රුසියාව විසින් හීලියම් සහ නියොන් ඇතුළු වායු අපනයන කිරීම නවතා දැමීමට තීරණය කරනු ලැබ තීබේ. ඒ අනුව මේවන විට ලෙව පුරා මයික්‍රෝ පරිපථ නිෂ්පාදනය ඇන හිටීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවටද වාර්තාවේ. මෙලෙස මයික්රෝක පර්පථ නිෂ්පාදනය ඇණ හිටීම ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, නෙදර් ලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක නිෂ්පාදන කටයුයතු වලට අහිතකර ලෙස බලපෑමේ හැකියාවක්ද පවතින බවට විදෙස් මාධ්යල වාර්තා සඳහන් කරයි.
රුසියාවේ මෙම තීරණයට හේතුවී ඇත්තේ බටහිර රටවල් විසින් එරටට අධර්සන්නායක සැපයීම සීමා කිරීමට ගත් තීරණයට ප්රසතිචාර දැක්වීමක් ලෙසයි.
කෙසේවෙතත් රුසියාව විසින් අපනයන කරනු ලබන හීලියම් සහ නියොන් වායු නොමැතිව බොහොමයක් රටවලට ඉලෙක්ට්රෝුනික උපකරණ නිපදවීම දැඩි අභියෝගයක් වී ඇති බවද වාර්තාවේ.
ගෝලීය වෙළෙඳ පොලේ නියොන් වායු අවශ්යපතාවෙන් සියයට 30ක්ම සපයනු ලබන්නේ රුසියාව විසින් වන බැවින් රුසියාවෙ මෙම තිරණය ගෝලීය නිෂ්පදනය කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල කිරීමට හැකියාව පවතී. එහිදී මෝටර් රථ සිට ජංගම දුරකථන දක්වා නිෂ්පාදන වලට මෙම තීරණය බලපෑමට හැකියාවක් පවතින බවද විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.
ඒ අනුව රුසියාව තමන්ට අර්ධසන්නායක ලබාදෙන්නේ නම් මෙම වායු ඊට ප්රකතිචාර වශයෙන් ලබාදීමට කටයුතු කරන බව රුසියානු කර්මාන්ත සහ වෙළෙඳ අමාත්යං්ශය සඳහන් කර තිබේ.
මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් මයික්‍රෝ පර්පථ නිෂ්පාදන සිදුකරනු ලබන රටවල තම අමුද්රකව්යී ආනයන කිරීම විවිධාංගීකරණය කරන ලෙසටද දැණුම් දි තිබිණි.







