ඉන්ධන අර්බුදයෙන් දින 02ක් වයසැති බිළිඳෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මහේල ජයවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පරිපාලනය දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නියමිත වේලාවට රෝහල් ගත කිරීමට නොහැකි වූ දින 02ක් වයසැති බිළිඳෙකු මියගොස් ඇති බව දියතලාව රෝහලේ අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ කළ අනාවරණයත් සමග මෙම ප්‍රකාශය මහෙල් ජයවර්ධන විසින් නිකුත් කරතිබිණි. .
වෛද්‍ය පතිරණ පැවසුවේ දරුවා නියමිත වේලාවට රෝහලට ඇතුළත් කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට පියාට හැකි වූයේ නම් බිළිඳා බේරා ගැනීමට හැකිව තිබූ බවය.
මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ පියෙකු ලෙස තමාට මේ මොහොතේ ඒ දෙමාපියන්ගේ වේදනාව තේරුම් ගත හැකි බවය.
පියෙකු ලෙස මට වැටහෙන්නේ ඒ දෙමව්පියන්ගේ වේදනාව පමණි. රටේ ඇතිවූ මේ තත්ත්වයට ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පාලන අධිකාරිය ඍජුව වගකිව යුතුයි. ඔබ වහාම ඉල්ලා අස්වන්න…. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මහේල කියා සිටී.
As a father I can only imagine what they must be going through 😢 If @GotabayaR read this and have any guilt should resign immediately as he was directly responsible for this situation and everyone els who was part of this administration… https://t.co/ICz0HlPnwl
— Mahela Jayawardena (@MahelaJay) May 22, 2022