කොවිඩ් මර්දනය සදහා භාවිත කරන ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කරයි.
ස්පුට්නික් වී එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ රුසියාවයි.
ඊයේ දිනයේ චීනයේ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක පරිත්‍යාගයක් ද ලැබී තිබුණි.
ඒ මීට පෙර චීනය පරිත්‍යාග කළ සිනෝෆ්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ට අමතරව ය.