අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන් පදක්කමින් පසු තරුෂි  දිනා ගත් වටිනාම සම්මානය… එය තිබුණේ වියපත් අම්මා කෙනෙකුගේ කරාබු දෙකක…

by editor
ඔක්තෝබර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රත්තරන් කෙල්ල ගෙදර ආවාය. ඒ ඊයේ (14)  පස්වරුවේය. ඇය පිළිගන්නට දැන්  උත්සව කරන්නට බොහෝ දෙනා වෙති.  ඉතින් ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න ගෙදර එන විටත් ඇය පිළිගන්න මෙතෙක් ඇයට කටු ඇන්න උන්, කකුලෙන් ඇද්ද උන්,  රිද්දපු උන්, ඇයට තමන්ගේම දරුවෙක් සේ ආදරය කරන ඇත්තන් සමග මුහු වී උන්හ.

තරුෂිව පිළිගන්න ඇය අධ්‍යාපනය ලබමින් සිටින වලල ඒ රත්නායක විද්‍යාලීය ආදි ක්‍රීඩා සංගමය  ප්‍රධාන  පිළිගැනීමේ උත්සවය සංවිධානය කළේය. ඒ උත්සවයට   මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේත් ඇවිත් හිටියේය.

ලලිත් යූ ගමගේ ආණ්ඩුකාරයත් ඒ උත්සවේ හිටියා කිහල්ලකො…..

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, වලල ඒ රත්නායක විද්‍යාලයේ නිර්මාතෘ, හිටපු පළාත් අධ්‍යාපන ලේකම් පාලිත  ඇතුළු පිරිසක් ද එහි වූහ.  උත්සවය පැවතියේ කැන්ඩි සිටි සෙන්ටර් එකේය.

දැන් ඇය ගැන වැනුම්ය. ඇයට අතෝරක් තෑගිය. කැන්ඩි සිටි සෙන්ටර් කළමනාකාර අධ්‍යක්ෂ තුසිත් විජයසේන  විසින් තරුෂිට රන් මාලයක් තිළිණ කළේය.    කැන්ඩි සිටි සෙන්ටර්  ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව ජයසිංහ  විසින් තරුෂිට ඒ මාලය පිළිගැන්නුවේය.  ඒ අතර නුවර ආයතන ගණනක් පොළිමේ පැමිණ ඇයට තෑගි ගොන්නක් දුන්නේය.

උත්සවය නිමා වෙමින් තිබිණි. වියපත් අම්මා කෙනෙක් තරුෂි ලඟට ගියාය. ඇයගේ කන් පෙති දශක ගණනක් සරසා තිබූ රන් කරාබු දෙක සිමින් ගලවා තරුෂි අතට දුන්නාය. අත් දෙකින්ම තරුෂිගේ දෑත් අල්ලා ඇයගේ දෑස් දෙස බලා උන්නාය. තරුෂිගේ නෙත් දිළිසෙමින් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මයේ පුතේ.. ඔලිම්පික් පදක්කමක් ගේන්ට ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්ට ඕන”.

ඇය තරුෂිට කීවාය. හිමින් ඇය අසලින් ගියාය. තරුෂි ඇය දෙස බලාගෙන ඉන්නවා දුටුවෙමි.  මාධ්‍යයේ ඇස ඇය වෙත යොමු වි තිබිණි.

“ අනේ පුතේ.. මම ගැන කිසි දෙයක් අහන්න එපා. මම ගැන කිසිම දෙයක් ලියන්නත් එපා. ඒ දැරිවි රටට වාසනාවක්. එයා මේ රට ලෝකය ඉස්සරහින්ම උස්සලා තියයි. අපි හැමෝම එකතුවෙලා ඒ වෙනුවෙන් ආශීර්වාද කරමු.”

අම්මා කීවාය. ඒ අම්මාගේ ප්‍රාර්ථනාවේ ගැඹුර එතන සිටි කිසිවෙක් හඳුනා ගත්තා දැයි නොදනිමි. එසේ දැනෙන්නට ඕනෑත් නැත.  එකම එක දෙයකි. තරුෂිට එය දැනුනා නම් හොඳටම ප්‍රමාණවත්ය. මේ රටේ ඇය වෙනුවෙන් බලාපොරොත්තු සහගතවන අප වැනි මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව ඒ අම්මා කරාබු දෙකක දවටා තරුෂිට දුන්නාය.

ඉතින් තරුෂිට ලියමි.

තරුෂි දුවේ.. ඒ කාරාබු දෙක ගොඩක් බර වැඩියි… මේ තමයි ඔයාට රත්තරන් පදක්කමට පස්සේ    දිනා ගත්තු  වටිනාම දේ…  ඔයා දන්නව ද?. සමහරවිට  ඒ කරාබු දෙක තියෙන්නෙ ඔලිම්පික් පදක්කමකටත් වඩා උඩින්… ඔයාට එතෙන්ට යන්න මහා ශක්තියක් ඒ කරාබු දෙකෙන් ලැබුණා කියලා විතරක් හිතන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව ලෝක දේශගුණ දර්ශකයේ ලොව 02වන අවදානම් ස්ථානයේ… 2025 වනවිට හෙක්ටයාර් 6110ක්  මුහුදට යට වෙනවා….

Next Post

වනජීවියෙන් වෙඩි කෑ සීතා ඇතින්නගේ තත්ත්වය තවමත් හොඳ මදි… මහාචාර්ය දංගොල්ල කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.