පළාත් පාලන ආයතන යටතේ ඇති සියලුම මෘත ශරීරාගාර කඩිනමින් සූදානම් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
පළාත් පාලන ආයතන යටතේ රට පුරා ආදාහනාගාර 239ක් තිබේ. ඉන් ආදාහනාගාර 106ක් ඇත්තේ බස්නාහිර පළාත් තුළය.
කොවිඩ් දේහ ආදාහනය සඳහා මෙම ආදාහනාගාර උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති අඩුපාඩු සහ ගැටලු හැකි ඉක්මනින් හඳුනාගෙන දන්වන ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇත.
දැනට මෙම ආදාහනාගාර පිළිබඳව ඇති ගැටලු ලෙස ක්‍රියා විරහිතව තිබීම, ගෑස් දාහකයේ ඇති ගැටලු, සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් නොතිබීම වැනි ගැටලු ඉදිරිපත් වී තිබේ.
සේවක ආරක්ෂිත ඇඳුම් වැනි ගැටලු හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා කර විසඳා ගැනීමටත් අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් සැලසුම් වී ඇත.