මිනුවන්ගොඩ නගර මධ්‍යයේ අද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නිහඬ විරෝධතාවයක් පැවැත්විනි.
එම විරෝධතාවයේ නිරත වූ පිරිස් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තම ජීවිත පීඩාව ප්‍රකාශ කරමින් සිටියහ.
පාසල් උපකරණවල මිල අඩුකරනු, නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට අත නොතබනු, බඩුමිල, බදු බර උහුලන්නට බෑ… ජනතාවනි සටන් වදිමු, විශ්‍රාම වැටුප් නැවැත්වීමේ උත්සාහ පරදවමු වැනි සටන් පාඨ එම පිරිස අත විය.
මේ එම උද්ඝෝෂණයේ අවස්ථාවකි..