සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල සංචාරයක් නොවන බව නීතිපති අධිකරණයට කියයි… අධිකරණයේ වෙච්ච දේ මෙන්න…

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • පැය 33යි… වියදම ජනතා මුදලින් එක් කෝටි හැට හය ලක්ෂයයි… රනිල්ගේ  වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල සංචාරයක් නොවෙයි… නීතිපති අධිකරණයට කරුණු දක්වයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් එංගලන්තයේ කළ සංචාරය නිල සංචාරයක් නොවන බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා අද (28)  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පැය තිස් හයක් තුළ රුපියල් කෝටි එක හමාරකට අධික ජනතා මුදල‍් භාවිතා කරමින් පුද්ගලික සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව   නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිය පුද්ගලික සංචාරයකට 2023 වසරේ දී සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින පැය තිස් හයක කාලයක් වෙනුවෙන්  ලක්ෂ 166ක ජනතා අරමුදල් වියදම්  කිරීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහට අදාල නඩුව අද පස්වරු 1.20ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුනි.

අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණය හමුවේ විමර්ශන ප්‍රගතිය දැනුම් දුන්නේ මින් පෙර අධිකරණය කළ නියෝගයකට අනුගත වෙමිනි.   එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ මෙසේ කරුණු දැක්වීය.

රනිල්ගේ නීතිඥවරු  කලබල වෙලා

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“ස්වාමීනී… මෙම අධිකරණයේ දී ලද නියෝග අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට පිටත් කළා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න. “

“ඒ ගැන ආරංචි වෙලා නීතිපති තුමාව හමුවෙන්න ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, රොනල්ඩ් පෙරේරා ඇතුළු ජනාධිපති නීතිඥවරු තුන් දෙනෙක් ආවා. ඒ ආවෙ මේ නඩුව ගැන කතා කරන්න නෙමෙයි. කොටවලා වැඩේ අවුල් කරන්න. කොහොමද එහෙම ගියේ ශානි අබේසේකර ගියේ පොලිසියත් එක්ක… නීතිපතිවරයාගෙන් අවසර අරන් ද විමර්ශනයට ගියේ…  කියලා තමයි ඒ මහත්තුරු තුන් දෙනා හෙව්වේ.”

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එංගලන්ත විමර්ශනය කළේ නීතිපතිවරයාගේ අවසරය ලබාගෙන දැයි මෙහිදී කොටුව මහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාර අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “එහෙමයි ස්වාමීනී “ ලෙස පැවසුවේය.

නිල සංචාරයක් නොවේ…

“ස්වාමීනි. ලන්ඩනයේ හිටපු තානාපති සරෝජා සිරිසේන ඇතුළු තානාපති කාර්යාලයේ සියලු දෙනාගෙන්ම මේ විමර්ශනයට අදාල ප්‍රකාශ ලබා ගත්තා. සරොජා සිරිසේන සිය ප්‍රකාශයේ කියනවා රනිල් වික්‍රමසිංහට එදා උත්සවයේ බැල්කනියේ  පුටුවක් වෙන් කරලා තිබුණා බවත් ඔහු වේදිකාවට නැග කතාවක් හෝ නොකළ බවත්. “

“ ඒ වගේම මෛත්‍රී වික්‍රමසිංහට පමණක් නෙමෙයි ඒ උපාධිය කීප දෙනෙකුට හිමි වුන බවත්, දින කීපයක් උපාධි ප්‍රධානෝත්සව මාලාවක් පැවති බවත් ඇය ප්‍රකාශ ලබා දෙමින් කියලා තියනවා. “

“ ස්වාමීනී… මේ පළමු සැකකරුට   බැල්කනි එකේ පුටුවක් වෙන් කරලා තිබිලා තියෙන්නේ. ඔහු එම උත්සවයේ නිල ආරාධිත අමුත්තෙක් ද නෙමෙයි.” අතිරේක  සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එහිදී  මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහගේ සංචාරය පුද්ගලික එකක් බවට ඉදිරිපත් වී ඇති කරුණු සෑහීමකට පත් විය හැකි බවය.

අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙසේ පැවසුවේය.

“සිදුකළ විමර්ශනවලින් සුළු හෝ නිල කටයුත්තක් සඳහා මෙම සංචාරය කර තිබෙනවා ද යන්න කරුණු අනාවරණය වීමක් තිබෙනවා ද යන්න අධිකරණයට දැන ගත යුතුයි.” එවිට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමීනී… මෙම උපාධි ප්‍රධානෝත්සවයේ දී රනිල් වික්‍රමසිංහ  පිළිගන්න කිසිම රාජ්‍ය නායකයෙක් පැමිණ නැහැ.  2023 සැප්තැම්බර් 22 හා 23 පළමු සැකකරු මෙම සංචාරයට ගියේ… ඔහුගේ ලේකම් දෙවැනි සැකකාර සොමිසාර බණ්ඩාර ඒකනායක සහභාගී වෙන්නෙත් නෑ.  හැබැයි  සැප්තැම්බර් 13 -20 දක්වා කියුබාවේ සහ ඇමරිකාවේ පළමු සැකකරු සිදුකළ නිල සංචාරයට මෙම දෙවැනි සැකකරු සහභාගී වෙනවා.

