නැගෙනහිර කොළඹ (මූල්ලේරියාව) මුලික රෝහලේ දිනකට සිදුකරන පීසීආර් 1500ක පරික්ෂණ සංඛ්‍යාව 800 දක්වා අඩුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සදහන් කරයි.
ප්‍රතික්‍රියක පවතින්නේ නම් දිනකට පීසීආර් පරික්ෂණ 3000ක් කිරීමට හැකි ස්වයංක්‍රීය යන්ත්‍ර දෙකක් රෝහල සතුව පවතින බවද ඔහු පෙන්වාදේ.
මුල්ලේරියා රෝහලේ ක්‍රියාත්මක වන්නේ ස්වයංක්‍රීය පීසීආර් යන්ත්‍රදෙකක් බැවින් ඒ සදහා භාවිත කරන් ප්‍රතික්‍රියාකාරකයන්ද අනෙකුත් යන්ත්‍රසදහා භාවිත කරන ඒවා නොවන බවද හෙතෙම පැවසීය.
මෙම ප්‍රතික්‍රියක ලබා ගැනීමට මේ වන විට ඉල්ලුම් කර ඇති නමුත් එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ලබාගැනීමේදී කිසියම් සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.