වෛද්‍යවරුන්ට හිමි වශේෂ දීමනාවක් වූ DAT දීමනාව තමන්ටත් ඉල්ලා වෙද්‍ය නොවන සේවා නියෝජන කරන වෘත්තීය සමිති 72ක් අද දිනයේ දී ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් අඩාලවන රෝහල් සේවා සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
මෙම වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවවල අඛණ්ඩ වැඩ වර්ජනය අද (01 )උදෑසන 6.30 ට ආරම්භ විය.
වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන විශාල සාමාජිකත්වයක් සහිත සමස්ථ ලංකා හෙද සංගමය මෙම වර්ජනයට එක් වන්නේ නැත.
කෙසේ වෙතත් සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇක.







