ශ්‍රි ලංකාවට ආහාර සහ ඖෂධ ලබාදෙන ලෙසට ලෝකයේ සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය සැරසෙයි. ඒ අනුව එකසත් ජාතීන් විසින් විසින් එළැඹෙන 8 වැනිදා එම ජාත්‍යන්තර ඉල්ලීමක් කිරීමට නියමිත බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.
ජගත් සංවිධානයේ ආයතනය කිහිපයක ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඉකුත් සිකුරාදා දිනයේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලීම කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා විසින් එක්සත් ජාතින්සේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ නියෝජිතවරයා සහ එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජ්යන නියෝජිත සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී මෙරට පවතින ආහාර හිඟය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුව තිබේ.
මෙම සාකච්ඡාවලදී විකුමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් තමන් දකින ආකාරයට දැඩි ආහාර හිඟයක් ඇතිවීමෙ අවදානමක් ඇති වී ඇති බවත් ඒ වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් විසින් විශේෂ වැඩසටහන් දියත් කරනු ලැබ ඇති බවත් සඳහන් කර ඇති අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය හිමිවීමට එකඟතාව පළකර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.
මෙහිදී මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය සන්ඩේ ටයිමිස් පුවත්පතට පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමඟ පසුගිය මැසි මස 09 වැනිදාද අංශ කිහිපයක් ඔස්සෙ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉදිරියේදී අවශ්‍ය මානූෂිය සහන ලබාදීමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධාය විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් දානපතියන් ශ්‍රි ලංකාවේ නාගරික කෘෂි වැඩසටහන් වලට සහය දීමට ඉදිරිපත්ව ඇති බවත්ය.