බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්.. ඔයා දැන් පරක්කු වැඩියි… දැන් මොන ගේම ගැහුවත් වැඩක් නෑ… අනුර කියයි!

by editor
සැප්තැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගොවි ණය එක රැයකින් කපා දැමීම, රාජ්‍ය සේවක වැටුප් සියයට 24කින් වැඩි කිරීම වැනි පුදුම සහගත පොරොන්දු දිය හැකි ප්‍රධානම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් ඊට හේතුව මේ ජනාධිපතිවරණයෙන් නිසැක ලෙසම ඔහු පරදින නිසා බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු කීවේ මේ තරම් විශාල ඡන්ද ගුණ්ඩු දෙමින් රනිල් වික්‍රමසිංහ මේ දක්වාම කටයුතු කරන්නේ පරණ ජනතාව අලුත් වී සිටින බව ඔහු තේරුම් නොගෙන බව ද ඔහු කීවේය.

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඇල්පිටියේ දී ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය අනතුරේලු. හැබැයි දිනපු ඒ ගොල්ලෝම තමයි මේ රටත් ජනතාවත් මුළුමනින්ම අනතුරේ දැම්මේ. දැන් සජිත් පිලත් කියනවා අපි ආවොත් රට අනතුරේලු.

මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත් මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. දැනුත් එහෙමයි.

මීට මාසයක එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් කිවුවා සතයක් වැඩි කරන්න බැහැ, වැඩි කළොත් රට කඩා වැටෙනවා කියලා.

මුදල් අමාත්‍යාංශ ලේකම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා කියලා කිවුවා. මේක කිවුවේ පසුගිය ජූලි මාසයේ. දැන් කියනවා ජනවාරි ඉඳන් රුපියල් 25,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවලු. 24%ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු.

එයාට නම් එහෙම කියන්න පුළුවන්. ඇයි? එයා මේ සැරේ පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් සියලු ගොවි ණය කපා හරිනවලු. මේ විදියට වෙනකොට ජනතාව හිතනවා ඇති හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා පරාජය හමුවේ දෙන ව්‍යාජ පොරොන්දු. රනිල්ට අපි කියන්නේ ඔයා දැන් ප්‍රමාද වැඩියි කියලා.

ඔය ගොල්ලෝ මේ රට ගැන මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නෙ බලය ගිලිහී යනවා කියලා හිතනකොට; ජනතාව තමන් සමග නැහැ කියලා හිතන කොට. අන්න පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. රනිල් තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ.

මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, කුඩා කුඩා දීමනාවලින් මේ රටේ ජනතාව තවදරටත් රවටන්න බැරි බව දැන් ඔප්පු වී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. රනිල්ලාට දැන් ඒක ආපසු හරවන්න බැහැ.

දැන් නැවත කසු කුසුවක් යනවා, සජිත්ගෙයි රනිල්ගෙයි දෙවන පෙළේ අය අතර අපි බෙදිලා ගියොත් කපෝතියි. ඒ නිසා එකතු වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ජාතික ජන බලවේගය මෙහෙම ගියොත් දිනනවා. අපි දෙගොල්ලෝම අමාරුවෙ වැටෙනවා. ඒ නිසා එකතු වෙන්න විදියක් නැද්ද කියලා. තවම දෙවෙනි පෙළ තමයි ඒ කතාව පටන් අරගෙන තිබෙන්නේ. ඒකටත් අපිට කියන්න තිබෙන්නේ දැන් පරක්කුයි කියලා.

දැන් මේ ගොඩනැගිලා තිබෙන ජනතා බලය, ඊට නායකත්වය දෙන ව්‍යාපාරය නැවත හරවන්න බැහැ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන් තිබෙනවා. දැන් කොහොමද රනිල් ඔයා මේක නතර කරන්නේ. මේක නතර කරන්න බැහැ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා.
හැබැයි අපිට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලා දාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා. මේ විදියටම රට ගලාගෙන යන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක්.

අපි තවදුරටත් පීනන්නෙ මේ ගලන ගඟේ මේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්නයි. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්නනම් ජනතාගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්නට හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි.

ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුමකරලා දෙන්න. ඒ නිසා මේ මස 21 දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.





Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටුනායකින් පන්නාගෙන ගිය කෝටි 12ක රත්තරන් සහ මත්ද්‍රව්‍ය තොගයක් බැංගලෝර් ගුවන් තොටුපලේ දී කොටු වෙයි!

Next Post

මනුෂ කුමන්ත්‍රණයක… මගේ ජීවිතේ අනතුරේ… ජීවිතයට යම් දෙයක් සිදුවුනොත් ජනාධිපති රනිල් ඒ වගකීම භාරගත යුතුයි… මුජබර් බරපතල හෙළිදරව්වක!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.