බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්වත්තේ වත්තෙ දි තොණ්ඩා නැටුවේ පිටපතකට ද?… වැවිලිකරුවන් ජනපතිට ඇත්ත කතාව ලියයි!

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇති වූ සිදුවිම පිළිබඳ නිවැරදි සහ වගකීම් සහිත තක්සේරුවකින් තොරව  රත්තවත්තේ වතු යාය තුළට සන්නද්ධ ආරක්ෂකයින් සමග  පැමිණ අනීතික අශිෂ්ට හැසිරීමක් සහිතව කටයුතු කළ වතු යටිතල පහසුකම් ඇමති ජීවන්  තොණ්ඩමන්ගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකිමින් රත්වත්ත වත්තේ  සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී විධිමත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කරන ලෙස   ඉල්ලා  වැවිලිකරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.  

සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යටතේ ඇති ආයතනයක් වන රත්වත්තේ වත්තේ  ඇති වූ සිද්ධිය පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්ෂණික අවශ්‍යතාවයක් මතු වී ඇතැයි  ද මැතිවරණයක් ආසන්නයේ දි දේශපාලන බලය සහිතව  එළිපිට සිදුවන ඉඩම් කොල්ලයට එරෙහි යුක්තිය ඉටු වීමක් නොමැතිව වැවිලි ක්ෂේත්‍රය අනතුරකට නිරාවරණය වී ඇති ඇතැයි  ද  වැවිලි කරුවෝ ජනාධිපතිවරයාට කියා සිටිති.

ඔවුන් පවසන්නේ මෙම සිද්ධිය   හුදකලා සිද්ධියක් නොවන බවය. මෙය   වතු කළමණාකරුවන්ට වගවීමකින්   රාජකාරිය ඉටු කිරීමට බාධා කරමින් දේශපාලනඥයන් කිහිප දෙනෙක් විසින්  නිර්මාණය කර ඇති භීෂණයක් බවත් අන්තර්ජාලයේ පුළුල් ලෙස සංසරණය වන වීඩියෝ සාක්ෂි  මේ ගැටුම සනාථ කරන බවත් ඔවුහු ජනපතිට දන්වා සිටිති.

ගැටුම ඇති කළ පුද්ගලයා රත්වත්ත වත්තේ වතු ප්‍රජාවට අයත් කෙනේක නොවේ….

පසුගිය දා ඇති වූ සිද්ධියට අදාල සිදුවීමේ දී රත්වත්තේ වත්තේ තාවකාලික ඉදිකිරීම සිදුකළ පුද්ගලයා මෙම අර්බුදය නිර්මාණය කළ බවත් මේ තැනැත්තා රත්වත්තේ වතු ප්‍රජාවට අයත් නොවන, වත්තේ නේවාසික සේවකයෙක් නොවන පිටස්තර පුද්ගලයෙක් බවත් වැවිලි කරුවන් වෙනුවෙන් එම සංගමයේ   සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියේ දක්වා ඇත.

මෙම ලිපියෙන් වැවිලිකරුවන්  ජනපතිට දන්වන්නේ ඔවුන් අතිශයින් නීත්‍යානුකූලව සහ වගකීම් සහිතව කටයුතු කළ බවත්  මුලින්ම  වතු අධිකාරීවරයා මේ  අනවසර  පදිංචිකරුවා සම්බන්ධයෙන් පොලිසියට විධිමත් පැමිණිල්ලක්  කළ බවත්ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම ලිපියට අනුව අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාත් වතු පාලන අධිකාරියත් ගෙන්වා කළ විමසිමේ දී මෙම පුද්ගලයා තත්ත්වය පිළිගෙන අනවසර ඉදිකිරීම් ඉවත් කර භූමියෙන් ඉවත් විමට එකඟ වී ඇත.

දින කීපයකට පසු එසේ ඉවත් නොවී සිටීම සම්බන්ධව මෙම පුද්ගලයාගෙන් වතු අධිකාරීවරයා විමසීමේ දී ඔහු ප්‍රකෝපකාරී ලෙස හැසිරී අශ්ලීල භාෂාවෙන් ඇමතීමත් සමග තත්ත්වය අනපේක්ෂිත මුහුණුවරක් ගෙන එය වෙනත් මානයකට තල්ලු වී තිබේ.

