සටහන – ශ්‍රියානි විජේසිංහ –
රෝගියෙක් සමග කතා කරමින් ඔහුට පැන්සලක් කොළයක් දී ඔහු ලවා චිත්‍රත් අන්දවන ගමන් මොළයේ සැත්කමක් සිදු කර තිබිණි. සාමාන්‍ය මිනිස්සුවන අපට ඇහුවම විකාර වගේ සිතෙන ඒ සැත්කම සිදුවන්නේ අනුරාධපුර ශික්ෂන රෝහලේය. ඒ සැත්කම පිළිබඳ කතාව මෙසේය.

වයස අවුරුදු 36ක් වූ නොච්චියාකම රංජිත්ට හිටිහැටියේම නිතර නිතර හිසේ කැක්කුමක් හට ගත්තේය. ඒ සමග මී මැස්මොරය සෑදී ඇද වැටෙන්නට වූයේය.
ඔහු හොඳ ප්‍රතිමා ශිල්පියෙකි. විටෙක පූජනීය ස්ථානයන්ගේ පිළිම වහන්සේලා නෙළමින් සිටි ඇතැම් අවස්ථාවල ඔහු හැටියේ බිඳ ඇද වැටුනේය. ටික කාලයක් මෙම රෝගයෙන් පීඩා විඳි රංජිත් තමන්ගේ වෘත්තිය කර ගැනීමත් කර ගත නෙහැකි තැන අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන්නේ රෝගය කුමක්ද යන්න නිවැරදිව හදුනා ගෙන ප්‍රතිකාර ලබා ගැනීමටය.
වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ වැඩිහිටි පුද්ගලයෙකු මී මැස්මොරය සෑදෙන්නෙ නම් එය මොළයේ කිසියම් අවදානම් තත්ත්වයක් විය හැකි බවය. මෙම රෝගියා පරික්ෂා කළ වෛද්‍යකණ්ඩායමේ මී ළග පියවර වූයේ රෝගියාව MRI පරික්ෂණයකට යොමු කිරීමයි. මෙම පරික්ෂණයෙන් තහවුරු වූයේ රංජිත්ගේ මොළයේ වම් කොටසේ ඉදිරිපස ගෙඩියක් තිබෙන බවය. මොළයේ ඉදිරිපස වම් කොටසින් සිරුරේ දකුණු කොටස පාලනය වන්නේය. රෝගියාගේ මෙම ගෙඩිය සැත්කමක් මගින් ඉවත් කළහොත් ඔහුගේ දකුනු පැත්ත පණ නැතිවීමක් වැනි හානියක් සිදුවීමේ අවදානයක් පැවතිය හැකි බව වෛද්‍යවරු තක්සේරු කළහ.

මේ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ රෝගියා පූර්ණ වශයෙන් නිර්වින්දනය නොකර අර්ධ නිද්‍රාශීලී තත්ත්වයට පත්කර සැත්කම කරමින් රෝගියාගේ ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමය. මේ සඳහා ඔවුන් අනුගමනය කළේ රෝගියා සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සැත්කම සිදුකිරිමය.
වෛද්‍ය කණ්ඩායම මේ බව රෝගියාට මුලින්ම පැහැදිලි කර රෝගියාගේ කැමැත්ත ලබා ගත්තේය. ඒ අනුව සැත්කමට සතියක පෙර රෝගියාගේ හෘදයේ ක්‍රියාකාරිත්වය , රුධිර හා මුත්‍රා පරික්ෂාවන්, රුධිර පීඩනය ආදිය සියලුම දේවල් පරික්ෂා කර රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව සැත්කමට යොමු කරනු ලැබුවේය.
සැත්කම සඳහා රෝගියා අර්ධ නිද්‍රාශීලී තත්තවයට පත් කිරීමට ප්‍රථම වෛද්‍ය කණ්ඩායම නිර්මාණය කර තිබෙන විශේෂ පොත් පිංචක් ඔහුට නිරික්ෂණය සදහා ලබා දුන්නේය. එහි අංක, හැඩතල, විවිධ වර්ණ, විවිධ උපකරණවල රූප ආදිය ඇතුළත් කර තිබිණි. එම පොතේ සටහන් කර තිබෙන දෑ පිලිබඳවත් ඔහුගේ පෞද්ගලික විස්තර පිලිබඳවත් රෝගියාගෙන් අසා ඔහුගේ මතකයේ එය ගබඩා වීමට ඉඩ හැරියේය.
අනතුරුව රෝගියා අවම නිර්ද්‍රශීලි තත්ත්වයකට (under minimal sedation) පත් කර සැත්කම ආරම්භ කෙරුණි.
මෙහිදි අදහස් දැක්වූ වෛද්‍ය මිලාන් හේරත් ලංකාසරට මෙසේ කීවේය.

“රෝගියාව සැත්කමට ලක් කරන විට අතර මගදී අපි රෝගියාගෙන් නම වයස, ගම ආදිය කුමක්ද යන්න ප්‍රශ්න කළා. එතැනදී රෝගියා එයට නිවැරදිව පිළිතුරු දුන්නා. ඊට අමතරව අපි රෝගියාගේ මතකයේ ගබඩා කළ පොත් පිංචේ විස්තර නැවත් පොත පෙන්වා ප්‍රශ්න කළා. එවිට ඔහු නිවැරදිව එයට උත්තර දුන්නා. අංකයක් පෙන්වා ඇසූ විට එය නිවැරදිව කිව්වා. හැඩතල වර්ණ උපකරණ ආදියේ පෙන්වීමේදී ඒවා නිවැරදිව ප්‍රකාශ කළා.”
“ඒ අනුව රෝගියෝග මොළයේ සංවේදී කොටස් සංරක්ෂණය කරමින් ගෙඩිය ඉවත් කිරිමට අපට හැකි වුණා. මෙහිදී රෝගියාගේ මතකයට අමතරව අපි අත්පා වල චලනයන් නිවැරදිව පරික්ෂා කළා. ඒවා හොදින් චලනය කිරිමට ඔහුට හැකිවුණා. ඒ අනුව සැත්කම අති සාර්ථකයි කියලා වෛද්‍ය කණ්ඩාම තීරණය කළා.”
“මෙහිදි තවත් සුවිශේෂි දෙයක් සිදුවුණා ඒ තමයි රෝගියා සැත්කමට ලක්කරන විට ඔහුට අපි කොළයක් හා පෑනක් දුන්නා. ඔහු ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක් නිසා ලස්සනට අදින්න පුලුවන්. ඔහුගේ සැත්කම කරන අතර ඔහු ලස්සනට නෙලුම් මලක් චිත්‍රයට නැගුවා “
මෙම සැත්කමින් පසුදින රෝගියා කිසිදු සංකූලතාවකින් තොරව රෝහලෙන් පිටව යාමද විශේෂත්වයකි.
ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහලක පළමුවරට මෙවැනි ශල්‍යකර්මයක් සිදුකළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශයේය.
මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර් හා වෛද්‍ය මිලාන් හේරත් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගිනි.