රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කලූගඟ, කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා මේ අවදානම ඇති වී තිබේ.
තවදුරටත් තද වැසි ඇතිවුව හොත් කලූ ගඟේ සහ කුරු ගඟේ තත්වය නරක අතට හැරෙන්නට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි. මෙම ගංගා දෙකේ ජල මට්ටම් අද (14) පෙරවරුව වනවිට පැය විස්සක කාලයක් තුළ අඩි නවයකින් ඉහළ ගොස් තිබුණි.
නිරිඇලි ගඟේ ජලමට්ටම ද අඩි තුනකින් පමණ ඉහළ ගොස් තිබුණි. දෙනවක් ගඟේ ජල මට්ටම අඩි තුනක සාමාන්‍ය මට්ටමෙන් පැවති අතර වේ ගඟේ ජල මට්ටම ද අඩි අටේ සීමාවේ පැවතිනි.
කුකුලේ ගඟේ ජලමට්ටම අඩි විස්සේ මට්ටමේ අද අලූයම වන විට පැවතුන ද පෙරවරුව වනවිට අඩි දෙකකින් ජල මට්ටම පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය .