සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අද (!3) දින ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රෝගීහු මහත් දුෂ්කරතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, එක්ස් කිරණ පරීක්ෂණ, සැලසුම් කළ සැත්කම් ,බාහිර ප්‍රතිකාර, සායනික ප්‍රතිකාර රෝගීන්මෙසේ දුෂ්කරතාවයකට පත්ව ඇත.
වෘත්තීය සමිති නායකයින් සවස 2ට රැස්ව ඉදිරි වර්ජන ක්‍රියාමාර්ගයන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
මේ අතර මුදල් අමාත්‍යාංශය සමඟ ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ද වෘත්තීය සමිති නායකයෝ සඳහන් කරති.
මේ අතර රාජ්‍ය සේවා හෙද සංගමයේ සහාය ලබා ගැනීම සඳහා එහි සභාපති මුරත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද අදහස් කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම, ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.







