සෞඛ්‍ය ඇමති ධූරය හැර වෙන කිසිම ඇමති ධූරයක් භාර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න එකඟතාවය පල කර නැතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ අනුව රාජිත සේනාරත්න ඇමති ධූරයේ දිවුරුම් දීම තව දුරටත් කල් යන බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සෞඛ්‍ය ඇමති ධූරයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ඉවත් නොවීම හේතුවෙන් වෙනත් අමාත්‍ය ධූරයක් සඳහා කැමැත්ත දෙන ලෙස රාජිත සේනාරත්නට යෝජනා කර ඇත.
නමුත් මෙතෙක් රාජිත සේනාරත්න ඔහු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් බලා සිටිය ද ඔහු අද දිනයේ ධූරයෙන් ඉවත් වූයේ නැත.
එබැවින් රාජිත සේනාරත්නට අද ඇමති ධූරයේ දිවුරුම් දීමට නොහැකි වි තිබේ.
කෙසේ වෙතත් නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරය රාජිත සේනාරත්නට ලබා දෙන බව පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.
මේ ලිපියත් කියවන්න…