මෙම දෙවැනි සැකකරු දැනගෙන ඉඳලා එංගලන්තේ යන්නේ නිල සංචාරයකට නෙමෙයි කියලා. ඒකයි ඔහු සැප්තැම්බර් 22, 23 ඒ සංචාරයට සහභාගී නොවෙන්නේ. ඒක නිල සංචාරයක් වුනා නම් මොවුන් එක්ක ගියා චින්තක ප්‍රසන්න ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියා. ඔහුගේ ප්‍රකාශයෙන්  කියැවෙනවා සැප්තැම්බර් 22 සහ 23 රනිල් වික්‍රමසිංහ කළ සංචාරය ඡායාරූප නෑ කියලා.  නිල සංචාරයක් නම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ගිය ඡායාරූපශිල්පියා  ඡායාරූප නොගෙන ඉන්නව ද?.

“මේක ඉතාම පැහැදිලියි ස්වාමීනි. මේක නිල සංචාරයක් නෙමෙයි. “

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ සැකකාර පාර්ශවය විසින් මෙම ප්‍රශ්නගත සංචාරයට නිල සංචාරයක් බව පවසමින් වුල්වර්හැම්ප්ටන්  විශ්වවිද්‍යාලයෙන් බව පවසා අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධව ද විමර්ශන සිදුකළ බවය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉන් අනතුරුව   කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවේය.

“මේ සම්බන්ධව ප්‍රකාශ 13ක් සටහන් කරගත්තා. මේ එක ප්‍රකාශයක් මගින්වත් මේ ලිපිය තානාපති කාර්යාලය හරහා ආ ලිපියක් බව කියලා නෑ. මෙය නිල සංචාරයක් නෙමෙයි ස්වාමීනී…”

ඒ වගේම ස්වාමීනී… මේ පළමු සැකකරු ගෝඩ්න් බ්‍රවුන් හමුවෙන්න ගියා. ඒ එපොයින්මන්ට් කැන්සල් වුන නිසා බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට ගිය බවත් කීවා. ගොඩ්න් බ්‍රවුන් කියන්නේ අවුරුදු 13කට කලින් ඒ රටේ හිටපු අගමැතිවරයෙක්. “

දෙවැනි විත්තිකරු

දෙවැනි විත්තිකරු සමන් ඒකනායක පිළිබඳවත් මෙහිදී අධිකරණය හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු පැහැදිලි කළේය.

“ ස්වාමීනී… මේ නඩුවේ දෙවැනි සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සොමිසාර බණ්ඩාර ඒකනායකය, එහෙම නැතිනම් ඔහුව හඳුන්වන්නේ සමන් ඒකනායක කියන පුද්ගලයාව  අත් අඩංගුවට ගන්න නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා.  ඒ අනුව ස්වාමීනි පසුගිය 22 දා මේ සැකකරු අත් අඩංගුවට ගන්න ඔහුගේ පදිංචි නිවසට යනවා. ඔහු 22 දිනයේ සිට අතුරු දහන්.”

“ ඔහු පුරුදු අපරාධකරුවෙක් විදිහට හැසිරිලා තියෙන්නේ.  ෆෝන් ඕෆ් කරන්, බිරිය සමග යන්නේ. ඒ යනකොට ගෙදර අසල්වැසියට මාළුයි හාල්මැස්සොයි තබ්බලා දීලා ගිහින් ගෙදර පූසට කන්න දෙන්න කියලා. “

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකාර සමන් ඒකනායක නිල නොවන සංචාරයකට නිල භාවයක් ලබා දීමට කටයුතු සලස්වා ඇති බවය.

“ස්වාමීනී… මේ සංචාරයට අදාල මුල් ලේඛන  ලැබී තිබෙන්නේ ප්‍රයිවට් ටුවර් ලෙස සටහන් තබමින්.  පසුව ඒක ටුවර් කියලා වෙනස් වෙනවා. ඊටත් පස්සේ ඔෆීෂියල් ටුවර් කියලා වෙනස් වෙනවා. මේ දෙවැනි සැකකරු තමා මේ සංචාරය නිල සංචාරයක් නොවෙයි, පුද්ගලික සංචාරයක් කියලා දැන දැනම මුදල් අනුමත කරලා තිබෙන්නේ.”

