බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ ගෝලයන් ජල ගැලුම් රක්ෂිතයේ පරිසර අපරාධයක!

කිසිම රාජ්‍ය නිලධාරියෙකුට වලංගු නෑ... දේශපාලන හයිය ඉහට ගහලා...

by editor
පෙබරවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පුද්ගලික ලේකම්වරුන් යැයි කියා ගන්නා පුද්ගලයින් දෙදෙනෙක්   මනම්පිටියේ සිට  කරපොල දක්වා  කිලෝමීටර් 44 ක් දුරට අලි  අගල් කපන මුවාවෙන් දැවැන්ත  වැලි  හා පස් ජාවාරමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි වාර්තා වේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ උපදෙස් නොතකා, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව මෙම වැලි ජාවාරම සිදු කරන කරමින් ඇත.

වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානයකගේ දැනුම්වත්භාවය සහිතව සිදුවන මෙම ජාවාරමේ දී අඩි දහයක්  යටට අගල කපා එම වැලි හා පස් සෝදා විකිණීම සිදුකරනු ලබයි.

අඩි දහයක් යටට කපන වලවල් වලට වැටී ප්‍රදේශයේ වන සතුන්ගේ ජීවිත  අනතුරට පත්වන බව ද පරිසරවේදීන් , මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශ්වාසීහු සඳහන් කරති.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට යාබදව මනම්පිටියේ සිට සිංහපුර දක්වා ජාවාරම්කරුවන් විසින් අලි අගල ලෙස හඳුන්වන මෙ වළවල් කැපීම හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් කණුවලට සහ පොලොන්නරුව මඩකළපුව  දුම්රිය මාර්ගයේ මනම්පිටිය මහවැව දක්වා දුම්රිය මාර්ගයට බරපතළ හානි  සිදුවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු පෙන්වා දෙති.

අප මේ පිළිබඳව එම භූමියභාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  නිලධාරීන් ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තම උපදෙස් නොතකා වැලි ලබා ගැනීමේ මුවාවෙන් එම   ජාවාරම්කරුවන් විසින් මේ අපරාධය සිදුකරන බවය.

මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ගේ  අවධානයට ලක් කිරීම්ට කටයුතු කරන බවත් එම නිලධාරීහු කීහ.

මෙම පරිසර විනාශයට මෙන්ම වැලි ජාවාරමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන එය අත්හිටුවීමට ක්‍රියා නොකළහොත් ප්‍රදේශයේ ඇළවේලි පද්ධති ඛාදනය වී ජල උල්පත් සිඳී යාමත්, බීමට ජල පොදක් නොමැතිවීමත්  සතා  සිව්පාවුන් දැඩි අසීරුතාවට පත්ව ආහාර හා බීමට ජලය සොයා ගම්වැදීමෙන්   ජනතාවගේ ජීවිත දැඩි අවදානමට ලක් වන බවත් ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.

දේශපාලන මැදිහත්වීම් මත සිදුවන මෙම වැලි ජාවාරම නිසා සිදුවන පරිසර හානියත්    සතුන්ගේ ජීවිතවලට සිදුවන    බලපෑමත්  සැලකිල්ලට ගෙන මෙම ජාවාරම් වහාම නතර කිරීමට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්,  වනජීවී අමාත්‍ය වරයාගේ මෙන්ම පරිසර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝත්, පරිසරවේදීන් මෙන්ම ජනතාවත් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික පැණිය හැදූ ධම්මික කපුවාගේ සොයුරා කොවිඩ් නිව්මෝනියවෙන් මිය යයි!

Next Post

රාජ්‍ය ඇමති ලන්සා “බඩු පැක් කරයි“!. හෙට තමන් හමුවන ලෙස ජනපති ලන්සාට දන්වයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.