රජයේ නිලධරයන්ට වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළව ආයතන සංග්‍රහයේ දැනට පවතින විධිවිධානයන්ගෙන් බැහැරව නැවත දැනුම් දෙන තුරු විශේෂිත විධිවිධාන යටතේ දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.එම්.පී.කේ මායාදුන්නේගේ අත්සනින් නිකුත් කළ මෙම චක්‍රලේඛයේ විධි විධාන අද (22) සිට ක්‍රියාත්මක වේ.
පසුගිය 13 දා ඇමාත්‍ය මණඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන ලෙස රාජ්‍ය නිලධාරින්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම සම්බන්ධව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
විදේශගත වීමට, විදේශගත ආයතනයක රැකියාව කිරීමට, 35ට අඩු රජයේ සේවකයින්ට තොරතුරු තාක්ෂණ දැනුම ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් පුහුණුව සඳහා දේශීය හෝ විදේශීයව වසරක කාලයකට යටත්ව, මෙම නිවාඩු ලබා දෙනු ලැබේ.
අදාල චක්‍රලේඛය පහත දිගුවෙන් දැක්වේ.
PAC_14-2022-s_ රාජ්‍ය නිලධරයන්ට දේශීය,විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම (1)
Discussion about this post