සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රේස්කෝස් එකේ කෘතිම හොකී ක්‍රීඩාංගනය ඡන්දෙට පෙර නිමා කරන්න කරන බලපෑම් නිසා සිදුවන ජාතික අපරාධය විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ධනය යොදවමින් කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරග පිටියේ මේ වනවිට නවීකරණය වෙමින් ඇති කෘතිම හොකී ක්‍රීඩාංගනය මැතිවරණයට පෙර විවෘත කිරීම සඳහා එම ඉදිකිරීම්වල ප්‍රමිතිය බරපතල ලෙස ව්‍යසනයට ලක් කරමින් අදාල ඉදිකිරිම් කඩිනම් කරන ලෙස කොන්ත්‍රාත්කාර විදේශ සමාගම වෙත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කර ඇතැයි ද එම කඩිනම් කිරීම අනුව කොන්ත්‍රාත්කාර සමාගම මේ වනවිට අදාල ප්‍රමිතිය නොසලකා ඉදිකිරීම් කරමින් ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

විපක්ෂ නායකවරයා පැවසුවේ මෙසේය.

එක්ස්ෆෝල් කොන්ක්‍රීට් යොදන්නට ඕන. ඉන් උඩින් ෂොක් ෆෑඩ් අන්ඩර් ලේයර් එකක් යොදවන්න ඕන. සාමාන්‍යයෙන් ක්‍රීඩාංගනයක් සකස් කිරීමේ දී මුලින් යෙදූ එක්ස්ෆෝල් කොන්ක්‍රීට් එක දින 20ක් තබා ගත යුතුයි. එසේ වියලි භාවයෙන් තබා ගැනීම සිදුනොවුනහොත් මෙම ඉදිකිරීමේ පැවැත්ම සහ කාර්ය සාධනය සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා.

එක්ස්ෆෝල් කොන්ක්‍රීට් දාලා තියෙන්නේ 2024.07.31 වැනිදා. අඩුම ගානෙ දින 20ක් තැබූ විට ෂොක් පෑඩ් අන්ඩර් ලේයර් එක යෙදීමට නියමිතව තියෙන්නෙ අගෝස්තු මාසයේ 19 හෝ 20 වැනි දිනයක.

නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බැලපෑම මත මේ වනවිට මේ ෂොක් පෑඩ් අන්ඩර්ලේයර් එක යොදන්න ආරම්භ කරලා තියනවා. ඒකට හේතුව මේ හොකී පිච් එක 15ට කලින් විවෘත කරන්න.

ඡන්දයක් ඉදිරියේ ඡන්දය සඳහා ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රමිතිය විනාශ කරමින් ජාතික ධනය ව්‍යසනයට ලක් කර ජාතික තලයේ ව්‍යාපෘතියක් අවභාවිතා කිරීම බරපතල අපරාධයක් බවත්, මේ වැරදි නොකරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් සහ සභානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂවරයාට කියන්න මේ වැරදි වැඩ කරන්න එපා කියලා. මම හිතන්නේ නෑ ඔබ තුමන්ලා දෙන්නවත් මේව අනුමත කරනවා කියලා. මා මේ හෙළිදරව්ව කරන්නේ වගකීමකින්.”

විපක්ෂ නායකවරයා පැවසුවේය. සභානායක සුසිල් ප්‍රේමජයන්ත කීමේ මේ සම්බන්ධව වහාම ක්‍රීඩා අමාත්‍යාංශයට දන්වා එම කටයුතු නිසි ආකාරයෙන් සිදුකරන ලෙස උපදෙස් දෙන බව සභානායකවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් මිනිස් ඇට සැකිලි ගැන හොයන්න වසා දැමූ මන්නාරම සතොස සමූහ මිනීවළ අවට ස්කෑන් පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් නියෝගයක්!

Next Post

සජබෙන් පන්නා දැමූ හරින්ට සහ මනුෂට ස්තුති කරමින් කාංචන ට්විටර් සටහනක් තබයි…

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.