ලලිත් චාමින්ද –
ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්තේ වතුයායේ රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කළ වතුයායේ සේවකයින් දෙදෙනෙකුට පවරා ඇති නඩුවෙන් වැවිලි සමාගම පරාජය වී ඇති අතර නඩු කටයුත්ත අවසන් වනවිට සමාගමට රුපියල් ලක්ෂ 274ක මුදලක් වැයවී ඇති බැවත් පොදු ව්‍යාපාර පිළබඳ කාරකසභා රැස්විමේ දී අනාවරණය විය.
2017 වර්ෂයේ දි රත්වත්තේ වතුයායෙන් ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට හා මුරකුරුවෙකුට ඇල්කඩුව වැවිලි සමාගම විසින් මාතලේ අධිකරණයේ නඩුඅංක 39/32/2017 යටතේ නඩු පවරා තිබුණි.
මෙම නඩුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම පරාජය වී තිබු අතර එම නිසා එක් සේවකයෙකුට රුපියල් 5,34000ක හා අනික් සේවකයාට රුපියල් 8.58000ක මුදලක් වන්දි මුදලක් ගෙවීමට සමාගමට සිදුවුනේය. ඔවුන්ගේ නිතිඥ ගාස්තු වශයෙන් රුපියල්135000ක මුදලක් ගෙවා ඇති බව ද පොදු ව්‍යාපාර කමිටු රැස්විමේ දි අනාවරණය විය.
සොරකම් කරණු ලැබු රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02 වෙනුවෙන් පවරණු ලැබු නඩු කටයුතු වසර 6ක් තිස්සේ පවත්වාගෙන ගොස් අවසන් වනවිට ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් ලක්ෂ 274 ක මුදලක් වැයවි ඇති බව මෙම කමිටුවේ දි අනාවරණය විය.
පොදු ව්‍යාපාර කමිටු රැස්විම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.