සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝයල් පාර්ක් නඩුවේ ඝාතකයා වූ ජූඩ් ශ්‍රියන්ත ජයමහ අදියර 02කින්  නිදහස් කළ හැටි මෛත්‍රී උසාවියට කියයි!

by editor
ජූලි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක –

රෝයල් පාක් ඝාතන නඩුවේ විත්තිකාර ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙසට ලිහිල් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොදු සමාවක් ලබාදී ඇත්තේ ඔහුගේ තනි අභිමතයට නොව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විශේෂ කමිටුවක් විසින් ලබාදී තිබූ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව වන්නේ යැයි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා විසින් ලබාදුන් එකී පොදු සමාව අනුව එදින ඔහු පමණක් නොව තවත් 70 දෙනකුගේ මරණ දඬුවම් ජීවිතාන්ත සිරදඬුවම් බවට පත්වී ඇතැයිද අධිකරණයට පැවැසූ ජනාධිපති නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී ඇති එකී විශේෂ වරප්‍රසාදය එදා මෙදාතුර පත්වූ සියලුම ජනාධිපතිවරුන් භාවිත කර ඇතැයිද පැවැසීය.

පොදු සමාව ලබාදීමේ පළමු අදියර ලෙස එකී විත්තිකරු සම්බන්ධයෙන් එලෙස කටයුතු කර ඇති මෛත්‍රිපාල සිරිසේන දෙවන පියවර ලෙස ඔහු සම්පූර්ණ දඬුවමින් මුදාහරිමින් නිර්දේශ ලබාදී ඇත්තේද පාර්ලිමේන්තුව නියෝජනය කරන ගිහි පැවිදි මන්ත්‍රීවරුන් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විත්තිකරුගේ මව කළ විශේෂ ඉල්ලීම් සලකා බලා දැන උගත් තරුණයකු වන විත්තිකරුට සමාජගත වීමට ඉඩදෙමින් වන්නේ යැයි ද නිතිඥවරයා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා යහපත් පරමාර්ථයෙන් සිදුකළ ක්‍රියාව ඝාතනයට ලක්වූයේ යැයි කියන තරුණියගේ දෙමව්පියන් හෝ වෙනත් අගතියටපත් පාර්ශ්වයක් අභියෝගයට ලක්කර නැති බවත් බාහිර පාර්ශ්වයක් එම පොදු සමාව අභියෝගයට ලක්කිරීමේ පරමාර්ථය කුමක් දැයි සලකා බැලිය යුතු බවත් නීතිඥවරයා පැවැසීය.

එකී පොදු සමාව ලබාදීමේදී හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිසි ලෙස අනුගමනය කර නැති බවට චෝදනා එල්ල වන්නේ නම් ඒ පිළිබඳ පවසනුයේ කුමක් දැයි විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා මෙන්ම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු ජනක් ද සිල්වා යන ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා සිටියහ.

එකී ක්‍රියාදාමයේදී සිය සේවාදායකයා ඔහුගේ උපරිමයෙන් නිසි ප්‍රතිපාදන අනුගමනය කරමින් යහපත් පරමාර්ථයෙන් කටයුතු කර ඇතැයිද ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා විනිසුරු මඬුල්ලට පැවැසීය.

මරණ දඬුවම නියම වූ ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීම අභියෝගයට ලක්කරමින් කාන්තාමාධ්‍ය එකමුතුව විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම පවරා තිබිණි.

එම පෙත්සම ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවිණි. ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස පැවැසීය.

එම පෙත්සම ලබන 17 වැනිදාට කල්තැබිණි – දිවයින

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පැමිණි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් අතුරුදහන්… දින 04ක් පුරා කිසිම තොරතුරක් නෑ…

Next Post

වියදම කෝටි 228යි.. ජාතික පාසල් මට්ටමට ගෙනත් ඇත්තේ පාසල් 647න්  22 යි.. ජාතික පාසල් 1000 ව්‍යාපෘතියේ ඇත්ත විගණනය කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.