අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ ආණ්ඩුව අවුල් කරන්නේ කාදිනල් තුමා ද?!

by editor
මැයි 13, 2022
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

නව ආණ්ඩුව පිහිටුවා ගැනීමේ මූලික සැලසුම් බරපතල අර්බුදයකට පත් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම සඳහා ආරාධනා කරන පිරිස් එම තනතුරු භාර නොගැනීම බව වාර්තා වේ.

මේ පිහිටුවන්නට යන ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් නැති බවත්, මේ ආණ්ඩුව අන්තර්වාර ආණ්ඩුවක් ද, නැද්ද, මේ ආණ්ඩුව වලංගු කාලසීමාව කුමක් ද, මහ මැතිවරණයකට යන්නේ කවදාද යන්න සම්බන්ධව කිසිම අදහසක් නැති එවැනි තත්ත්වයක් තුළ එකඟවන්නේ කුමකට ද යන්න සම්බන්ධව අදහසක් නැති බවත් විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට    පිහිටුවන නව ආණ්ඩුවට කිසිම සහයෝගයක් නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කර ඇත.

සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ කිසිම තනතුරක් භාර නොගන්නා බව කියයි.

ජාතික ජන බලවේගය නව ආණ්ඩුව තියුණු ලෙස විවේචනය කරන අතර එහි නායක අනුර කුමාර දිසානායක කියන්නේ  දේශපාලන වලංගු භාවයක් නැති හිස් කඳන් දෙකක් මන්දිර කුමන්ත්‍රණයකින් කරන මේ ආණ්ඩු පිහිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. එමෙන්ම ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ උඩින් රනිල් සිටින මුත් යටින් සිටින්නේ බැසිල් බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන්   ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින නුසුදුම පුද්ගලයා යැයි කියයි.  මේ තීන්දුවට එරෙහිව ජනාධිපතිවරයාට විරෝධය පල කිරීමේ යෝජනාවක් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුව හා එක් වීමට කටයුතු නොකරන බව පවසන්නේ ඔවුන් සතුව නිශ්චිත   වැඩ පිළිවෙළක් නැති බව පෙන්වා දෙමිනි.

මේ අතර එකසත්  ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ මේ දැන් ඇති වී තිබෙන අර්බුදයට මූලිකම හේතුව කාදිනල්තුමන් විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට එරෙහිව මතු කළ විරෝධය බවය.

ඔහුට අනුව රනිල් වික්‍රමසිංහට මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ඉල්ලීම කළ පිරිස් සිටියත් එම වගකීම භාර ගැනීම සඳහා ඔහු පෙළඹවූ ප්‍රධානම සාධකය වී ඇත්තේ  පසුගිය 11 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට  සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසකගෙන් ලැබුණු යෝජනාවය.

සජිත් ප්‍රේමදාස දිගින් දිගටම වගකිම් භාර ගැනීම කර හරින බවත් මේ හේතුවෙන් රට බරපතල අර්බුදයකට පත්වෙමින් ඇති බවත් අගමැති ධුරය භාරගන්නේ නම් තමන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ලැබෙන බවත් එම කණ්ඩායම පෙන්වා දී ඇත.

අනතුරුව මේ පිරිස රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණ පසුගිය 11 වැනිදා රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් සාකච්ඡා පවත්වා තිබේ.

මේ පිරිස අතර හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, හිරාන් වික්‍රමරත්න. හර්ෂ ද සිල්වා සිටි බව එම ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේ දී රජය පිහිටුවීමේ වගකීම භාරගනු ලබන්නේ මේ පිරිසගෙන් ලද සහතියත් සමග බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය එදින රාත්‍රියේත් පසුදාත් මධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් වීමත් සමගම කාදිනල් තුමා ඊට බරපතල විරෝධයක් දක්වා තිබේ. ඕමල්පේ සොබිත හිමියන් ද ඒ අනුව යමින් අදාල විරෝධතාවය ප්‍රකාශ කළහ.

මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගයේ රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සිටි මන්ත්‍රී කණ්ඩායම යළිත් ආපසු හැරුණු  බව  එම ආරංචි මාර්ග හෙළි කරයි.

රනිල් වික්‍රමසිංහ ඊයේ සවස අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව තහවුරු වූ පසු  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ජනාධිපතිවරයා වෙත ලියුමක් යවමින් තමන් ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බව කියන්නේය.

ඉන් පසු කාදිනල් තුමා සහ සෝබිත හිමියන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බව කියන්නේය.

ජනාධිපතිවරයා රාත්‍රියේ දී සජිත් ප්‍රේමදාසට පිළිතුරු ලිපියක් යවමින්   අගමැතිකම භාර ගන්න යැයි තමන් මුලින්ම ඉල්ලීම කළේ සජිත් ප්‍රේමදාසගෙන් බවත්, එය ඉල්ලා සිටි අවස්ථා කීපයකදීම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත්, දැන් තමන් අගමැතිවරයෙක් පත් කර ඇති බැවින් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සහය දෙන ලෙසත් පෙරළා දන්වා සිටින්නේය.

මේ වනවිට අරගල භූමිය රනිල්ට එරෙහි උද්ඝෝෂණ භූමියක් බවට පත් වී ඇත. අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල්ගම හැදී තිබේ.

රට බිඳ වැටෙමින් ඇත. අඩියක් පසුපසට තබා වගකීම භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රතික්ෂේපකළ විපක්ෂය, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අයෙක් ඉදිරිපත් වූ පසු ඊට එරෙහිව මතුකරන මේ විරෝධය රට තවත් අරාජික කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

දෙදිනකට පෙර මහ බැංකු අධිපතිවරයා කීවේ මේ ලෙස රටේ අරාජිකත්වය දින කීපයක් පැවතුනහොත් රට යළි ගොඩ ගත නොහැකි ප්‍රපාතයකට ඇද වැටෙන බවය.

තමන් ද තනතුරින් ඉල්ලා අස්වී තමන්ගේ වැඩක් කරගන්නවා හැර වෙන විකල්පයක් නැති බවය.    .

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!

Next Post

කුරුණෑගල ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.