අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට ආපු ඉම්රාන් ඛාන් අර්ජුන රණතුංගට පනිවිඩයක් දෙමින් කළ ධෛර්යවන්තභාවයේ කතාව

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • •ක්‍රිඩාවෙන් උගත් දේ විශ්ව විදයාලයකින්වත් ඉගෙන ගන්න බෑ
  • ක්‍රීඩාව වගේම දේශපාලනයේත් ඉදිරියට යෑම දුෂ්කරයි
  • අවුරුදු 14ක් මම ජයග්‍රහණය වෙනුවෙන් මිනිසුන්ගේ විහිළුවට ලක් වුණා
  • බෑ කියන මානසිකත්වයෙන් කරන කිසිදෙයක් දිනන්නේ නෑ
  • ලාහෝරයේදී ලංකාව ලෝක ශූරයන් වීමේ සතුට වින්දා

ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී දේශපාලනයට පිවිසි තමන්ට අලුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන වසර 14ක දුෂ්කර ගමනකින් පසුව රටේ නායකත්වයට පත් වන්නට හැකි වූ බවත් එය විශේෂයෙන් අර්ජුන රණතංගුට ලබා දෙන පනිවිඩයක් බවත් පසුගියදා මෙරටට පැමිණ ඊයේ (24) පිටව ගිය පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත. ඔහු විසින් ක්‍රිකට් ක්‍රිඩාවට දක්වන ලද සේවාව වෙනුවෙන් අගය කිරීමක් සහිතව සංවිධානය කර තිබූ මෙම දිවා ආහාරයට මෙරට දේශපාලඥයින් මෙනම් ක්‍රිකට් ක්‍රිඩකයන් සහ ව්‍යපාරික ප්‍රජාවේ නියෝජිතයන් ගණනාවක්ද එක්ව සිටි අතර ඔහු එහිදී කළ කෙටි ඇමතීම කාටත් ආදර්ශයක් ගෙන දෙන ප්‍රකාහයක් ලෙස විචාරකයෝ හඳුන්වති.
හිටපු පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන ඉම්රාන් ඛාන් තම ජයග්‍රාහී ගමන් මග පිළිබඳව ආවර්ජනය කරමින් අර්ජුන රණතුංගටද ඒ මග යා හැකි බවට ඉඟි කර තිබුණේ මෙලෙසිනි.
ක්‍රීඩාව අපට විශ්ව විද්‍යාලයයේදී ඉගෙන ගත නොහැකි ලොකු දෙයක් උගන්වනවා. අප ක්‍රීඩාවේදී තරගකාරීත්වයට මුහුණ දීම සඳහා ලබන පන්නරය ජීවිතයේ සෑම අරගලයක් සඳහාම හොඳ පන්නරයක් දෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ බොහෝ ක්‍රිඩකයින් තම ක්‍රිඩා ජීවිතය අවසන් වුණාම තමන්ට සුව පහසු හුරු පුරුදු ජීවිතය තුළ කාලය ගත කරනවා. ඔවුන් එතැනින් පසුව තවත් තරගකාරී අභියෝගාත්මක දෙයකට අත තබන්නේ කලාතුරකින්. එයින් වන්නේ ඔවුන් ක්‍රිකට් ජීවිතයේදී අත් දුටු සියලුම තරගකාරීත්වයන් ජය ගැනීම් අභියෝගයෙන් ඵලක් නැති වීමයි.
මගේ ක්‍රිකට් ජීවිතය වගේම දේශපාලන ජීවිතය ජය ගැනීමත් ඉතා කටුක අභියෝගාමත්මක එකක් වුණා. මම කිසි විටෙක පරාජය බාර ගැනීමට සූදානම් වුණේ නෑ. මම දිගටම පරාජය වුණා. හරියට මගේ පළමු ටෙස්ට් මැච් එක වගේ. එයිනුත් මම අසාර්ථක වුණා. පළමු මැතිවරණයේදී මට එකම ආසනයක්වත් ලැබුණේ නෑ. සියල්ල හේදී ගියා. බොහෝ දේශපාලන විචාරකයන් ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික මරණය වාර්තා කළා. මෙහෙම පැරදුණු මා දේශපාලනයට විහිළු සපයන්නෙක් වුණා. මාව හාස්‍යයට ලක් වුණේ අවුරුද්දක් දෙකක් තුනක් නෙවෙයි අවුරුදු 14ක්.
