දිනසේන රතුගමගේ –
වවුනියාව නුවර පාරේ ඕමන්ත හා තාණ්ඩික්කුලම අතර ප්‍රදේශයේදී දුර්ලභ ගණයේ වල් බළලෙකු වාහනයකට හසු වී අද (17 ) දා රාත්‍රී 7 ට පමණ මියගොස් තිබේ.
වල් බළලා ගැටුණු වාහනය නොනවත්වාම ඒ-9 මාර්ගයේ ගමන් කොට ඇති අතර මියගිය වල් බළලා යුද හමුදා සාමාජිකයින් පිරිසක් ප්‍රදේශවාසීගේ සහය ඇතිව මාර්ගයෙන් ඉවත් කොට වළලා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම වල් බළල් විශේෂය දැනට වදවීමේ තර්ජනයකට මුහුණ පා සිටින දුර්ලභ ගණයේ වල් බළල් විශේෂයකි.