බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රයිසි ගලවා ගැනීමේ මෙහෙයුමට ආධාර ඉල්ලූ විට ආධාර සැපයීමෙන්  ඇමරිකාව මග හැරලා…

by editor
මැයි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට මරු කැඳවමින් සති අන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින්  පසු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා  ආධාර ලබා දෙන ලෙස ඉරානය කළ ඉල්ලීමක් සැපයුම් හේතු මත පිළිගැනීමට නොහැකි වූ බව  අද (21) සිය ශෝක ප්‍රකාශය අතරතුර ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේය.

අනතුරින් මිය ගිය කණ්ඩායම…

ඉරානය විසින් මෙම දුර්ලභ ඉල්ලීම කරන්නේ  එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තම ප්‍රධාන විරුද්ධවාදීන් ලෙස සලකා ඉරානය කටයුතු කරන අතරතුර වීම විශේෂ තත්ත්වයක් වු බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම   ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළ බව රොයිටර් වාර්තා කර ඇත.

“ඉරාන රජය විසින් අපගෙන් සහය ඉල්ලා සිටියා. අපි ඔවුන්ට පැහැදිලිවම කිව්වා, මෙවැනි තත්වයක් තුළ විදේශ රජයක් විසින් කරන ඕනෑම ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් අපි කරන ආකාරයට අපි සහය ලබා දෙන බව,” රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් වාර්තාකරුවන්ට පැවසීය.

“අවසානයේ, බොහෝ දුරට සැපයුම් හේතූන් මත, අපට එම සහාය ලබා දීමට නොහැකි වුනා,” මිලර් විස්තර නොකර පැවසීය.

රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් සහ තවත් මගීන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගත් හෙලිකොප්ටරයේ ගිනිබත් වූ සුන්බුන් සඳුදා අලුයම හිම කුණාටු තත්ත්වයන් තුළ සිදු කළ සෝදිසි කිරීම්වලින් පසු සොයා ගන්නා ලදී.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකරයේ කඩා වැටීමට හේතුව ඉරානය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි විසින් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහු සමඟ පැමිණි කණ්ඩායම දිවි පිදූ හෙලිකොප්ටර් අනතුරේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉහළ පෙළේ නියෝජිත පිරිසක් වෙත පවරා ඇත.

බ්‍රිගේඩියර් අලි අබ්දුල්ලාහිගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස සිද්ධිය වූ ස්ථානයට යවා ඇති අතර මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

මේ තත්ත්ව තුළ ටෙහෙරානය වොෂින්ටනයට දොස් පැවරිය හැකියැයි කනස්සල්ලක් ඇතිවේ දැයි  මාධ්‍යවේදීන්    ඇසූ විට,    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ: එම කඩාවැටීම සම්බන්ධව එක්සත් ජනපදයට කිසිම කාර්යභාර්යයක් නොතිබුණ බවය.

 

රුසියාවේ හැසිරීම

ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් අනතුර දැනගත් වහාම රුසියානු ජනාධිපති වැඩිමීර් පුටින් විසින් ඉරිදා දින රුසියාවේ නිවාඩු දිනයක් වුව ද  එදින රාත්‍රී 10ට රටේ ප්‍රධාන  ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක්  කැඳවා රුසියාවේ ඉරාන තානාපති කසෙම් ජලාලිට  එම රැස්වීමට ආරාධනා කර තිබූ බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය IRNA වාර්තා කර තිබිණි.

රුසියාවේ ආරක්ෂක ඇමති, අන්ද්‍රෙයි  බෙලොයුසොව්   ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු,  සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානී වැලරි ගෙරසිමොව්,    සිවිල් ආරක්ෂක, හදිසි අවස්ථා සහ ආපදා සහන අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කොරෙන්කොව්, ජනාධිපති විශේෂ සහකාර ඊගෝර් ලෙවිටින් සහ ෆෙඩරල් ආරක්ෂක සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පුටින් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සහභාගී වූයේය.

මුලින්ම   ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව පල කළ පුටින් , අවශ්‍ය ඕනෑම උදව්වක් කරන බව ඉරාන තානාපතිවරයාට සපථ කර තිබිණි.

හෙළිකොප්ටරය  කඩා වැටුණු ප්‍රදේශයට ඇතුළුවීම සඳහා සම්පූර්ණ උපකරණ සහ පුහුණු කඳු නගින්නන් සමඟ රටේ හොඳම හමුදා නිලධාරීන් 50 ක් සහිත ගුවන් යානා දෙකක් සූදානම් කර ඇති බව පුටින් තානාපතිවරයා වෙත දැනුම් දුන් බවත්, සඳුදා උදෑසන ආර්මේනියාවේ සිට ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීමට රුසියානු හෙලිකොප්ටර් දෙකක් ද සූදානම් බවත් පුටින් ඉරාන තානාපතිවරයාට දන්වා තිබිණි.

ඝාතනයක් ද?

මේ වනවිට ඉරාන ජනාධිපතිවරයාගේ මරණය සැක සහිත බවට පළවෙන මතවාදයක් සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයක් ඇති කර තිබේ.  ඒ සඳහා වූ පසුබිම් තොරතුරු ද සහිතව මතවාදයක් ගොඩනැගෙමින් ඇත

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් ගමන් ගත් හෙළිකොප්ටර තුනෙන් ජනාධිපතිවරයා ගමන්ගත් හෙළිකොප්ටරයම අනතුරට ලක් වන්නේ ලේසර් වෙඩි ප්‍රහාරයකින් බවට මේ යෝජනා අතර ප්‍රමුඛය.

අනතුර සිදුවූ ස්ථානයට ප්‍රතිමුඛ කඳු මුදුන මත අසාමාන්‍ය ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ ගුවනින් ගත් වීඩියෝ දර්ශන ද සමාජ මධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අහමදාබාද් ගුවන්තොටුපළේ දී ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට !

Next Post

අලුතින් පර්මිට් ලැබී විවෘතවන බාර් එකකට විරුද්ධව ගුරු දෙගුරු දරු දැරි පිරිස් වීදි බසිති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.