සමන්තිකා වීරවර්ධන
දිවයිනපුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානයන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 23 වෙනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ පීසීආර් පරික්ෂණ 295 තුළ නව කොවිඩ් ආසාදිතයන් 48 දෙනෙකු හමු වී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
ආර්ථික මධ්‍යස්ථානයන් වෙතට ඇතුළුවන හා එහි රැදී සිටින පිරිස සෞඛ්‍ය නීතිරීති නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වයන් මතුව ඇති බැවින් ආර්ථික මධ්‍යස්ථානයන් තුළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස ඔහු සෞඛ්‍ය බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලිමක් කළේය.