බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොනී දිවි සැරියෙන් සමුගනී!

by editor
පෙබරවාරි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ හිටපු මුදල් ඇමති රොනි ද මෙල්  අභාවප්‍රාප්ත වි ඇත. අභාවප්‍රාප්ත වනවන විට ඔහු 98 වැනි වියේ පසු වූයේය.

ලාංකේය දේශපාලකයෙක් මෙන්ම සිවිල් සේවකයෙක් වූ  රොනී ද මෙල් උපත ලබන්නේ වර්ෂ 1925 අවුරුද්දේ අප්‍රේල් 11 වැනිදා ය . කොළඹ ශානත් තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවේය.

රොනී  වෘත්තීය   සිවිල් සේවකයෙකි. ඔහු සිවිල් සේවයට සම්බන්ධ වන්නේ මේ රටට නිදහස ලැබුණු 1948 අවුරුද්දේය.  කර්මාන්ත දෙපාර්තමේන්තුව, වව්නියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව වැඩ කළ රාජකාරි ඉතිහාසයක් ඔහු සතුය.

1950 දී කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශයේ වැඩබලන සහකාර ලේකම් රොනීය.   1952 දී කම්කරු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස ඔහු පත් වුනේය.  දකුණු පළාතේ දිසාපතිවරයාගේ මාතර සහකාර දිසාපති තනතුරට පත් වන්නේ ඉන් අනතුරුය.. ඉන්පසු ඔහු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස කටයුතු කළේය.

රොනී ද මැල්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ වර්ෂ  1964 දී ය.   ලංකා පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වී රොනී දේශපාලනයට පිවිසෙන්නේය.  ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙනි.    මුල්ම ඡන්ද සටන  1965 දීය.  1965 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිබිල ආසනයට ඉදිරිපත් වූ රොනී එහිදී  එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ධර්මදාස බණ්ඩා   අතින් පරාජයට පත් වන්නේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අනතුරුව ඔහු 1970 මහ මැතිවරණයට දෙවිනුවර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.  රොනී ද මැල් ප්‍රකට ව සිටියේ දේශපාලනික පිල් මාරු කිරිමට වැඩි කැමැත්තක් දක්වන දේශපාලන චරිතයක් හැටියටය.  ඒ දවස්වල  සාමාන්‍ය ජනයා ඔහුට පනී ද පිල් කියාත් කීවේය.

කෙසේ වෙතත් 1977 මහ මැතිවරණයේදී රොනී දෙවිනුවර ආසනයට ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව,  එක්සත් ජාතික පක්ෂයෙනි.  රොනී  දෙවිනුවරෙන් නැවත තේරී පත් වූ අතර ජේ.ආර්. ඔහුව  මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන කරන්නේය.

රොනී එවක එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් සමග…

වර්ෂ 1977 සිට 1988 දක්වා කාලය තුළ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආන්දෝලනාත්මක මුදල් ඇමතිවරයා රොනී ද මෙල්ය. මේ වකවානුව රටේ ආර්ථිකමය සහ දේශපාලන සංකල්පමය වශයෙන් පරිවර්තනීය අවධියකි.  මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගිනි.  කළු ජූලිය වැනි සමාජ ව්‍යසන ඇති විය. රටේ යුද්ධයත් දකුණේ කැරැල්ලත් නිර්මාණය විය. මේ සංකීර්ණ කාල පරිච්ඡේදය තුළ ඔහු කැපී පෙනෙන දේශපාලන භූමිකාවක් රඟ දැක්වූයේය.

ශ්‍රි ලංකාවේ නිදහස් වෙළෙඳපල ආර්ථිකය ස්ථාපිත කිරීම සඳහා මූලික මෙහෙවරක් කළ රොනී ද මෙල්  ජේ.ආර්. ජයවර්ධනගේ දෙවැනි ධූර කාලය අවසන් වීමෙන් පසුව 1988 ජනවාරි මාසයේදී   මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.   රට හැර ගිය  රොනී නැවත ලංකාවට එන්නේ   1993 දී  ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ   අභාවයෙන් පසුවය.

1994 මැතිවරණයේ  දී ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2000 මහ මැතිවරණයේදී සහ 2001 මහ මැතිවරණයේදී ඔහුගේ ආසනය රඳවා ගනිමින් මාතරින් මැතිවරණ ජයග්‍රහණ කළේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් ලෙස අනතුරු වකවානුවල ඔහු කටයුතු කර ඇත.

මේ ප්‍රවීන දේශපාලනඥයාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ඝාතකයා වහාම නීතිය ඉදිරියට පමුණුවන්න… දැන් අපට අප ගැන තියෙන්නේ අනාරක්ෂිත හැඟීමක්! මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිස්පතිට කියති!

Next Post

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.