ඊයේ රාත්‍රියේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ. කුරුණෑගල වැව රවුමේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයෙකුට අයත් මෙම නිවසට සිදු කළ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමත් පහුගිය 9 වැනිදා සවස කුරුණෑගල රජයට සම්බන්ධ නිවාස හා දේපළ විනාශ කිරීමේ සිද්ධීන් සමඟ සම්බන්ධයක් පවතී ද යන්න විමර්ශන අංශවල අවධානය යොමුව ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.