අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසායනික පොහොර ආනයනයට වැයකෙරෙන මුදල් ගොවියාගේ අතට දෙන්න සලස්වනවා – ජනපති

by Lanka Sara Editor
ජූලි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන 80,000 මුදල මෙරට ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රසායනික පොහොර ලබාදුන් ආකාරයටම, වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ය. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.

එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වේ. ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකිය. ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇත.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සහතික විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය ආණ්ඩුව සමයේ ඇණහිටි “ගොවි රක්ෂණය” අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම” අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුනි.

“ගොවි විශ්‍රාම වැටුප” ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු කර ඇති බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා අනාවරණය කළේය. වී ගබඩා 105ක් අලුතින් ඉදිකිරීමට, ගොවි බැංකුවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට සහ කෘෂිකර්ම දත්ත පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අලුත්ගමගේ මහතා පැවසීය

මේ අතර කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද (01) ඉල්ලීමක් කර ති‍බේ.

පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් එහිදී පෙන්වා දී ඇත. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.

කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කළේය.

මෙය හදිසියේ ගත් තීරණයක් නොව, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරති. එහෙත් සමස්ත ලෝකයේම නව ප්‍රවණතාවයක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. වැඩපිළි‍වෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදු එළවළු, පළතුරු භාවිතා කරති. එහෙත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවේ.

පසුගිය වසර පහ තුළ වගා කටයුතු බොහෝ දුරට අඩපණ කෙරිණ. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමයි. වී කිලෝවකට රුපියල් 30ක්ව පැවති මිල රුපියල් 50ක් දක්වා වැඩි කිරීම ගොවි ජනතාව දිරිමත් කිරීමට ගත් පියවරකි. පසුව ගොවීන්ට තම වී අස්වනු කිලෝව රුපියල් 65 සහ 68 අතර මුදලකට විකිණීමට හැකි විය. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත් වී සහල් මිල පාලනය කරනු ලැබිණ.

වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමේදී, මෙතෙක් ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමාවී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100ක් දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය. ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කටයුතු සඳහා සෘජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුළුල් කිරීමටත් තීරණය කෙරිණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපහාස කළ මාධ්‍යවලට නඩු දමන බව මේජර් ජනරල් මොහාන් රත්නායක කියයි…

Next Post

ගිවිසුම්ගත වන්න…. බැරිනම් යන්න… මැච් පැරදිලා කේවල් කරන්න එන ක්‍රීඩකයන්ට තරු විසිවෙන පාඩමක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.