fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්වත්තේ වත්තෙ දි තොණ්ඩා නැටුවේ පිටපතකට ද?… වැවිලිකරුවන් ජනපතිට ඇත්ත කතාව ලියයි!

editor by editor
අගෝස්තු 23, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

ඇති වූ සිදුවිම පිළිබඳ නිවැරදි සහ වගකීම් සහිත තක්සේරුවකින් තොරව  රත්තවත්තේ වතු යාය තුළට සන්නද්ධ ආරක්ෂකයින් සමග  පැමිණ අනීතික අශිෂ්ට හැසිරීමක් සහිතව කටයුතු කළ වතු යටිතල පහසුකම් ඇමති ජීවන්  තොණ්ඩමන්ගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකිමින් රත්වත්ත වත්තේ  සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී විධිමත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කරන ලෙස   ඉල්ලා  වැවිලිකරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.  

සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යටතේ ඇති ආයතනයක් වන රත්වත්තේ වත්තේ  ඇති වූ සිද්ධිය පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්ෂණික අවශ්‍යතාවයක් මතු වී ඇතැයි  ද මැතිවරණයක් ආසන්නයේ දි දේශපාලන බලය සහිතව  එළිපිට සිදුවන ඉඩම් කොල්ලයට එරෙහි යුක්තිය ඉටු වීමක් නොමැතිව වැවිලි ක්ෂේත්‍රය අනතුරකට නිරාවරණය වී ඇති ඇතැයි  ද  වැවිලි කරුවෝ ජනාධිපතිවරයාට කියා සිටිති.

ඔවුන් පවසන්නේ මෙම සිද්ධිය   හුදකලා සිද්ධියක් නොවන බවය. මෙය   වතු කළමණාකරුවන්ට වගවීමකින්   රාජකාරිය ඉටු කිරීමට බාධා කරමින් දේශපාලනඥයන් කිහිප දෙනෙක් විසින්  නිර්මාණය කර ඇති භීෂණයක් බවත් අන්තර්ජාලයේ පුළුල් ලෙස සංසරණය වන වීඩියෝ සාක්ෂි  මේ ගැටුම සනාථ කරන බවත් ඔවුහු ජනපතිට දන්වා සිටිති.

RelatedPosts

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ගැටුම ඇති කළ පුද්ගලයා රත්වත්ත වත්තේ වතු ප්‍රජාවට අයත් කෙනේක නොවේ….

පසුගිය දා ඇති වූ සිද්ධියට අදාල සිදුවීමේ දී රත්වත්තේ වත්තේ තාවකාලික ඉදිකිරීම සිදුකළ පුද්ගලයා මෙම අර්බුදය නිර්මාණය කළ බවත් මේ තැනැත්තා රත්වත්තේ වතු ප්‍රජාවට අයත් නොවන, වත්තේ නේවාසික සේවකයෙක් නොවන පිටස්තර පුද්ගලයෙක් බවත් වැවිලි කරුවන් වෙනුවෙන් එම සංගමයේ   සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියේ දක්වා ඇත.

මෙම ලිපියෙන් වැවිලිකරුවන්  ජනපතිට දන්වන්නේ ඔවුන් අතිශයින් නීත්‍යානුකූලව සහ වගකීම් සහිතව කටයුතු කළ බවත්  මුලින්ම  වතු අධිකාරීවරයා මේ  අනවසර  පදිංචිකරුවා සම්බන්ධයෙන් පොලිසියට විධිමත් පැමිණිල්ලක්  කළ බවත්ය.

එම ලිපියට අනුව අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාත් වතු පාලන අධිකාරියත් ගෙන්වා කළ විමසිමේ දී මෙම පුද්ගලයා තත්ත්වය පිළිගෙන අනවසර ඉදිකිරීම් ඉවත් කර භූමියෙන් ඉවත් විමට එකඟ වී ඇත.

දින කීපයකට පසු එසේ ඉවත් නොවී සිටීම සම්බන්ධව මෙම පුද්ගලයාගෙන් වතු අධිකාරීවරයා විමසීමේ දී ඔහු ප්‍රකෝපකාරී ලෙස හැසිරී අශ්ලීල භාෂාවෙන් ඇමතීමත් සමග තත්ත්වය අනපේක්ෂිත මුහුණුවරක් ගෙන එය වෙනත් මානයකට තල්ලු වී තිබේ.

මෙම තත්ත්වය රජයේ  වතු පාලකවරයෙකුට   රාජ්‍යයට අදාළ භාරකාර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකීමේ භූමිකාව පිළිබඳ  පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව වැවිලිකරුවෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ  වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවෙක් නීත්‍යානුකූලව බැඳි සිටින බවය.

මැතිවරණ  චක්‍රයක් ආසන්නයේ    සිදු වන මෙවන් අනීතික ආක්‍රමණයක්  ඛේදජනක ලෙස   ජීවන් ඇමතිවරයා සමග ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව වතු පාලකවරු ජනපතිට පෙන්වා දෙති.

තොණ්ඩමන්ගේ මැදිහත් විම

තොණ්ඩමන් ඇමතිවරයා  සහ ඇමති   ආරක්ෂක කණ්ඩායමේ සන්නද්ධ සාමාජිකයින් හය දෙනෙකු සභාපතිවරයාගේ උදෙස් මත සිය රාජකාරිය පැහැදිලි කිරීමට ගිය  ඇල්කඩුව වැවිලි සමාගමේ  සාමාන්‍යාධිකාරී සුරේෂ් නවතරන්නම් වෙත  දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වැවිලිකරුවෝ ජනපතිට දන්වති.

