fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ ආණ්ඩුව අවුල් කරන්නේ කාදිනල් තුමා ද?!

සති 2ක් ago
in පුවත්
631 6
0
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

නව ආණ්ඩුව පිහිටුවා ගැනීමේ මූලික සැලසුම් බරපතල අර්බුදයකට පත් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම සඳහා ආරාධනා කරන පිරිස් එම තනතුරු භාර නොගැනීම බව වාර්තා වේ.

මේ පිහිටුවන්නට යන ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් නැති බවත්, මේ ආණ්ඩුව අන්තර්වාර ආණ්ඩුවක් ද, නැද්ද, මේ ආණ්ඩුව වලංගු කාලසීමාව කුමක් ද, මහ මැතිවරණයකට යන්නේ කවදාද යන්න සම්බන්ධව කිසිම අදහසක් නැති එවැනි තත්ත්වයක් තුළ එකඟවන්නේ කුමකට ද යන්න සම්බන්ධව අදහසක් නැති බවත් විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට    පිහිටුවන නව ආණ්ඩුවට කිසිම සහයෝගයක් නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.

සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ කිසිම තනතුරක් භාර නොගන්නා බව කියයි.

ජාතික ජන බලවේගය නව ආණ්ඩුව තියුණු ලෙස විවේචනය කරන අතර එහි නායක අනුර කුමාර දිසානායක කියන්නේ  දේශපාලන වලංගු භාවයක් නැති හිස් කඳන් දෙකක් මන්දිර කුමන්ත්‍රණයකින් කරන මේ ආණ්ඩු පිහිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. එමෙන්ම ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ උඩින් රනිල් සිටින මුත් යටින් සිටින්නේ බැසිල් බවය.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන්   ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින නුසුදුම පුද්ගලයා යැයි කියයි.  මේ තීන්දුවට එරෙහිව ජනාධිපතිවරයාට විරෝධය පල කිරීමේ යෝජනාවක් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුව හා එක් වීමට කටයුතු නොකරන බව පවසන්නේ ඔවුන් සතුව නිශ්චිත   වැඩ පිළිවෙළක් නැති බව පෙන්වා දෙමිනි.

මේ අතර එකසත්  ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ මේ දැන් ඇති වී තිබෙන අර්බුදයට මූලිකම හේතුව කාදිනල්තුමන් විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට එරෙහිව මතු කළ විරෝධය බවය.

ඔහුට අනුව රනිල් වික්‍රමසිංහට මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම කළ පිරිස් සිටියත් එම වගකීම භාර ගැනීම සඳහා ඔහු පෙළඹවූ ප්‍රධානම සාධකය වී ඇත්තේ  පසුගිය 11 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට  සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසකගෙන් ලැබුණු යෝජනාවය.

සජිත් ප්‍රේමදාස දිගින් දිගටම වගකිම් භාර ගැනීම කර හරින බවත් මේ හේතුවෙන් රට බරපතල අර්බුදයකට පත්වෙමින් ඇති බවත් අගමැති ධුරය භාරගන්නේ නම් තමන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ලැබෙන බවත් එම කණ්ඩායම පෙන්වා දී ඇත.

අනතුරුව මේ පිරිස රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණ පසුගිය 11 වැනිදා රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් සාකච්ඡා පවත්වා තිබේ.

මේ පිරිස අතර හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, හිරාන් වික්‍රමරත්න. හර්ෂ ද සිල්වා සිටි බව එම ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ දී රජය පිහිටුවීමේ වගකීම භාරගනු ලබන්නේ මේ පිරිසගෙන් ලද සහතියත් සමග බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය එදින රාත්‍රියේත් පසුදාත් මධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වීමත් සමගම කාදිනල් තුමා ඊට බරපතල විරෝධයක් දක්වා තිබේ. ඕමල්පේ සොබිත හිමියන් ද ඒ අනුව යමින් අදාල විරෝධතාවය ප්‍රකාශ කළහ.

මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගයේ රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සිටි මන්ත්‍රී කණ්ඩායම යළිත් ආපසු හැරුණු  බව  එම ආරංචි මාර්ග හෙළි කරයි.

රනිල් වික්‍රමසිංහ ඊයේ සවස අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව තහවුරු වූ පසු  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ජනාධිපතිවරයා වෙත ලියුමක් යවමින් තමන් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව කියන්නේය.

ඉන් පසු කාදිනල් තුමා සහ සෝබිත හිමියන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බව කියන්නේය.

ජනාධිපතිවරයා රාත්‍රියේ දී සජිත් ප්‍රේමදාසට පිළිතුරු ලිපියක් යවමින්   අගමැතිකම භාර ගන්න යැයි තමන් මුලින්ම ඉල්ලීම කළේ සජිත් ප්‍රේමදාසගෙන් බවත්, එය ඉල්ලා සිටි අවස්ථා කීපයකදීම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත්, දැන් තමන් අගමැතිවරයෙක් පත් කර ඇති බැවින් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සහය දෙන ලෙසත් පෙරළා දන්වා සිටින්නේය.

මේ වනවිට අරගල භූමිය රනිල්ට එරෙහි උද්ඝෝෂණ භූමියක් බවට පත් වී ඇත. අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල්ගම හැදී තිබේ.

රට බිඳ වැටෙමින් ඇත. අඩියක් පසුපසට තබා වගකීම භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රතික්ෂේපකළ විපක්ෂය, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අයෙක් ඉදිරිපත් වූ පසු ඊට එරෙහිව මතුකරන මේ විරෝධය රට තවත් අරාජික කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

දෙදිනකට පෙර මහ බැංකු අධිපතිවරයා කීවේ මේ ලෙස රටේ අරාජිකත්වය දින කීපයක් පැවතුනහොත් රට යළි ගොඩ ගත නොහැකි ප්‍රපාතයකට ඇද වැටෙන බවය.

තමන් ද තනතුරින් ඉල්ලා අස්වී තමන්ගේ වැඩක් කරගන්නවා හැර වෙන විකල්පයක් නැති බවය.    .

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!

Next Post

කුරුණෑගල ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist