සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින 97ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්නට පොලිසියට අවසර….

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
sampath-manamperi
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

  •  මීට අමතරව කජ්ජා ඝාතන සිද්ධිය පිළිබදව ප්‍රශ්ණ කිරිම සදහාද සැකකරු දින 90ක් රඳවා තබා ගැනිමට අධිකරණය පොලිසියට අවර දෙයි.

පසුගිය දා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අද (17) පස්වරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු දින 07ක කාලයක් සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට   වලස්මුල්ල මහේස්ත්‍රාත් කෝකු හැන්නදිගේ නවෝදා මහත්මිය පොලිසියට අවසර ලබා දී තිබේ.

මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන්නට අවසර දී ඇත්තේ  අංක 352, කන්තෝරු වත්ත, තලාව දකුණ ,කාරියමඩිත්ත පදිංචි විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් පීති විරාජ් නොහොත් සම්පත් මනම්පේරි නැමැත්තාය.

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී පසුගිය 05 වන දින මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරකට අනුවය.

‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තෙකු විසින් මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ. පොලිසිය සඳහන් කළේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු හා ඔහුගේ සහෝදරයා මෙම රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිටි බවය. ඒ අනුව විමර්ශන නිළධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කෙරුණු අතර මෙම සිද්ධියේ සකකරුවෙකු වන සම්පත් මනප්පේරි නැමැත්තාද පොලිසිය මග හැර සැඟවි සිටියේය.

එලෙස සැඟව සිටි සම්පත් මනම්පේරි නැමැත්තා නිතීඥයෙකු මාර්ගයෙන් පසුගිය 15 වන දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. එහිදි සම්පත් මනම්පෙරි නැමැත්තා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිමට සූදානම් බවත්, එසේ බාර වීමෙන් පසු සම්පත් මනම්පේරි නැමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඒ අනුව කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට විමර්ශන නිළධාරීන්ට නියෝගයක් නිකුත් කෙරුණි. එම නියෝගය නිකුත් කර දින දෙකකට පසු අද (17) නීතීඥයෙකු මාර්ගයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක්  ඉදිරිපත් කර සැකකරු පස්වරු 03ට පමණ බාර වීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු වෙනුවෙන් නීතීඥ A.M.A.A ලක්මාල් රත්නායක, නීතීඥ තිළිනි වික්‍රමසිංහ දෙපළ ඇතුළු නීතීඥවරුන් කිහිප දෙනෙක්ම අධීකරණය හමුවේ පෙනි සිට කරුණු ඉදිරිපත් කළහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිළධාරීන් විසින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත්කළ අතර සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම සඳහා අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කරුණු සළකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා දින 07ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරිම සදහා පොලිසියට අවසර ලබා දුන්නේය.

මීට අමතරව අනුර විදානගමගේ නොහොත් “කජ්ජා “ නමැති අය හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතන සිද්ධියට අදාලවද ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක් ( දෙසැ: 03) දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට අවසර ලබා දුන්නාය .

අධිකරණයට බාර වු සම්පත් මනම්පේරි නැමැත්තා කලක් පොලිස් කොස්තාපල් වරයෙකු ලෙසත්, කෙටි කාලයක් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇති බව වාර්තා වෙයි. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත්ව තිබේ. සැකකරුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකු වන පියල් මනම්පේරි නැමැත්තාද මෙම සිද්දියට අදාලව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගඅවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වි තිබුණේ මෙම රසායනික ද්‍රව්‍ය ජනවාරි මස 29 වන දා කොළඹ සිට කන්ටේනර් දෙකක අසුරා රැගෙනවිත් කලුවගහයාය පාර, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ මාර්ගය අයිනේ ගබඩාකර තිබී පසුව අගෝස්තු මස 31 වන දින ගෙවත්තකට රැගෙනවිත් වළ දමා ඇති බවය.

කිලෝ 500ක බරින් යුතු කවර 22ක් මෙලෙස වළ දැමූ බව  පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ජේසීබී යන්ත්‍රයේ ක්‍රියාකරු පොලිසියට පවසා තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ සීහෙළයාගේ මුල්වාසි උරුමය සොයන්නට එක්සත් ජාතීන් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට නිර්දේශ නිකුත් කරයි!

Next Post

විදුලි බල මණ්ඩලය පුද්ගලකරණය නැවැත්වීම අපරාධයක් ද?… රජයේ වැඩපිළිවෙළට කවර හෝ වෘත්තීය සමිතියක් බාධා කරනවා නම් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්නවා…. ජනපති කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.