රජයට හෝ පළාත් සභාවලට අයත් කිසිදු කාර්යාලයක පාඨශාලාවක, පළාත් පාලන ආයතනයක් තුළ හෝ රජයට අයත් ව්‍යවස්ථාපිත මණ්ඩල හ සංස්ථා පරිශ්‍ර තුළ පළාත් පාලන ඡන්ද විමසීමේ අපෙක්ෂකයන්ට අදාළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් හෝ ඡන්දය ආයාචනය කිරීමක් සිදු කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.ඒ අනුව එම රජයෙ පරිශු තුළ අත්පත්‍රිකා බෙදීම,ප්‍රචාරණ දැන්වීම් පළ කිරීම හෝ වෙනත් එවැනි ප්‍රචාරණ කටයුතුවලින් වළකින ලෙස කොමිසම සියලුම දේශපාලකයන්ගෙන් සහ පක්ෂ ක්‍රියාකාරීන් ගෙන් සහ අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.
මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු නොවන ලෙසට වග බලා ගැනීම එවැනි ආයතන සහ කාර්යාල, උපකාර්යාල ප්‍රධානීන්ගේ වගකීම බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එමෙන්ම මෙම ආයතන සතු චංචල හෝ නිශ්චල දේපළ අපේක්ෂක ප්‍රවර්ධනයට හේතුවන පරිදි හො අගතියට හේතුවන පරිදි භාවිත වන ආකාරයෙන් යොදා ගැනීම හෝ නිදහස් සහ සාධාරණ ඡන්දයකට බාධා වන පරිදි යොදා ගැනීම නීති විරෝදී බව කොමිසම අද නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.







