සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති රනිල්ගෙ දළදා ප්‍රදර්ශනය ගැන කියන්න ගිහින් සේපාල් ඇනගෙන… අධිකරණයේ දි නීතිඥවරු කරුණු කියති…

by editor
ජනවාරි 6, 2023
in පුවත්
sepal-amarasinghe
Share on FacebookShare on Twitter

මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය දළදා ප්‍රදර්ශනයකින් යටපත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටිය දී   දළදා ප්‍රදර්ශනවලින් එවැනි තත්ත්වයක්  යටපත් කළ නොහැකි බව සේපාල් අමරසිංහ සිය ප්‍රකාශයෙන් පෙන්වා දුන්නේ යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අද අධිකරණයේ දී කියා සිටියේය.

නීතිඥවරයා පැවසුවේ සිය සේවා දායකයා විෂයෙහි මේ ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන පළිගැනීමක් බවය.
සේපාල් අමරසිංහ අද (06) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ නීතිඥවරයා මේ බව අධිකරණයට ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කීවේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුල්ලේ ජිනාන්ද හිමියන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවය.

සැකකරු විසින් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔහු විසින් කළ ප්‍රකාශක් නිසා බෞද්ධ සමාජය කම්පාවට සහ දැඩි කැළඹීමට පත්ව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීහ.

මෙම ප්‍රකාශය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ද දෙපාර්ශවයක් අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔවුහු අධිකරණයට වාර්තා කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ප්‍රකාශයෙන් බරපතල වරදක් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති බව   අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීහු  අධිකරණයට පැවසූහ.

මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ මහා නායක හිමිවරු හා දියවඩන නිලමේවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානමින් සිටින බවත් ඔවුහු අධිකරණයට දැන්වූහ.

සේපාල් අමරසිංහගේ පරිගණකය අත්අඩංගුවට ගත් බවත් ඔහුට විදේශ රටවලින් මුදල් ලැබෙමින් තිබුණු බවට හෙළිදරව් වී ඇති බවත් අධිකරණයට දැන්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේ ත්‍රස්තවාදීන් සඳහා මුදල් ආධාර ලබා දීම හා මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ නෛතික ප්‍රතිපාදන යටතේ විමර්ශන ආරම්භ කර තිබෙන බවය.

සේපාල් අමරසිංහ කළ ප්‍රකාශය මුල්කරගනිමින් බෞද්ධ ජන සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වි තිබෙන නිසා සැකකරු සිවිල් හා දේශපාලනය පිළිබඳ සම්මුති පනත යටතේ එළඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ඉවත දමා ලබන 10 වැනිදා දක්වා සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් ඔහුට අවවාද කළේ දළදා වහන්සේ මේ රටේ භක්තිමත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බැවින් මෙවැනි ප්‍රකාශ කිරීමේ දී වඩාත් ප්‍රවේසම් වන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ!

Next Post

බිත්තර ආනයනය ලබන සතියේ දි ආරම්භ වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.