මට දේශපාලනයට එන්න එවකට රටේ තිබුණු දේශපාලන පක්ෂයකට පහසුවෙන් එකතු වෙන්න තිබුණා. ඒත් මම එහෙම කළේ නෑ. මම තනිවම පක්ෂයක් පිහිටුවා ගත්තා. කිසිම දේශපාලන අත්දැකීමක් නැතිව. ඒ වනවිට රටේ නමක් තිබූ කිසිම දේශපාලඥයෙක් මා සමග මගේ පක්ෂයට එකතු වුණේ නෑ. මොකද ඔවුන් හිතුවේ මට ජයග්‍රහණය කරීමේ අවස්ථාවක් නැතිවේවි කියල. මම පක්ෂය පටන් ගත්තේ කිහිප දෙනකුගෙන්. අවුරුදු 14ක් යන තෙක් මා ගමන් කළේ තනිවම. අර්ජුන මේක ඔබට දෙන පනිවිඩයක් . අහන්න මම අවුරුදු 14ක් ගමන් කළේ තනිවම. මට මෙය දරා ගන්න පුළුවන් වුණේ ක්‍රිකට්වලින් මා ඉගෙන ගත් පාඩම් නිසයි.
අද මට මෙතන මගේ පැරණි සගයන් මෙතැන දකින්නට ලැබීම සතුටක්. මම මුලින්ම ලංකාව සමඟ ක්‍රිකට් තරගයකට පැමිණි දිනය සිහි වෙනවා. ඒ කාලේ ශ්‍රි ලංකාවේ ක්‍රිකඩකයන් සතු දක්ෂතා සහ රටේ ක්‍රිකට්වල අනාගතය ගැන මට යම් අවබෝධයක් තිබුණා. නමුත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන් හිතුවේ ඔවුන්ට කවදාවත් දිනන් බැරි වෙයි කියල. එවැනි මානසිකත්වයක් තිබුණා. ඒක පකිස්තාන ක්‍රීඩයන්ටත් තිබුණා. මට මතකයි අපි මුලින්ම එංගලන්තය මඟ තරගයකට ලන්ඩනයට ගිය වෙලාවේ මගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො කිව්වේ අපිට එංගලන්තේ එක්ක ගහල දිනන්න හිතන්නවත් එපා කියල.අපි ආවේ ඉගෙන ගන්න කියල. අපි සෙල්ලම් කළේ දිනන්න බෑ කියන මානසිකත්වයෙන්. මේ නිසාම මේ තරගාවලියේ අපිට දිනා ගන්න පුළුවන්කම තිබූ තරග පවා පරදින්න සිදුවුණා. නමුත් අප දිනන මානසිකත්වයක් විශ්වාසයක් ඇති තර ගතතාට පසුව තත්ත්වය වෙනස් වුණා. ශ්‍රි ලංකාවේ කතාවත් එහෙමමයි. කෙහොම වුණත් ශ්‍රි ලංකා කණ්ඩායම තම ආත්ම විශ්වාසය වර්ධනය කර ගත්තා දිනන මානසිකත්වයකට කෙසේ හෝ පරිවර්තනය වුණා. අර්ජුන ඔබේ කැපවීම මම අගය කරනවා. ඔබ අධිෂ්ටානශීලීව අපේ රටේ ලාහෝරයේදී ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය දැකීමත් මට විශාල සකුටක් ගෙන දුන්නා යයි සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් කොමිසමේ අනවශ්‍ය ප්‍රශ්න ආවේ 20 වැනි සංශෝධනය නිසයි

Next Post

අදත් කොවිඩ් මරණ 2ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.