රාජ්ය සේවකයන්ගේ විශ්රාම ගන්වන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අද අයවැයෙන් යෝජනා වුනේය.
රාජ්ය සේවයේ 55න් විශ්රාම ගැන්වීම තවත් වසර 05ක් තෙක් දීර්ඝ කර 60 දක්වා නියම කළේ ඊයේ ( 11) දිනයේ දී ය.
අද අයවැය යෝජනාවක් ලෙස 60 දක්වා වූ විශ්රාම ගැන්වීමේ වයස 65 දක්වා දීර්ඝ වුනේය.
මුදල් ඇමතිවරයා කීවේ තරුණය බයවිය යුතු නැති බවත්, නව බඳවා ගැනීම් පටිපාටිය දිගටම සිදුවන බවත්ය.
විශ්රාම වැටුප් ගෙවීම පිළිබඳව ප්රශ්නයක් රට තුළ නිර්මාණය වෙද්දී එයට විසඳුමක ලෙසත්, රාජ්ය සේවය ප්රමාණාත්මකව කෙටි කාලීන පාලනයකට ලක් කිරීමත් මෙම අයවැය යෝජනාවේ බලාපොරොත්තුවක් බව පැවසේ.







