බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ “වෙන්ඩ ගුරුවරු“ මරා ගනිති… 12ක් කරාපිටිය රෝහලේ….

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතියට ගුරුවරුන් දායාද කරන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් වූ  ගාල්ල, අක්මීමන, රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ ගුරුවරුන් ලෙස ශික්ෂණ ලබන දෙපිරිසක් අතර  අතර ඇති වු ගුටිබැට හුමාරුවකින් විද්‍යා පිඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශික්ෂණලාභී ගුරු ශිෂ්‍යයින් 12 දෙනෙකු  තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි.

මෙවර රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ    සීමාවාසික පුහුණුව ලබමින් සිටි ශික්ෂණ ලාභී ගුරු සිසු  කණ්ඩායමේ  සීමාවාසික පුහුණුව මෙම මස 30 වැනි දින අවසන් වේ. එම පුහුණුව  අවසන් කර මෙම කණ්ඩායම ගුරුවරුන් ලෙස පත්වීම් ලැබීමට  නියමිතව ඇත.

ඒ වෙනුවෙන් එම සීමාවාසී කාලය නිමා කර ගුරු පත්වීම් ලැබීම සඳහා සූදානමින් සිටින  කණ්ඩායම විසින්  ඊයේ (26) රාත්‍රි  පිටත වෙනත් ස්ථානයක මත්පැන් සාදයක් සංවිධානය  කොට තිබු බව පොලිසිය පවසයි. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක මූලික හරයම උල්ලංඝණය කරමින් මෙම මත්පැන් සාදය සංවිධානය වී තිබේ.

එම සාදයෙන් පසු බිමත්ව සිටි  හතලිහක, පනහක පමණ   ශික්ෂණලාභීන් පිරිසක් අද (27) අළුයම පළමු වසරේ ශික්ෂණ ලාභී ගුරුශිෂ්‍යයන්  රැඳී සිටින නේවාසිකාගාරය වෙත කඩාවැදි ඇත.

එහිදී පළමු වසරේ ගුරුශිෂ්‍යයන්ව මොවුන්ගේ ග්‍රහණයට ගෙන ඇත.  සිමාවාසික ශික්ෂණ ලාභී ගුරුවරු  විසින් පළමු වසරේ ගුරුශිෂ්‍යයන්ගේ  ජංගම දුරකථනද ලබාගෙන ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නේවාසිකාගාරය සම්බන්ධයෙන්   මෙහිදි  දෙපාර්ශවය අතර  බහින් බස්වීමක් ඇති වී  එය ගුටිබැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සි ඇති බව පොලිසිය පවසයි.

මෙහිදි අවසන් වසරේ සීමාවාසික  පුහුණුව අවසන් කිරිමට  නියමිතව සිටි ගුරුශිෂ්‍ය පිරිස විසින් පහරදිම  නිසා පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි  ශික්ෂණලාභී ගුරු සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.

පසුගිය කොවිඩි සමයේ දි සීමාවාසික  පුහුණුව ලබමින් සිටි ගුරුසිසුන්ට නේවාසිකාගාරවල රැඳී සිටිමට අවස්ථාව ලැබි නොතිබුණි. මේ නිසා දැනට නේවාසිකාගාරවල රැඳී සිටින පළමු වසරේ ගුරුසිසුන්  සමග මෙම පාඨාමාලව අවසන් කරමින් සිටින සිමාවාසික ගුරුසිසුන් තරහින්  සිට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

මේ නිසා සාදයේ දී බිමත්ව සිටි සිමාවාසික ගුරුසිසුන්  නේවාසිකාගාරයට කඩාවැදී පළමු වසරේ ගුරුසිසුන්ට  පහරදි ඇත.

මේ පිළිබඳ පළමු වසරේ ගුරුසිසුන්  උප  පිඨාධිපති එච්.ඩි සරත්   වෙත පැමිණිලිකොට ඇත. පසුව  නියෝජ්‍ය පිඨාධිපති  විසින් පහරකෑමට ලක්වු ගුරුසිසුන්ගේ ප්‍රකාශ සටහන්කරගෙන  එම ගුරුසිසුන්  රෝහල්ගත කිරිමට කටයුතු කර තිබුණි.

පසුව ඔහු මේ පිළිබද අක්මිමන පොලිසියට පැමිණිලිකොට   ඇත.  තමන්ට අද (27) අළුයම 5.00ට පමණ විද්‍යාපිඨයේ  නේවාසිකාගාරය තුළ ගැටුමක් ඇති වි තිබෙන බවට වාර්තා වු බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

පසුව තමන් අද උදෑසන  නේවාසිකාගාරය වෙත ගොස්  පහරකෑමට ලක්වු ගරුසිසුන් සමග කථාබස් කළ බවත් සිමාවාසික ගුරුසිසුන් පිරිසක්  පැමිණ  ආරවුලක් ඇතිකරගත් බව එම සිසුන් ප්‍රකාශ කළ බවත් උප පිඨාධිපතිවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන්පසු පහකෑමට ලක්වු ගුරුසිසුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන රෝහල්ගත කිරීමට පියවරගත් බවද උප   පිඨාධිපතිවරයා විසින්  පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අක්මීමන පොලිසිය විසින් රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ පිඨාධිපතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. අක්මිමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මේ සම්බන්ධව  විද්‍යාපීඨ ගුරු අධ්‍යාපනඥයන් පවසන්නේ කොවිඩ් වකවානුව තුළ බඳවා ගත් මෙවර සීමාවාසී පුහුණුව නිමා කරන ගුරු ශිෂ්‍ය කණ්ඩායම  තුන් අවුරුදු පාඨමාලාවේ වසර දෙකක ශික්ෂණ කාලයෙන් මාස තුනක්වත්   විද්‍යා පීඨ තුළ නොසිටි  බවය.

ගුරුවරයෙක් ලෙස ශික්ෂණය ලැබීමේ දී විද්‍යා පීඨයක් තුළ ලබන ශික්ෂණය මෙම කණ්ඩායම නොලැබීම බරපතල ගැටලුවක් වන බවට සිදුකළ පුරෝකථන මෙවැනි සිද්ධිවලින් ප්‍රකට වන බවද ඔහුවු පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල් මම හිට්ලර් කියනකොට අපිට හිනා යනවා… අන්තිමට හිටර් මළේ වෙඩි තියාගෙන… අනුර කියයි!

Next Post

අද මිනුවන්ගොඩ නගරයේ උද්ඝෝෂණයක්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.