බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රීෂී සුනක්… ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ හින්දු ඇගමැති රිෂී සුනක් කවුද?

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Rishi-Sunak
Share on FacebookShare on Twitter

බීබීසී –

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික මෙන්ම හින්දු අගමැතිවරයා ද වේ.සුනක් 1980 දී සවුත්හැම්ප්ටන් හි උපත ලැබූවේය.  ඔහුගේ පියා ජීපීවරයෙකි. ඔහුගේ මව ඇගේම ඔසුසලක් පවත්වාගෙන ගියාය.

Rishi-Sunak
රිෂිගේ මව උෂා ඔහුගේ සහෝදරයා වන සංජය සහ සහෝදරිය වන රාඛි සමඟ වන පවුලේ ඡායාරූපයක්

සුනක්ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට පැමිණි අතර ඔවුන් දෙදෙනාම ඉන්දියානු සම්භවයන් සහිත තැනැත්තන්ය.

ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ වර්තමානයේ කෙන්යාවේ වන අතර ඔහුගේ මව උපත ලැබුවේ ටැන්ගානිකාහි දීය. (පසුව එය ටැන්සානියාවේ කොටසක් බවට පත් විය).

ඔහුගේ සීයාවරුන් ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ අතර 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකාවේ සිට ඔවුන්ගේ පවුල් සමඟ එක්සත් රාජධානියට සංක්‍රමණය වූහ.

අප්‍රේල් මාසයේදී ඔහුගේ බිරිඳ බදු ඉතිරි කිරීමේ ක්‍රමයකින් ප්‍රතිලාභ ලබා ඇති බව පෙනී යාමෙන් පසු සුනක්ට තම පවුලේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් චෝදනා රහිතව පැමිණෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය.

2009 දී සුනක් ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන එන්.ආර් නාරායන මූර්තිගේ දියණිය වන අක්ෂාතා මූර්ති සමඟ විවාහ විය. නාරායන මූර්ති තාක්ෂණ සමාගමක් වන Infosys හි නිර්මාතෘ මෙන්ම ඉන්දියාවේ ධනවත්ම පුදගලයින් දසදෙනාගෙන් කෙනෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම යුවළට ක්‍රිෂ්ණා සහ අනුෂ්කා යනුවෙන් දියණියන් දෙදෙනෙක් සිටියි.

2001 සිට 2004 දක්වා, සුනක් ගෝල්ඩ්මන් සැක්ස් හි මූල්‍ය විශ්ලේෂකයෙකු වූ අතර පසුව හෙජ් අරමුදල් දෙකක හවුල්කරුවෙකු විය.

ඔහු රටේ ධනවත්ම මන්ත්‍රීවරයෙකු ලෙස සැලකෙන නමුත් ඔහුගේ වටිනාකම කොපමණ දැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

2015 සිට ඔහු යෝක්ෂයර් හි රිච්මන්ඩ් වෙත කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයා වූ අතර තෙරේසා මේගේ රජයේ කනිෂ්ඨ අමාත්‍යවරයෙක් බවට පත්විය.ඇයගේ අනුප්‍රාප්තිකයා වූ බොරිස් ජොන්සන් විසින් පසුව ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් බවට පත් කළේය.

වසංගතය අතරතුර චාන්සලර්වරයා ලෙස

රිෂි සුනක් කොරෝනා වසංගතය ප්‍රකාශයට පත් කිරීමට සුළු කලකට පෙර මෙම තනතුරට පත්විය

සුනක් 2020 පෙබරවාරි මාසයේදී චාන්සලර්වරයා බවට පත් වූ අතර සති කිහිපයක් ඇතුළත වසංගතය හා ලොක් ඩවුන් ආරම්භ වීමත් සමඟ එක්සත් රාජධානියේ ආර්ථිකය මෙහෙයවීමට ඔහුට සිදු විය.

බල අරගලයකින් පසු සජිඩ් ජාවිඩ් චාන්සලර් ධුරයෙන් ඉවත් වූ අතර සුනක්ගේ ඔහුගේ තනතුරට පත්විය.

කොරෝනා වසංගතය ආර්ථිකයේ විශාල කොටස් වසා දැමීමට බල කිරීමෙන් පසු මිලියන 11.6 ක කම්කරුවන්ට වැටුප් ගෙවීමට උපකාර කළ රජයේ සැලැස්මක් වන ෆර්ලෝ යෝජනා ක්‍රමයේ සාර්ථකත්වයට ඔහුට ගෞරවය හිමි වේ.

