අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට ගහලා… තිලංග සුමතිපාලට චෝදනාවක්!

සාපරාධී අපරාධයක්... අගතියට පත්වූ ව්‍යාපාරිකයා තිලංගලාගෙන් රුපියල් මිලියන 25ක වන්දියක් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ලොකුම තේ අපනයනකරුගේ බෑනාගේ අත්සන හොරට ගැසූ බවට තිලංග සුමතිපාලට චෝදනාවක් එල්ල වී තිබේ.

වාර්තාවන පරිදි තිලංග සුමතිපාල පාර්ශවය විසින්   හොරට ගැසූ බවට චෝදනා එල්ලවන්නේ  කොළඹ කොටස් වෙළෙඳපොලේ ලයිස්තුගත ප්‍රමුඛතම පෙළේ ආයෝජන සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ මාරියො රෙහාන් මොරිස්  ගේ අත්සනය.

එම සමාගමේ වාර්ෂික වාර්තාව ඇතුළු වාර්තාවලට නීති විරෝධි ලෙස ව්‍යාජව තමන්ගේ අත්සන යෙදූ බවට එම සමාගමේ සභාපති තිලංග සුමතිපාල   ඇතුළු පිරිසකට මෙසේ චෝදනා එල්ල වී ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රි ලංකාවේ ප්‍රධානතම තේ අපනයනකරුවා වන අක්බාර් බ්‍රදර්ස් සමාගමේ හිමිකරුගේ බෑනා වන මාරියෝ රෙහාන් මොරිස් මේ වනවිට තම අත්සන ව්‍යාජව යෙදූ වාර්තා සමාගම් වාර්තාවලින් සහ සමාගම් වෙබ් අඩවියෙන් ඉවත් කර ගන්නා ලෙස තම නීතීඥයින් මාර්ගයෙන් ඉල්ලා ඇති අතර මෙම සාපරාධි කටයුත්ත සම්බන්ධයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක වන්දියක් ඉල්ලා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාවේ පළමු ආයෝජන බැංකුව ලෙසින් සැලකෙන ඒෂියා කැපිටල් පොදු සමාගම කලින් කලට කොටස් වෙළෙඳපොල හුවමාරු හරහා එහි බහුතර කොටස් හිමි පාර්ශ්වය මාරු වූ අතර මේ වනවිට එහි වැඩි හිමිකාරීත්වය දරන්නේ ලෝකයේ පිරමිඩ් ජාවාරම සඳහා නමක් උසුලන ක්‍රිස්තියානි පාස්ටර්වරයකු ද වන මැලේසියාව තම ව්‍යාපාර අධිරාජ්‍යය කර ගත් විජේ ඊස්වරන්ය.

කුප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් පිරමිඩ් ජාලය සහ ඒ ආශ්‍රිත ආයෝජනවල හිමිකරුවා වන විජේ ඊස්වරන්ට රටවල් ගණනාවකට ඇතුළු වීම තහනම් කර ඇති අතර ඔහු මේ වනවිට මැලේසියාවේ අප්‍රකට ජීවිතයක් ගත කරන බව සඳහන් වේ.

ඔහු ආයතනය හිමි කර ගැනීමෙන් තිලංග සුමතිපාල මෙම සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ අතර ඔවුන් දෙදෙනා දීර්ඝ කාලීන මිතුරන් බව සඳහන් වේ. කෙසේ වුවද මේ වනවිට මෙමම සමාගම යටතේ පවතින ඒෂියා ලෙෂර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ ඒෂියා කැපිටල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මාරියෝ රෙහාන් මොරිස් ට එරෙහිව අභ්‍යන්තර තොරතුරු පිට කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමටද සුමතිපාල   කටයුත කර ඇත.

මේ පසුබිම තුළ ඔහු සමාගමෙන් ඉවත්ව ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අස්වීම පිළිගෙන ඇත.

මාරියෝ රෙහාන්ට අමතරව ඒෂියා කැපිටල් සමාගමේ දීර්ඝ කාලීන අධ්‍යක්ෂවරයකු වන ප්‍රකට නීතිඥ පොල් රත්නායකද සුමතිපාලගේ පත්වීමෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩලයන් ඉවත් විම විශේෂ කරුණක් සේ ව්‍යාපාර කෂේත්‍රය හඳුන්වයි.

කෙසේ වුවද තම අත්සන සමාගම් වාර්තාවලට ව්‍යාජ ලෙස යොදා ඇති බවට මාරියෝ රෙහාන් මොරිස්ට   මේ වනවිට චෝදනා කරන අතර ඒ සම්බන්ධ චෝදනා එල්ල වී ඇත්තේ සභාපති තිලංග සුමතිපාල ප්‍රධාන කොටස් හිමිකරු විජේ ඊස්වරන් ඇතුළු පුද්ලයන්ටය.

ඔහු තම නිරවද්‍යභාවටය තහවුරු නොකළහොත් ඊට අදාල දැඩි නෛතික පියවර ගන්නා බව නිතීඥයන් මාර්ගයෙන් මේ වනවිට දන්වා ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකින දකින නිලධාරීන්ට වෙඩි තබමින් පොලිසිය යටත් කරගත් තිරුක්කෝවිල් ඝාතකයා…

Next Post

චීන පොහොර රට තුළට ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලියැවිල්ල අනුමැතිය ගන්න ෂින්ඩාවෝ යවලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.