බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් හාල් බෙදලා ඡන්ද ගන්න හදන්නේ 69 ලක්ෂයක ජනවරමක් සහිත  ජනාධිපතිවරයෙක් ගල් කැටයක් අතින් නොගෙන පළවා හළ ජනතාවකට… ඔහු හිතන්නෙ තවමත් ඉන්නේ පරණ මිනිස්සු කියලා! – අනුර කුමාර දිසානායක…

by editor
මාර්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඡන්දය ඉලක්ක කරගෙන බෙදීම සඳහා මේ වනවිට මැදකොළඹ පුරවා සහල් එක් රැස් කර ඇති නමුත් 2022 මැයි 09 දිනයෙන් පසු මේ රටේ ජීවත්වන අලුත් ජනතාව සහල් කිලෝවකට මිලදී ගත හැකි බවට තක්සේරු කිරීම මේ පාලකයින්ගේ දේශපාන විඥානය තේරුම් යන බව   ජාතික ජන බලවේගය බවත් ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහ තවමත් දේශපාලනය කරන්නේ ඔහුගේ අතීතයේ සිටි පරණ ජනතාව සමගින් බවය.     ගල් කැටයක් අතින් නොගෙන හැට නව ලක්ෂයක ඡන්දයෙන් පත්වුන ජනාධිපතිවරයෙක් රටින් පළවා හළ ඒ අලුත් ජනතාව  සමග දේශපාලනය කළ යුතු ආකාරයවත් මේ වියපත් නායකයින්ට නොතේරෙන බවය.

“ඒ අලුත් ජනතාව එක්ක දේශපාලනය කරන්නේ අපි.  ඒකයි මේ ඡන්දයෙන්  පරිවර්තනීය වෙනසක් වෙන බව අපට දැනෙන්නේ…”

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඊයේ (10,)  හෝමාගම දී අනුර කුමාර දිසානායක මේ බව කීවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමක් පැමිණ තිබෙනවා. ඒ නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහා මැතිවරණයක් පවත්වනවා නම්, අපේක්‍ෂකයෝවත් හොයා ගන්න එයාට බැහැ.

රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න බැරි නිසා මහා මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා. සජබ වාගේ පක්‍ෂයක් ගම්වල ඉතිරි වෙලා තිබෙන ඡන්ද ටික රැකගන්න කල්පනා කරනවා. කණ්ඩායම් තුනකට බෙදිලා හිටියත්, එකම පිරිසක් වන මේ අයට ජූලි මස 22 වැනිදා වන තුරු ජනාධිපතිවරණය තියනවාද, මහා මැතිවරණය තියනවාද කියලා කල්පනා කර කර ඉන්න වෙනවා.

ඒ වාගේම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල උදේ නවයේ සිට සවස පහ දක්වා සාමාන්‍යයෙන් විවාද පවත්වනවා. මේ කාලය තුළ අපට ලැබෙන්නේ විනාඩි දහයයි. ඒ අයට පැය හතයි විනාඩි පණහක් ලැබෙනවා. ඒ මුළු කාලය තුළම අපව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. සමහර රූපවාහිනී විවාදවල නිවේදකයෝ හතර දෙනකුත්, දේශපාලකයකුත් ඉන්නවා. ඒ පස්දෙනාම අප ගැන කතා කරමින්, ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් හැම දෙනාම ලංකාවේ කවදාවත් නොතිබුණු දේශපාලන මානසික ආතතියකට ගොදුරු වී ඉන්නවා.

අද හෝමාගම මේ රැස්වීමට සහභාගි වී සිටින අම්මලා, සහෝදරියන් සහ දියණියන් දැක්කාම ඔවුන්ගේ ඒ මානසික ආතතිය තවත් වේගයෙන් ඉහළ යනවා.

මේ ආණ්ඩු මරුවක් පමණක්ම නෙමෙයි

අප මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු මාරු කිරීමකට නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. මේ නිසා මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් අවසානය දක්වා ඔවුන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා.   දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. ඔවුන්ගේ පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු කුමන්ත්‍රණ සිදු කරනවා.

මැද කොළඹ පිට්ටනියක් පුරවලා සහල් ගෙනැත් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් ඉන්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වාගේම හැටනව ලක්‍ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් පලවාහැරිය ජනතාවක්.

ඉරාකයේ සදාම් හුසේන් පලවාහරින්න ඇමෙරිකානු හමුදාව ගොඩබැස්සා. ලිබියාවෙත් ඒ වාගෙයි. නමුත්, ගල් කැටයක්වත් අතට නොගත් ජනතාව ඡන්දය ලක්‍ෂ 69ක් ලබා ගත් පාලකයාව පලවාහැරියා. ඒ නිසා ඔවුන් සෙල්ලම් කරන්න හදන්නේ අපි දේශපාලනය කරන අලුත් ජනතාවත් එක්කයි. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ පැරැණි ජනතාවත් එක්ක. අපි දේශපාලනය කරන්නේ 2022 මැයි 09වැනිදායින් පසු වෙනස් වූ නව ජනතාවත් එක්ක. ඔවුන්ගේ එක රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් අපේ ප්‍රචාරක කටවල් දසදහස් ගණනක් තිබෙනවා. ඔබ කොතැනකට ගියත්, ඔවුන්ගේ අවලාද, මඩ, විකෘති කියුම්වලට එරෙහිව නිවැරැදි දේ පහදා දෙන්න.

