සීහෙළ ජනතාවගේ නිවැරැදි ජාතික අනන්‍යතාවය නැවත ස්ථාපිත විය යුතු බවත්, ඒ සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් පිළිගෙන, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත දන්වා යවා තිබේ.
එම ප්රකාශනය A/HRC/60/NGO/19 අංකය යටතේ 2025.09.12 දාතමින් යුතුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට 1996 අංක 31 දරන ආර්ථික සහ සමාජීය කටයුතු පිළිබද ජගත් ප්රඥප්තිය හරහා පැවරී ඇති බලතල අනුව, එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට සහ සාමාජිකයින්ට වෙත යවා ඇති අතර, එය මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 60 මානව හිමිකම් සැසියේ න්‍යාය පත්‍රයේ අයිතම 3 යටතේ සාකච්චාවට යොමු කර ඇත.
මෙම ජගත් ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිලධාරීන් විසින් 1890 දී ඉන්දියන් මහාද්වීපය සඳහා විකෘති කරන ලද සිතියමක් නිර්මාණය කොට එය ස්ථාපිත කිරීම නිසා, වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙසින් හැදින්වෙන දිවයිනේ අනාදිමත් කලක සිට වූ ජිවත් වූ යක්ඛ, දේව නා යන ගෝත්‍ර තුනෙන් සැදුම් ලත් සීහෙළ නම් වූ ජනවර්ගයේ මුල්වාසී උරුමය, එම ජාතියෙන් උදුරාගෙන තිබෙන බවය.
සීහෙළයාගේ මුල් ජාතික අනන්‍යතාවය සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරන ලෙසට ඉල්ලූ මෙම යෝජනාව අරියකම්මට්ඨාන සංවිධානයේ සභාපති කේ.අරියමග්ග හිමියන් විසින් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබි







