රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ එ.ජා.ප මන්ත්‍රී ධූරය සඳහා වජිර බේවර්ධන හෝ රුවන් විජේවර්ධන නම් කිරීමට නියමිතව ඇතැයි එ.ජා.ප ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධව අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂයේ මධ්‍ය කාර්යාංශය රැස්වී ගනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි.
මෙරට ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගැනීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද (21) සිට බලපැවැත්වෙන බවත් ඔහු ලිපියක් මගින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දන්වා තිබිණි.








