අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගියා සමග කතා කර කර ඔහුට චිත්‍රත් අඳින දෙන ගමන් මොළයේ සැත්කමක් කළ හැටි… රෝගියා පසුදින ගෙදර යයි!

අහනකොට විකාරයක් වගේ තමයි... ඒ උනාට මේ සැත්කම කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ...

by editor
ඔක්තෝබර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන – ශ්‍රියානි විජේසිංහ –

රෝගියෙක් සමග කතා කරමින් ඔහුට පැන්සලක් කොළයක්  දී ඔහු ලවා චිත්‍රත් අන්දවන ගමන් මොළයේ සැත්කමක් සිදු කර තිබිණි.  සාමාන්‍ය මිනිස්සුවන අපට ඇහුවම විකාර වගේ සිතෙන ඒ සැත්කම සිදුවන්නේ අනුරාධපුර ශික්ෂන රෝහලේය.  ඒ සැත්කම පිළිබඳ කතාව මෙසේය. 

සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායම

වයස අවුරුදු 36ක්  වූ නොච්චියාකම රංජිත්ට හිටිහැටියේම නිතර නිතර  හිසේ කැක්කුමක් හට ගත්තේය. ඒ  සමග  මී මැස්මොරය සෑදී ඇද වැටෙන්නට වූයේය.

ඔහු හොඳ ප්‍රතිමා ශිල්පියෙකි. විටෙක  පූජනීය ස්ථානයන්ගේ පිළිම වහන්සේලා නෙළමින් සිටි ඇතැම් අවස්ථාවල ඔහු  හැටියේ බිඳ ඇද වැටුනේය. ටික කාලයක් මෙම රෝගයෙන් පීඩා විඳි රංජිත් තමන්ගේ වෘත්තිය කර ගැනීමත් කර ගත නෙහැකි තැන    අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන්නේ රෝගය කුමක්ද යන්න නිවැරදිව හදුනා ගෙන ප්‍රතිකාර ලබා ගැනීමටය. 

වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ වැඩිහිටි පුද්ගලයෙකු මී මැස්මොරය සෑදෙන්නෙ නම් එය මොළයේ කිසියම් අවදානම් තත්ත්වයක් විය හැකි බවය. මෙම රෝගියා පරික්ෂා කළ වෛද්‍යකණ්ඩායමේ මී ළග පියවර වූයේ රෝගියාව  MRI පරික්ෂණයකට යොමු කිරීමයි. මෙම පරික්ෂණයෙන් තහවුරු වූයේ රංජිත්ගේ   මොළයේ වම් කොටසේ ඉදිරිපස ගෙඩියක් තිබෙන බවය.  මොළයේ ඉදිරිපස  වම් කොටසින් සිරුරේ දකුණු කොටස පාලනය වන්නේය.  රෝගියාගේ මෙම ගෙඩිය සැත්කමක් මගින් ඉවත් කළහොත් ඔහුගේ දකුනු පැත්ත පණ නැතිවීමක් වැනි හානියක් සිදුවීමේ අවදානයක් පැවතිය හැකි බව වෛද්‍යවරු තක්සේරු කළහ.

නිර්වින්දක විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම්, නිර්වින්දක විශේෂඥ වෛද්‍ය විශාඛා කර්නර්, ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ රොහාන් ෆාරිස් සහ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුසංඛ ගෝමස් ( වමේ සිට)

මේ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ රෝගියා පූර්ණ වශයෙන් නිර්වින්දනය නොකර අර්ධ නිද්‍රාශීලී තත්ත්වයට පත්කර සැත්කම කරමින් රෝගියාගේ ශරීර ක්‍රියාකාරිත්වයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමය. මේ සඳහා ඔවුන් අනුගමනය කළේ රෝගියා සමඟ  අදහස් හුවමාරු කර ගනිමින් සැත්කම සිදුකිරිමය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍ය කණ්ඩායම මේ බව රෝගියාට මුලින්ම පැහැදිලි කර රෝගියාගේ කැමැත්ත ලබා ගත්තේය. ඒ අනුව සැත්කමට සතියක පෙර රෝගියාගේ හෘදයේ ක්‍රියාකාරිත්වය , රුධිර හා මුත්‍රා පරික්ෂාවන්, රුධිර පීඩනය ආදිය සියලුම දේවල් පරික්ෂා කර රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව සැත්කමට යොමු  කරනු ලැබුවේය.

සැත්කම සඳහා රෝගියා  අර්ධ නිද්‍රාශීලී තත්තවයට පත් කිරීමට ප්‍රථම  වෛද්‍ය කණ්ඩායම නිර්මාණය කර තිබෙන විශේෂ පොත් පිංචක් ඔහුට නිරික්ෂණය සදහා ලබා දුන්නේය.  එහි අංක, හැඩතල, විවිධ වර්ණ, විවිධ උපකරණවල රූප ආදිය ඇතුළත් කර තිබිණි.  එම පොතේ සටහන් කර තිබෙන දෑ පිලිබඳවත් ඔහුගේ පෞද්ගලික විස්තර පිලිබඳවත් රෝගියාගෙන් අසා ඔහුගේ මතකයේ එය ගබඩා වීමට ඉඩ හැරියේය.

 අනතුරුව රෝගියා අවම නිර්ද්‍රශීලි තත්ත්වයකට (under minimal sedation)     පත් කර සැත්කම ආරම්භ කෙරුණි.

මෙහිදි අදහස් දැක්වූ වෛද්‍ය මිලාන් හේරත් ලංකාසරට මෙසේ කීවේය.

සැත්කම අතර රෝගියා ඇඳපු චිත්‍රය…

“රෝගියාව සැත්කමට ලක් කරන විට අතර මගදී අපි රෝගියාගෙන් නම වයස, ගම ආදිය කුමක්ද යන්න ප්‍රශ්න කළා. එතැනදී රෝගියා එයට නිවැරදිව පිළිතුරු දුන්නා. ඊට අමතරව අපි රෝගියාගේ මතකයේ ගබඩා කළ පොත් පිංචේ විස්තර නැවත් පොත පෙන්වා ප්‍රශ්න කළා. එවිට ඔහු නිවැරදිව එයට උත්තර දුන්නා. අංකයක් පෙන්වා ඇසූ විට එය නිවැරදිව කිව්වා. හැඩතල  වර්ණ උපකරණ ආදියේ පෙන්වීමේදී ඒවා නිවැරදිව ප්‍රකාශ කළා.” 

“ඒ අනුව රෝගියෝග මොළයේ සංවේදී කොටස් සංරක්ෂණය කරමින් ගෙඩිය ඉවත් කිරිමට අපට හැකි වුණා.  මෙහිදී රෝගියාගේ මතකයට අමතරව අපි අත්පා වල චලනයන් නිවැරදිව පරික්ෂා කළා. ඒවා හොදින් චලනය කිරිමට ඔහුට හැකිවුණා. ඒ අනුව සැත්කම අති සාර්ථකයි කියලා වෛද්‍ය කණ්ඩාම තීරණය කළා.”

“මෙහිදි තවත් සුවිශේෂි දෙයක් සිදුවුණා ඒ තමයි රෝගියා සැත්කමට ලක්කරන විට ඔහුට අපි කොළයක් හා පෑනක් දුන්නා. ඔහු ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක් නිසා ලස්සනට අදින්න පුලුවන්. ඔහුගේ සැත්කම කරන අතර ඔහු ලස්සනට නෙලුම් මලක් චිත්‍රයට නැගුවා “

මෙම සැත්කමින් පසුදින රෝගියා කිසිදු සංකූලතාවකින් තොරව රෝහලෙන් පිටව යාමද විශේෂත්වයකි. 

ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහලක පළමුවරට මෙවැනි ශල්‍යකර්මයක් සිදුකළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ  ස්නායු ශල්‍ය අංශයේය.  

මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර්  හා වෛද්‍ය මිලාන් හේරත් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගිනි. 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරාදයි… උඹලා පිච් එක මැද දාන ජින්තුපිටියේ ඩාන්ස්  ක්‍රිකට් එපා කරන සුළුයි….

Next Post

ඊශ්‍රයාලයේ අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.