ලලිත් චාමින්ද –
ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකොට ඇති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම්කොට එම මැති ඇමතිවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනිමට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් තින්දුකොට ඇති බව එම පක්ෂය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාට සහයෝගය පලකොට ඇති ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්, ආසන සංවිධායකවරුන් වෙනුවට අලුතෙන් දිස්ත්‍රික් නායකයින් හා ආසන සංවිධායකවරුන් පත්කිරිමට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් තින්දුකොට ඇති බවද වාර්තා වේ.
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් පක්ෂයෙන් ඉවත්ව යනවිට ආසන සංවිධායක ධුර ලබාගැනීම සඳහා පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු ඇතුළු තරුණ දේශපාලනඥයින් රැසක් අපේක්ෂාවෙන් සිටින බවද පොහොට්ටුවට සම්බන්ද දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකොට ඇති පොහොට්ටුවේ මැති ඇමතිවරු පක්ෂයෙන් ඉවත් කළහොත් ඔවුන් ඉදිරි මැතිවරණවලදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සිරිපාල පාර්ශවයෙන් තරග කිරිමට සැලසුම්කොට ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබද පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් ද ජනාධිපතිවරයාට සහයෝගය ලබා දි ඇති මැති අමැතිවරුන්ගෙන් ප්‍රශ්න කොට ඇත. ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙන පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින්ට ඉදිරි මැතිවරණවලදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරිම සදහා අවස්ථාව ලබාදෙන බවට ඔවුන් පවසා ඇති බවද දැන ගන්නට ඇත.