රනිල්ගේ කැම්පේන් එක

රනිල්ගේ ඡන්ද කැම්පේන් එක ගෙනියන්න ආයතන තුනකට භාර දී තිබෙනවා. එක ආයතනයක් සකස් කර තිබෙන කැම්පේන් එකේ රනිල් ගැන හතරෙන් එකක් කියන කොට අප ගැන හතරෙන් තුනක් කියනවා.

අප ගැන මඩ හදන්න භාර දීලා තියෙන්නෙත්, අපේ කෙනකුට. අසූඅට, අසූනවය කාලය ගැන බයක් හදන්න එක කැම්පේන් එකක් නිර්මාණය කරනවා.

දෙවැනි එකේදී අපත් ටික කාලයක් ආණ්ඩුවල හිටි බව කියන්න උත්සාහ කරනවා.

තුන්වැනි එක මේ වෙලාවේ අත්හදා බලන්න සුදුසු වෙලාවක් නොවෙයි කියන්න යොදා ගන්නවා. සල්ලි පොම්ප කරලා, දැන්වීම් හදන, පත්තර ගහන ප්‍රචාර සැලසුම් කර තිබෙනවා.

අපේ රටේ ජනතාවගේ ධනය කොල්ලකා ජනතාව මේ ප්‍රපාතයට හෙළන ලද පාලකයන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණ පවත්වා, දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. මෙතැනට පැමිණ සිටින කිසිවකුත් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැමිණි අය නොවෙයි. අප අතර තිබෙන්නේ මේ රටත්, මේ රටේ ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි. ඒ අරමුණ වෙන කිසිවකුටවත් කොපි කරන්න බැහැ.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන වටුවන් දඩයම් කරන්න වැද්දා හෙළුෑ දැලෙන් සාමූහිකව ගැලවී යාමේ නායකත්වය බෝධිසත්ව වටුවා විසින් ලබා දුන්නා. ගැහැනු අපි එකමිටට තේමාව වටා එක්වී සිටින්නේ මේ රට පරිවර්තනය කිරීම සඳහායි. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර වේදිකාවේ කතා කළත්, ඒ ක්‍රියාමාර්ගවල වැඩිම බරක් දරන්නේ, ක්‍රියාකාරී වන්නේ වේදිකාව ඉදිරිපිට සිටින ඔබ සියලු දෙනායි. මෙය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තිය, ධෛර්යය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.

මැතිවරණ ජයග්‍රහණයක් අවසානයක් නොවෙයි…

මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්යය ජනතාවගේ ආහාර වේල ලබා දීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල්මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳදමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කරනවා.

එළවළු, පලතුරු සම්බන්ධ වෙළෙඳපොළත් ඒ වාගේම නැවත සකස් කිරීමට පසු අස්වනු නාස්තිය අවම කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමුකොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂවලින් තොර ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා.

දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්‍ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත් තරම් ලබා දීම මාස දෙක තුනක් තුළ තහවුරු කරනවා.

දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය ලබා දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට ලබා නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් දෙමාපියන් කරනවා. මේ වන විට මුළු පාසල් පද්ධතියම කඩාවැටී තිබෙන තත්වය වෙනස් කර ඒ ගැන නැවත විශ්වාසයක් ඇති කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින්, සියලුම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමේ දිගුකාලීන සැලැසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා.

අද ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත් කර ගන්නවා. අපේ රටට ඕනෑ දැනුමෙන්, නිපුණතාවෙන් යුක්ත පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක්. ලෝකයත් එක්ක තරග කළ හැකි දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක් අපට ඕනෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ ඡන්ද කාලයට ෆෝම් කොළ පුරවන, අරක්කු වීදුරුවට යට වෙන, නාමල්ලාගේ පිටිපස්සෙන් යන දරුවන්. ලෝකයේ නව දැනුම උකහාගෙන ඉදිරියට යන සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් අපි නිර්මාණය කරනවා

ඒ වාගේම විනයක් සහිත නීතිගරුක සමාජයක් බිහි කිරීමට මෙතෙක් පැමිණි මාවතෙන් අනාගතයේ රට ගොඩනඟන පරිවර්තනීය වෙනසක් කළ හැකි ආණ්ඩුවක් බලයට පත් කරගත යුතුයි. එයින් පසුව කාන්තාවන්ටත්, ඇකයේ නැළවෙන දරුවන්ටත් සුරක්‍ෂිතභාවය තහවුරු වන රටක් ගොඩනැඟීමේ පරිවර්තනය වෙනුවෙන් ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරන ලෙස ආරාධනා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය සමඟ ඉන්දියාව ගිවිසුමක් අත්සන් කරයි….

Next Post

කුඩු සළිඳුව මරා දමා විභාගවන නඩු නවත්වා ගැනීමේ STF කුමන්ත්‍රණයක් ගැන සළිඳුගේ නීතිඥවරු අධිකරණයට කියති…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.