අමාත්‍යවරයාගේ සංචාරයේ දී සුරේෂ් නවරත්නම්     පැමිණ සිටියේ  සිද්ධිය පිළිබඳ වගකීම් සහිතව කරුණු පැහැදිලි කිරීමට බවත්,  තොණ්ඩමන් ඇමතිවරයාගේ සෘජු තර්ජනයෙන් සිදුවිය හැකි ව්‍යසනකාරී ප්‍රතිඵලයක් වැලැක්වීමට ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍ය වූ බවත් ඔවුහු ජනපතිට පැහැදිලි කරති.

“මෙම සිදුවීම බිය ගැන්වීමේ සහ ප්‍රචණ්ඩත්වයේ පුනරාවර්තන රටාවක  නොසන්සුන් අඳුරක් වෙත අපව ඇද දමා ඇත.“ “ වතු අංශය තුළ  මෙම හැසිරීම සීමා කර දෙන ලෙසත්,  සමකාලීන දේශපාලන ආචාර ධර්ම වර්ධනය කිරීම සඳහා කරන උත්සාහය තවත් වැඩි කරන  ලෙසත්, සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් කරමින් එම මූල ධර්මය හරහා යුක්තිය සහ සමානත්වය ස්ථාපිත කරන ලෙසත් අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.” වැවිලි කරුවන් වෙනුවෙන් එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව  ජනාධිපතිවරයාට ලියා ඇත්තේ එසේය.   ,

නිශ්චිත දේශපාලනයකට අනුබද්ධ පිටස්තරයන්  රජයට අයත් වතු තුළ කරන ආක්‍රමණය  වතුකරයේ  අඛණ්ඩතාවය නැති කරනවා පමණක් නොව,    ප්‍රාදේශීය ප්‍රජාවන් අස්ථාවර කරන බවත්  වැවිලි නායකයෝ ජනපතිට කියති.

පූර්ණ විමර්ශනයක් අවශ්‍යයයි…

අපක්ෂපාතීත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්,   නීතියේ ආධිපත්‍යය කෙරෙහි තමන්ගේ  දැඩි පක්ෂපාතීත්වය සැලකිල්ලට ගෙන, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ජනපතිගෙන් ඔවුහු ඉල්ලා සිටිති. .

රත්වත්තේ වත්තේ සිද්ධියෙන් අවධාරනය කරන්නේ වගවීම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වූ දැඩි අවශ්‍යතාව බවත්   සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම කමිටුවේ විෂය පථය ඇතුළත් විය යුතුය බවත්,  සත්‍යය හෙළිදරව් කිරීම, ගැටුමට වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට  විනිවිද පෙනෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් වැවිලි නායකයෝ ජනපතිට දන්වා සිටිති.

වැවිලිකරුවන් ජනපතිට යැවූ ලිපිය පහත දිගුවෙන් බලන්න….

 SURESH NAWARATHNAM – TO H E 23 AUG 23

Tags: නවතමවිශේෂ
Share118Tweet74

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

පෙරහැරේදී චූලා අලියා බිය වී දිව ගියේ යැයි හිතනවා – සත්ව සංවිධාන කියන විදිහට මේ සතුන්ගේ පහසුකම් මඟහැර නෑ – හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම්

Next Post

අලවතුගොඩ තරුණ කාන්තාවගේ සැබෑ ඝාතකයා සැමියා! මාස 05කට පසු සැමියා අත් අංගුවට…

RelatedPosts

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

දෙසැම්බර් 2, 2023
වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…
පුවත්

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…
පුවත්

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

දෙසැම්බර් 2, 2023
Next Post
ඊයේ අද දෙදින තුළ මහනුවර පොලිස් බල ප්‍රදේශය තුළ මිනී මැරුම් 03ක්….

අලවතුගොඩ තරුණ කාන්තාවගේ සැබෑ ඝාතකයා සැමියා! මාස 05කට පසු සැමියා අත් අංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    1847 shares
    Share 739 Tweet 462
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    718 shares
    Share 287 Tweet 180
  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    1150 shares
    Share 460 Tweet 288
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    173 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    538 shares
    Share 215 Tweet 135
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    363 shares
    Share 145 Tweet 91

නවතම ලිපි

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

by editor
දෙසැම්බර් 2, 2023
0

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

by editor
දෙසැම්බර් 2, 2023
0

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

by editor
දෙසැම්බර් 2, 2023
0

Jerom

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

by editor
දෙසැම්බර් 2, 2023
0

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
0

නවතම ලිපි

Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්ද බස් රථ අනතුර සිදුකළ රියදුරු රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 1, 2023
0

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

by editor
දෙසැම්බර් 1, 2023
0

Jerom

ජෙරොම් දේවගැතිගෙන් CID ය පැය 08ක් ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

by editor
නොවැම්බර් 30, 2023
0

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

by editor
නොවැම්බර් 30, 2023
0

pension

විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

by editor
නොවැම්බර් 30, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 

දෙසැම්බර් 2, 2023
වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කෙහෙළිය,  ඉමියුනෝග්ලෝබියුලින් එන්ත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ SPC සභාපති ඉවත් කිරීම ගැන පරික්ෂණයක් කරන්න – GMOA ඉල්ලයි! 
  • වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.