අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පාවා දෙන බවට චෝදනා එයි… ඒත් නව ආයෝජන යාන්ත්‍රණයක් සඳහා නීති වෙනස් කරනවා….

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආයෝජන සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට   බලාපොරොත්තු වන බවත් එහිදී  නීති වෙනස් විය හැකි තත්ත්වයන් තුළ  රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකි  නමුත්  රටට අවශ්‍ය වේගවත් ආර්ථික සංවර්ධනයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට පූර්ණ වශයෙන් කැපවී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාව

මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

“මෙම හැව්ලොක් සිටි සංකීර්ණය එස්.පී. ටාඕ මහතාට සහ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ කැපකිරීමට උපහාරයක් ලෙස ඉදිවූවක්. මට පළමුවෙන්ම ටාඕ මහතා හමුවුනේ 1994 වසරේ මම අගමැති ධූරයට පත්වීමෙන් පසුවයි. එවකට ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පටන් අරගෙන තිබුණා. “

“හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මිය යාමෙන් පසු  සිරිසේන කුරේ මහතා ඔහුව මා හමුවීමට කැඳවාගෙන ආවා. ඊට පසුව ටාඕ මහත්මයා අවස්ථා කිහිපයකදී මට මුණ ගැසුණා. ඔහු පමණක් නොවෙයි ඔහුගේ දියණිය මිල්රෙඩ් ටාඕ මහත්මියත් මුණ ගැසීමට මට අවස්ථාව ලැබුණා.“

“ඔවුන්ගේ එම කැපවීම ඉතා විශිෂ්ටයි. මොකද එල්.ටී.ටී.ඊ පහරදීම් සිදුවන විට ඔවුන් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි කියා බොහෝ දෙනෙක් කල්පනා කළා. ඒ පිළිබඳ මම ටාඕ මහත්මයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිගටම ඔහු ලංකාවේ රැදී සිටින බව ප්‍රකාශ කළා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ ඔහු එදා තැබූ එම විශ්වාසය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.“

“2003 වසරේදී නැවතත් මම අගමැති ධූරයට පත්වීමෙන් පසු  එස්.පී. ටාඕ මහත්මයා මට මුණ ගැසුණා. නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට අවශ්‍යව තිබුණා. වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ රෙදි මෝල පැවති ඉඩමට යාබදව එවකට අතහැර දමා තිබූ ඉඩම සම්බන්ධව අලුත් ව්‍යාපෘතියක් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා ඇයි ඒක දෙන්නේ, කාර්මික ව්‍යාපාරයක් එතන ආරම්භ කරන්න පුළුවන්නේ කියලා. එතකොට මම කිව්වේ හැව්ලොක් ටවුම ආරම්භ වුණේ නේවාසික ප්‍රදේශයක් ලෙස, ඒ නිසා අපි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරමු, මෙය හැව්ලොක් නගරයේ සංවර්ධනයේ යළි ආරම්භයක් වෙයි කියලා. “

“මේ ප්‍රදේශය ගැන කුඩා කාලයේ සිට මම දැනගෙන සිටියා. වැල්ලවත්ත රෙදිමෝල ක්‍රියාත්මක වන කාලයත් මට මතකයි. ඒ කැප්ටන් මහතා එනම් සෝලි කැප්ටන්ගේ පියා රෙදිමෝල් භාරව සිටින කාලයේ. ඇතැම් විට අපි එතනට පැමිණ දිවා ආහාරය ගැනීමෙන් පසු එම කර්මාන්ත ශාලා බලන්න ගොස් තිබෙනවා.“

“ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කොළඹ දකුණ මන්ත්‍රීවරයාව සිටියදී 1975 වසරේ වැල්ලවත්ත උතුර මැතිවරණ කොට්ඨාසය මට භාරගන්නා ලෙස ප්‍රකාශ කළා. ඒ වන විට මේ ස්ථානය  මට හුරු පුරුදු තැනක් බවට පත්ව තිබුණා.“

“මම රැස්වීම් ස්ථානය ලෙස භාවිතා කළේ මෙම සංකීර්ණයේ අනෙක් කෙළවරේ තිබෙන එම කර්මාන්තශාලාවේ සේවක නේවාසිකාගාර සංකීර්ණයයි. ඒ නිසා මොන දේ තිබුණත් සේවකයෝ රැක බලා ගන්නා ලෙස මම එස්.පී. ටාඕ මහත්මයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා ඒ ඉල්ලීම ඉටු කළා.“