මෙම තත්ත්වය රජයේ  වතු පාලකවරයෙකුට   රාජ්‍යයට අදාළ භාරකාර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකීමේ භූමිකාව පිළිබඳ  පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව වැවිලිකරුවෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ  වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවෙක් නීත්‍යානුකූලව බැඳි සිටින බවය.

මැතිවරණ  චක්‍රයක් ආසන්නයේ    සිදු වන මෙවන් අනීතික ආක්‍රමණයක්  ඛේදජනක ලෙස   ජීවන් ඇමතිවරයා සමග ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව වතු පාලකවරු ජනපතිට පෙන්වා දෙති.

තොණ්ඩමන්ගේ මැදිහත් විම

තොණ්ඩමන් ඇමතිවරයා  සහ ඇමති   ආරක්ෂක කණ්ඩායමේ සන්නද්ධ සාමාජිකයින් හය දෙනෙකු සභාපතිවරයාගේ උදෙස් මත සිය රාජකාරිය පැහැදිලි කිරීමට ගිය  ඇල්කඩුව වැවිලි සමාගමේ  සාමාන්‍යාධිකාරී සුරේෂ් නවතරන්නම් වෙත  දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වැවිලිකරුවෝ ජනපතිට දන්වති.

අමාත්‍යවරයාගේ සංචාරයේ දී සුරේෂ් නවරත්නම්     පැමිණ සිටියේ  සිද්ධිය පිළිබඳ වගකීම් සහිතව කරුණු පැහැදිලි කිරීමට බවත්,  තොණ්ඩමන් ඇමතිවරයාගේ සෘජු තර්ජනයෙන් සිදුවිය හැකි ව්‍යසනකාරී ප්‍රතිඵලයක් වැලැක්වීමට ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍ය වූ බවත් ඔවුහු ජනපතිට පැහැදිලි කරති.

“මෙම සිදුවීම බිය ගැන්වීමේ සහ ප්‍රචණ්ඩත්වයේ පුනරාවර්තන රටාවක  නොසන්සුන් අඳුරක් වෙත අපව ඇද දමා ඇත.“ “ වතු අංශය තුළ  මෙම හැසිරීම සීමා කර දෙන ලෙසත්,  සමකාලීන දේශපාලන ආචාර ධර්ම වර්ධනය කිරීම සඳහා කරන උත්සාහය තවත් වැඩි කරන  ලෙසත්, සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් කරමින් එම මූල ධර්මය හරහා යුක්තිය සහ සමානත්වය ස්ථාපිත කරන ලෙසත් අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.” වැවිලි කරුවන් වෙනුවෙන් එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව  ජනාධිපතිවරයාට ලියා ඇත්තේ එසේය.   ,

නිශ්චිත දේශපාලනයකට අනුබද්ධ පිටස්තරයන්  රජයට අයත් වතු තුළ කරන ආක්‍රමණය  වතුකරයේ  අඛණ්ඩතාවය නැති කරනවා පමණක් නොව,    ප්‍රාදේශීය ප්‍රජාවන් අස්ථාවර කරන බවත්  වැවිලි නායකයෝ ජනපතිට කියති.

පූර්ණ විමර්ශනයක් අවශ්‍යයයි…

අපක්ෂපාතීත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්,   නීතියේ ආධිපත්‍යය කෙරෙහි තමන්ගේ  දැඩි පක්ෂපාතීත්වය සැලකිල්ලට ගෙන, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ජනපතිගෙන් ඔවුහු ඉල්ලා සිටිති. .

රත්වත්තේ වත්තේ සිද්ධියෙන් අවධාරනය කරන්නේ වගවීම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වූ දැඩි අවශ්‍යතාව බවත්   සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම කමිටුවේ විෂය පථය ඇතුළත් විය යුතුය බවත්,  සත්‍යය හෙළිදරව් කිරීම, ගැටුමට වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට  විනිවිද පෙනෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් වැවිලි නායකයෝ ජනපතිට දන්වා සිටිති.

වැවිලිකරුවන් ජනපතිට යැවූ ලිපිය පහත දිගුවෙන් බලන්න….

 SURESH NAWARATHNAM – TO H E 23 AUG 23

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෙරහැරේදී චූලා අලියා බිය වී දිව ගියේ යැයි හිතනවා – සත්ව සංවිධාන කියන විදිහට මේ සතුන්ගේ පහසුකම් මඟහැර නෑ – හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්

Next Post

අලවතුගොඩ තරුණ කාන්තාවගේ සැබෑ ඝාතකයා සැමියා! මාස 05කට පසු සැමියා අත් අංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.