බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් අධ්‍යක්ෂවරු GMOA හැරයති…

සියලු වෛද්‍ය වෘත්තීය සංගම් GMOA අත්තනෝමතිකත්වයට එරෙහි පොදු අරමුණක් වෙනුවෙන් එක්වීමේ කථිකාවක්....

by editor
මාර්තු 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රොහල් අධ්‍යක්ෂවරු 120 කට අධික සංඛ්‍යාවක්  GMOA හැර වෙනත් වෘත්තීය සමිති වල සාමාජිකත්වය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු  කිරීමේ අවස්ථාවක් දිගින් දිගටම නොලැබී යෑමත්   වෙනස් මත දරන්නන්       රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් කිරීම සහ ඔවුන් පීඩාවට ලක් කිරීමත්, රෝහල් පරිපාලන කටයුතු  සඳහා අනවශ්‍ය ලෙස මැදිහත්වීම ඇතුළු රාජකාරි මේ සහ බුද්ධිමය ගැටලු රැසක් මත මේ අන්දමට මෙම රෝහල් අධ්‍යක්ෂ වරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉවත් වී ඇතැයි පැවසේ.

මෙසේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් බිඳීගොස් පිහිටුවාගත් සෑම තලයකම වෛද්‍ය වෘත්තීය සමිති  ඒකාබද්ධව GMOA අත්තනෝමතිකත්වයට එරෙහි  පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරමින් යන බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා රෝහල් පරිපාලකයන් ගේ වෘත්තීය සමිති සංගමය හෙවත් Association of Medical administrators (AMA) සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ   රෝහල් අධ්‍යක්ෂවරුන්  50කට ආසන්න සංඛ්‍යාවක් මෑතක දී තම සංගමයේ  සාමාජිකත්වය ලබාගෙන ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම වෘත්තීය සංගමයේ සභාපතිවරයා ලෙස පේරාදෙණිය  ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජූන  තිලකරත්න  කටයුතු කරයි.

රෝහල් රැසක සහ මූලික රෝහල් රැසක රෝහල් අධ්‍යක්ෂවරුන්  හා වෛද්‍ය අධිකාරිවරු මෙම සංගමයේ සාමාජිකයන් ලෙස  කටයුතු කරමින් සිටිති.

පසුගියදා පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය හෙවත් Doctors Association of Sri Lanka (DASL ) හි ද රෝහල් අධ්‍යක්ෂකවරුන් හා වෛද්‍ය අධිකාරිවරුන් 50 කට ආසන්න ප්‍රමාණයක් සාමාජිකත්වය ලබාගෙන ඇතැයි එම සංගමය කියයි.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද ඇතුළු දිවයිනේ  ප්‍රමුඛ රෝහල් අධ්‍යක්ෂවරු  මෙම සංගමයේ සාමාජිකත්වය දරන බව එම සංගමය පවසයි.

රජයෙ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වය දරන ලද විශේෂඥ වෛද්‍යවරු රැසක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක්   බිහි කර ගනු ලැබීය.   විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු  එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.

වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් බිහි කරන ලද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ද සාමාජිකයන් ලෙස රෝහල් අධ්‍යක්ෂකවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් විසි දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඇතුළු වී ඇත.

මේ අනුව රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරීවරුන් සියයකට අධික  ප්‍රමාණයක් දැනට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වී වෙනත් වෛද්‍ය සංගම් වල ස්ථිර හෝ අනුබද්ධ සාමාජිකත්වය ලබාගෙන ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව  පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ පවතින අත්තනෝමතික හැසිරිම නිසා නිර්මාණය වූ ගැටලු රැසක් හේතුවෙන් මේ අන්දමට බොහෝ රෝහල් අධ්‍යක්ෂකවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වයෙන් ඉවත්ව වෙනත් වෘත්තීය සමිති ව්‍යාපාර නිර්මාණය කරද්දී පවතින තත්වයේ බැරෑරුම් කම තේරුම් ගැනීම වෙනුවට එසේ ඉවත් වන වෛද්‍යවරුන්ට සමාජ මාධ්‍ය ජාල හරහා අපහාස කිරීමේ වැනි පහත් ක්‍රියාවන් ට පමණක් වර්තමාන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙළඹී සිටීම කනගාටුදායක බවද ඔහු  පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව මේ තරම් ආධාර දෙද්දී ඉන්දීය විදේශ ඇමතිත් රටේ ඉන්න විට ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සදාචාරත්මක ද?…

Next Post

මෛත්‍රී ගෙදරින් පන්නයි ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.