“මම කුඩා කළ සිට දැනගෙන සිටි ප්‍රදේශය වගේම දේශපාලනය ආරම්භයේ  පළමුව නියෝජනය කළ කොට්ඨාසයත් මෙය වීම නිසා අද මම ඉතාම සතුටු වෙනවා, “

“අනතුරුව මම බියගම ආසනය භාරගෙන එහි නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළා. ඉන් පසුව මම කල්පනා කළා ඇයි හැව්ලොක් ටවුමත් තවත් දියුණු නොකරන්නේ කියලා. මම හිතුවා මේ සඳහා  හොඳම පුද්ගලයා ටාඕ මහත්මයා බව. එම උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ දකින්නේ. “

“බොහෝ දෙනෙක් මෙම කටයුත්තට දායක වුණා. රෝහිණි නානායක්කාර මහත්මිය මෙම ව්‍යාපෘතියට මුල සිටම දායක වුණා. ඒ වගේම අජිත් ජයරත්න මහත්මයා සහ තවත් බොහෝ අය මෙයට දායක වුණා. ඒ අයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා. එස්.පී. ටාඕ මහත්මයා මෙම ස්ථානයේ නොමැතිවීම පිළිබඳ මම කණගාටු වෙනවා. ඔහු වසර 105 ක් ජිවත්ව සිට අප අතරින් සමු ගත්තා. මෙය ඔහුට උපහාරයක් විය යුතුයි.“

“මෙම ව්‍යාපෘතිය දියත් කළ සමාගමෙන් මම තවත් ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. එය මිල්රේඩ් ආයෝජනයක් විය යුතුයි. මොකද මේක ඔබගේ ආයෝජනයක් නොවෙයි. මෙය එස්.පී. ටාඕ මහත්මයාගේ ආයෝජනයක්. ඒ නිසා දැන් අපි මිල්රෙඩ්ගේ ආයෝජනයක් සිදු කළ යුතුයි. “

“විදේශ ණය වෙනුවට අපි විදේශීය ආයෝජන පිළිබඳ  අවධානයක් යොමු කළ යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා විදේශීය ආයෝජන ඉහළ නැංවිය යුතුයි. විදේශීය ආයෝජන වැඩි කිරීමට නම් ජාත්‍යන්තර වෙත අවධානය යොමු කරන ආර්ථික ක්‍රමයක්  පැවතිය යුතුයි. දේශීයව අවධානය යොමු කරන ආර්ථිකයකින් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. දැන් ආර්ථික ස්ථායිතා ක්‍රියාවලිය සිදු වෙනවා. අපි මේ වන විට ජපානය, චීනය, ඉන්දියාව වැනි ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.“

“නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා. ආයෝජනය සම්බන්ධයෙන්  සංකීර්ණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් බව කිවයුතුයි. “

“ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, පෝට් සිටි වැනි ආයතනවලින් ආයෝජන සිදු කළ යුතු වෙනවා. වසර දහයකට පමණ පසුවයි මෙම ආයෝජන සිදු කිරීමට හැකියාව තිබෙන්නේ. “

“1977දී  මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කළා. එම කොමිසම මගින්  ඉතා කාර්යක්ෂමව තීරණ ගනු ලැබුවා. ඒ අනුව වසර දහයක් ඇතුළත කටුනායක, බිගයම, කොග්ගල සහ සීතාවක ආයෝජන කලාප හතරක වැඩ නිම කිරීමට අපිට හැකියාව ලැබුණා.

“ හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයට අවශ්‍ය වුණා නුවර ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. ඉන් පසුව කිසිදු ආයෝජන කලාපයක් මෙරට බිහි වුණේ නැහැ, සම්පූර්ණ යාන්ත්‍රණය කඩා වැටුණා. “

“සංචාරක මණ්ඩලය දෙස බලන විට සියලු දෙනා විවිධ වැඩසටහන්, ප්‍රදර්ශන සඳහා සහභාගී වෙනවා. එයින් සියලුදෙනා හොඳ නිවාඩුවක් ගත කරනවා. මේවා ගැන අවධානය යොමු කරලා අපි පළමුවෙන්ම කළේ කමිටුවක් පත් කිරීමයි. මෙමගින් ආයෝජන සඳහා සම්පූර්ණ ආකෘතිය හා බලාධිකාරිය  සකස් කෙරෙනවා. ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර ආයෝජන සඳහා වන එක් ආයතනයක් ලෙස කටයුතු කිරීම මෙමඟින් සිදු වෙනවා. “

