදු කිරීමට සිදු විය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

අනතුරුව කැබ්රථය මගින් සිසුන් ඇතුළු මගින් 25 දෙනෙකු වැලිකන්ද ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශයට රැගෙන යාමට පොලිසිය කටයුතු කළේය.

මේ වනවිට බස් රථය වැලිකන්ද බස් නැවතුමේ ගාල්කර තිබෙන අතර කොන්දොස්තර විවේකගාරය තුළ බීමතින් තාමත් වැටී සිටින බවද පොලිසිය සඳහන් කරයි.

අප මේ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝ අධිකාරී ප්‍රේමසිරි ගුණවර්ධනගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මේ වෙනවිට පොලිසියට පැමිණිල්ලක් යොමු කිරිමට කණ්ඩායමක්, පිටත් කර ඇති බවත්, රියදුරු සහ කොන්දොස්තර බීමත්ව සිටිනවාද නැද්ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධ පරීක්ෂණයක් සිදුකරන බවත්ය.

අප රාත්‍රී නමයට පමණ වැලිකන්ද පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ ගෙන් දුරකථනය කළ විමසීමකදී පැවසුවේ කැබ් රථයකින් දරුවන් සහ මගින් ඔවුන්ගේ ගම්වලට රැගෙන යාමට කටයුතු කළ බවත්, මේ වනවිටත් පොළොන්නරුව ඩිපෝවෙන් සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් සිදු කර නොමැති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසුවියන් 08කට ලිංගික අතවර කළ දිඹුලාගල ගණිත ගුරා රිමාන්ඩ්!

Next Post

ගම්පහ අකරවිට වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාලයි….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.