කොවිඩ් වසංගතය අතරතුර රිෂි සුනක් බ්‍රිතාන්‍ය මහජනතාවට පිටතට ගොස් අහාර ගැනීමට හා සත්කාරක ආයතන සඳහා සහාය වීමේ ව්‍යාපාරයක් දිරිමත් කළ අතර එව  ආසාදන වැඩිවීමේ රැල්ලකට හේතු විය.

කොවිඩ් ආසාදන අනුපාතය ඉහළ නැංවීමට එමඟින් ඉඩ ඇති වූ බවට වාර්තා වුවද, එක්සත් රාජධානියේ ලොක් ඩවුන් ඉවත් කිරීමෙන් පසු අවන්හල් සහ බාර් වෙත යෑමට මිනිසුන් දිරිමත් කළ මහජනතාවට පිටතට ගොස් අහාර ගැනීමට හා සත්කාරක ආයතන සඳහා සහාය වීමට ගෙනා “Help Out To Eat Out”යෝජනා ක්‍රමය ගැන තමා ආඩම්බර වන බව ඔහු පසුව පැවසීය.

දෙවන වර පෑදුණු වාසනාව

ලිස් ට්‍රස් මිට පෙර එක්සත් රාජධානියේ අග්‍රාමත්‍ය ධුරයට පත්වීමේදී සුනක් පරාජය කළ අතර දැන් ඔහු එම තනතුරටම නැවත පත්ව තිබේ.

ජූලි මාසයේදී බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු ගිම්හානයේදී සුනක් එක්සත් රාජධානියේ අගමැති වීමට අසාර්ථක ව්‍යාපාරයක් කළේය.

එකල ඔහු මූලික වශයෙන් අවධානය යොමු කළේ එක් කරුණක් කෙරෙහි ය: එනම් එක්සත් රාජධානියේ ආර්ථිකයේ නරක අතට හැරීම සහ එය නිරාකරණය කිරීමට ඔහුගේ සැලැස්මයි.

Richi-Sunak
රිෂි සුනක් එක්සත් රාජධානියේ පළමු ලොක් ඩවුන් කාලය තුළ බීබීසීයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නිපදවන ලද හාස්‍යෝත්පාදක වැඩසටහනක් වන ‘බිග් නයිට් ඉන්’ සඳහා සහභාගී වෙමින්

ඔහු තම පැරණි නායකයාගේ පසු නායකත්වය ගැනීමට වූ ප්‍රියතමයා වුවද, ටෝරි සාමාජිකයින්ට එය ඒත්තු ගැන්වීමට ඔහු අපොහොසත් විය. අවසානයේදී ඒ සඳහා සැප්තැම්බර් මාසයේදී ලිස් ට්‍රස් පත් වුයෙන් ඩව්නිං වීදියට ඇය යැවිණි.

Richi-Sunak
සුනක් ජුනි මාසයේදී දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි උත්සවය සඳහා මහා අයිටන් ගම්මානයේ උත්සවය නිල වශයෙන් විවෘත කරමින්

ආණ්ඩුවේ අවුල් සහගත මාස කීපයකට පසුව බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව නම් නව අගමැතිවරයකු එක්සත් රාජධානියට නව ආරම්භයක් සනිටුහන් කරනු ඇති බවයි.

එක්සත් රාජධානියේ බොහෝ දෙනෙකු මේ වන විට ජිවන වියදම සමඟ අරගලයක යෙදෙන අතර යුක්රේන යුද්ධයද උග්‍ර වෙමින් පවතියි.

Richi-Sunak
නායකත්වය සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර තේල්ස් ආරක්ෂක පද්ධතිය වෙත ගිය අවස්ථාවේදී යුක්රේනයට සැපයූ ආයුධ වලට සමාන ටැංකි නාශක දියත් කිරීමේ යන්ත්‍රයක් බලමින්.
Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝලීය ත්‍රස්වාදියෙකු අසාදු ලේඛණ ගත කිරීමට චීනය හරස්වෙයි

Next Post

“අයන් මෑන්ලා“ යාලේ කළ “බලු වැඩේ“ අද තිස්සමහාරාම අධිකරණයට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.