“කටුනායක හා බියගම ආයෝජන කලාප  දකුණු ආසියාවේ  හොඳම ආයෝජන කලාප ලෙස ඉදිරියට යනවා. ඒවා වෙන වෙනම පවත්වාගෙන යාමට කටයුතු කරන අතරම අක්කර 1000ක ආයෝජන කලාපයක් අපි බිංගිරියේ ආරම්භ කරනවා. ඉන් අනතුරුව එය හම්බන්තොට හා ත්‍රීකුණාමලයට ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. වෙනම ආයතනයක් මඟින් එහි පරිපාලන කටයුතු සිදු කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. “

“මෙම වැඩසටහන් කාර්යක්ෂම කළ හැකි අයුරින් නීති සකස් විය යුතුයි. මහ කොළඹ ආර්ථික කොමිසමට අනුව නීති සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා  බලා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමි වෙනවා. එය තමයි තිබෙන එකම විසඳුම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම ඉන් අනතුරුව සිදු කළයුතුයි. මෙවන් වැඩපිළිවෙළක් තිබෙනවා නම් වසර හතළිහක  බදු නිදහස ලබා දෙන්න අවශ්‍ය නැහැ. “

“ආයෝජන කඩිනමින් සිදු කළ හැකි අයුරින්  ක්‍රියාශීලී කාර්යංශයක්  හා යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ අනුව අපි මෙම ආයෝජන කලාප පිළිබඳ  අවධානය යොමු කරනවා. “

“මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට හැකි වුණේ හොඳ යාන්ත්‍රණයක් තිබු නිසයි. ඒ නිසා අපි ආයෝජන සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට   බලාපොරොත්තු වෙනවා. එහිදී නීති වෙනස් විය හැකියි. එවිට රට පාවා දෙන බවට විවිධ කණ්ඩායම් සටන් පාඨ ඉදිරිපත් කළ හැකියි. නමුත් අපට වේගවත් ආර්ථක වර්ධනයක් අවශ්‍යයි. මොකද අපේ ආර්ථික වර්ධනය විශාල ලෙස පහත වැටී තිබෙනවා. “

“ශ්‍රී ලංකාව කියන්නේ පාපන්දුවක් නම් ඔබ පහර දෙන විට එය  පහළට වැටෙනවා. ඒ වගේම ඉහළ යනවා. එයයි සිදු විය යුත්තේ. සමහර අය අපව අතහැර යනවා. අපට එය නැවැත්විය නොහැකියි. අපි නවකයින් පුහුණු කරමු. අපි අධ්‍යාපනය නව්‍යකරණය කරනවා. ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන අතර තුර අධ්‍යාපනය නවීකරණයට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආර්ථිකය නවීකරණය පිළිබඳවත්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත නවීකරණය පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා. “

‘ලබන වසරේ මුල් කාලයේදී මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගැනීමටත් අපට සිදු වේවි. අප මේ සියලු කාර්යයන් කරන්නේ ශ්‍රී ලංකාව ආයෝජනයට මිත්‍ර රටක් බවට පත් කිරීම සඳහා. “

“ආයෝජකයින් මෙරටට පැමිණෙන විට බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා උදා වේවි. ඒ සමග ජනතාවගේ ආදායම් මාර්ග යහපත් වී රටේ ආදායම ද ඉහළ යනවා. එවිට අපි දැනට අනුගමනය කරමින් සිටින විදේශ ණය ගැනීම් විෂම චක්‍රයෙන් ඉවත් විමට අපිට හැකියාව තිබෙනවා. දෙවන වරටත් අපට ණය බරින් පීඩා විදිය නොහැකියි. එම නිසා ආයෝජන ප්‍රවර්ධනය තුළින් මෙම තත්ත්වයෙන් අත්මිදීමට අපි සැලසුම් සහගතව කටයුතු කරමු. “

“එස්. පී ටාඕ මහත්මයාට ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් හා හිතෛෂි භාවයක් තිබුණා. ඔහු  විවිධ අධ්‍යයනයන් සිදු කර චීනයටත්, ඉන්දියාවටත් වඩා හොඳ ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යමු. “

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක  සහ හැව්ලොක් සිටි ලිමිටඩ් ආයතනයේ සභාපති අජිත් ජයරත්න, අධ්‍යක්ෂ මිල්රෙඩ් ටාඕ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහුන්ගල්ල වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්…

Next Post

මහවැලි ගඟේ ගසාගෙන ගිය සිසුවා ගැන තවම තොරතුරක් නෑ…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.