ජනාධිපති ලේකම්වරයා සතුව මුදල් අනුමත කිරීමෙ දී  ඍජු වගකීමක් ඇති බවත් දෙවැනි සැකකාර සමන් ඒකනායක සිය වගකීම පිළිබඳව පරීක්ෂාව හා සුපිලිපන් භාවයකින් කටයුතු කර නැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

වුල්වර්හැම්ප්ටන් සරසවියෙ ප්‍රකාශ නෑ…

සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන පැවසුවේ විමර්ශනයට අදාලව කිසිදු ප්‍රකාශයක් වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් සටහන් කරගැනීමක් සිදුකර නැති බවය.

ඒ අනුව ඊට විමර්ශන නිලධාරීන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

තිලක් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ස්වාමීනී.  මේ කරුණුවලින් සියයට 90ක්ම අපට අදාල නෑ. ආරාධනා ලිපිය ව්‍යාජ ලිපියක් කියලා අදත් අවස්ථා කීපයකදිම කිව්වා. එහෙනම් ඒ ආරාධනා ලිපියට අත්සන් කරපු වුල්වොහැම්ටන් විශ්වවිද්‍යාලයේ ගිහින් බලන්න ඕන අත්සන් යෙදුවේ කවුද කියලා.”

එවිට අතිරේක  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ “ස්වාමීනි. එය අතිශය පුද්ගලික විශ්වවිද්‍යාලයක්.  කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නෑ” ලෙස ය.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන එහිදී ප්‍රකාශ කර සිටියේ  මෙසේය.

“ මෙයාලා වුල්වහැම්ප්ටන් ගියා නම්  මෙතුමට අද මෙහෙම දේශනයක් කරන්න බැහැ නේ. අදාල විහ්වවිද්‍යාලයෙන් කරන්න ඕන වැදගත් ප්‍රශ්න කිරීම් මග හැරලා…”  යන්නයි

“ පසුගිය නඩු වාරයේ දුන් නියෝග පරිදි පැමිණිල්ල විමර්ශනය සිදුකර තිබෙනවා. නමුත් වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයෙන් තවම ප්‍රකාශ සටහන් කරගෙන නෑ.  එම  නිසා එම විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන්න.  එය ඊ මේල් හරහා සිදුකිරීමට කටයුතු කරන්න.”  මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

අනතුරුව  ඉදිරිපත් වී ඇති ප්‍රමාණවත් සාක්ෂි  පිළිබඳව සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින්  සමන් ඒකනායක නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කළේය.

එහිදී  දෙවැනි සැකකරු  සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලංග ඉන්ද්‍රතිස්ස  කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් සිදුකළේය.

“ ස්වාමීනී… මගේ සේවාදායකයා මේ නඩුකරයට අවස්ථා කීපයකදීම මේ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. ඔහු අධිකරණය මගහරින්නේ නෑ. ඔහුට තිබෙන චෝදනාව ආධාර අනුබල දීම. ඇප ලබා නොදීමට තරම් කරුණු ඔහුට එරෙහිව නෑ. ඒ නිසා ඇප මත මගේ සේවාදායකයා මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා. “ නීතිඥවරයා කීවේය.

ඒ අවස්ථාවේ දී විනිසුරුවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම ප්‍රශ්නගත සංචාරය නිල සංචාරයක් නොව, පුද්ගලික සංචාරයක් බවට අධිකරණ මනසට පෙනී යන බැවින් ඒ අනුව විමර්ශන අවසන් කිරීමට තව කොපමණ කාලයක් අවශ්‍යද යන්නය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මාසය කාලයක් තුළ විමර්ශන අවසන් කළ හැකි බවය.

ස්වාමීනී… පළමු සැකකරු ගැන විමර්ශන මේ වනවිට සියයට 90ක්  සිදුකර අවසන්. දෙවැනි සැකකරුගෙන් හෙට බන්ධනාගාරය තුළ දී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර ඉල්ලා සිටිනවා. ඒ අනුව   පළමු සැකකරුගෙන් නැවත ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවේවි.

“කෙසේ වෙතත් ස්වාමීනී…  විමර්ශන අවසන් කිරීමට මාසයක කාලයක් ප්‍රමාණවත්… “ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේ  මාර්තු මස මෙම සිද්ධිය සම්බන්ධව නඩු පවරන බවය.

එහිදී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නඩුවේ විමර්ශන ප්‍රගතිය විමසීමට  නඩුව අප්‍රේල් 29 දා පසරවරු  2ට කැඳවන බවත්  එදින වනවිට විමර්ශන අවසන් කරන ලෙසත් පැමිණිල්ලට නියෝග  කළේය.

දෙවැනි සැකකරු සම්බන්ධව නඩුව පෙබරවාරි මස 11 වැනිදා සවස 2ට  කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයේ දුෂ්කරම හමුදා පාඨමාලාව සාර්ථකව නිම කළ ලංකාවේ ප්‍රථම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කොයෙන් චමිත දිවියෙන් සමු ගනී!

Next Post

ත්‍රි කුණාමලය බුදුපිළිම සිද්ධිය… බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු සිවු දෙනා සමග සැකකරුවන් 10 දෙනා යළි රිමාන්ඩ්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.