බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු කොවිඩ් එන්නත ගැන ලංකාව අසයි

Russia claims success rate is 91.4 percent

by Lanka Sara Editor
ජනවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ.

ස්පුට්නික්-V එන්නත ලොව ලියාපදිංචි කළ පළමු කොවිඩ්-19 එන්නත වන අතර, එය දැනට එහි තුන්වැනි සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරෙහි පවතී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව තහවුරු කර තිබේ. මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණ.

ලොව වටා කොවිඩ්-19 එන්නත් පිළිබඳ අවසාන අත්හදා බැලීම්, පර්යේෂණ හා ලියාපදිංචි කිරීම් පවතින අතරතුර දී, වයිරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික සහ රුසියානු විශේෂඥයින් මෙන්ම ඉහළ පරිපාලකයින් ද මෙලෙස රැස්වී රුසියානු ගමලේයා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද ස්පුට්නික්-V එන්නත පිළිබඳව සාකච්ඡා කළහ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

වෛරසයේ වෙනස්වීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ දී කරන ලද පර්යේෂණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.

අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය.

මෙම වසංගතය හමුවේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, දෙරටේ සෞඛ්‍යය හා සම්බන්ධ ආයතන අතර සබඳතා පුළුල් කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් විසින් නියෝජනය කරන ලදී.

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් ලෙස, ජාත්‍යන්තර සහයෝගීතා හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සර්ජි මුරවියොව් මහතා, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක සර්ජි ග්ලැගොලෙව් මහතා සහ තවත් අය මෙම රැස්වීමට සහභාගී වූහ.

වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මහතා, විද්‍යාත්මක සහකාර දාර්යා යෙගොරෝවා මහත්මිය සහ තවත් අය විසින් එම ආයතනය නියෝජනය කරන ලදී.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෙම රැස්වීමේ මුලසුන හෙබවූ අතර, තානාපති කාර්යාලයේ අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ද එතුමා සමඟ එක්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පාලනයට පත් කළ හමුදා නායකයන්ට ජනාධිපති කාර්යාලයන් වගකීම් ලයිස්තුවක්

Next Post

ඉතිහාසයේ වේගවත්ම ධනවතා වූ චීන පත්තරකාරයා

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.