සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තුළ සිටි අවසන් රුසියානු  සංචාරකයාත් නික්ම යෑමට නියමිතයි… මේ රට ගැන අපට දුකයි… ඔවුහු කටුනායක දී රටට කියා යති!

යුරෝපයේ රටක කුඩා රක්ෂණ සමාගමක් නිසා ලංකාව තමන්ගේ සංචාරක ව්‍යාපාරය නැති කරගත්තා.... රුසියානුවන් කී කතාව

by editor
ජූනි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රුසියානු රජයේ දැනුම් දීමත් සමග ලංකාවේ සිටින අවසාන රුසියානු සංචාරයාකත් නික්ම යෑමට නියමිතව  ඇත. අද දහවල් 12.50ට ලංකාවෙන්  තවත් පිරිසක් පිටවී ගියහ. 

ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම රුසියානු සංචාරකයන්ට , සිය සංචාරයන් අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය විසින් දැනුම් දීමත් සමගම තම සංචාරයය අත්හිටවූ සංචාරකයින්  කඳුළු සළමින් රුසියානු අවසන් එරොෆ්ලොට් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවෙන්  පිටත්ව යාම සදහා  කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණ සිටියහ.

“අපි හිටියේ හික්කඩුවේ… ලංකාවට ආවෙ දින 14 ක සංචාරයකට… හදිසියෙම  අපට රුසියානු රජය දැනුම් දුන්නා   සංචාරය අත්හිටුවා ආපසු රටට එන්න කියලා. රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානයෙන් රුසියාව බලා ගමන් කීරීමට අපි කටුනායක ගුවන් තොටුපළට පැමිණි  රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා අද (05)   ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී  අපට කීවාය.

ඒ වනවිට  වෙලාව උදෑසන 10 ය.

එලේනා මෙසෙන්කෝවා

“ රුසියානු රජය අපට කිව්වෙ  ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සුදුසු රටක් බවයි.   රජයයි අපව මේ සංචාරයට යොමු කළේ. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ . ඒ මදිවට විදුලි කප්පාදුව . මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයකට ආවේ.  ඒත්  එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය ගැන අපටත් හිතා ගන්න බෑ. අපිත් ඉන්නේ කම්පනයෙන්…“.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනු ඇතැයි එලේනා මෙසෙන්කෝවා ඇය අපට වැඩිදුරටත් කීවාය.  ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු  පැමිණෙන ලෙස රුසියානු රජය තමන් ඇතුළු සංචාරක රුසියානුවන්ට දැන්වූ බව ඇය පැහැදිලි කළාය.

රුසියානු බසින් ඉදිරිපත් වූ මෙම මෙම අදහස් සිංහල භාෂාවට පරිවර්තනය කර දීම සදහා ඉදිරිපත් වූයේය  ඇය ඇතුළු කණ්ඩායමේ සංචාරක මග පෙන්වන්නා වන මුදිත මෙවන් කුමාරය.

ඉකුත් 06/02 දින දහවල් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට තිබූ එස්.යූ.- 288 ගුවන් යානයේ මගීහුත්  ඒ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි රුසියානු සංචාරක පිරිසකුත් සහිත රුසියානුවන්   289ක්  ඊයේ (04)  දහවල් 12.50 ට රුසියානු ගුවන් සේවයේ එස්.යූ.- 289 දරන විශේෂ ගුවන් යානයෙන්   මොස්කව් නුවර බලා පිටත්ව ගියහ.

අද (05) දින දහවල් 12.50 ට රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යාම සදහා  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ රුසියානු ගුවන් සේවයේ අවසාන ගුවන් යානය වන එස්.යූ. 289 දරන ගුවන් යානයෙන්  පිටත්වීම සදහා රටේ සිටි   රුසියානු  සංචාරකයින් 300 ක පමණ පිරිසක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපලෙහි සිටින්නෝය.

රටින් පිටවි යෑමට පැමිණි රුසියානුවන්…

රුසියානු රජය සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකගතාවයක් පවතිත්දීත් , එය නොසළකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගණන් රුසියානු සංචාරකයන් අසරණ කිරීම පුදුම සහගත බව රුසියානු සංචාරකයෝ අපට කීහ.

අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගට ලක් කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් අත්හිටුවා ගැනීම සම්බන්ධව ඔවුන් පුදුම වන බව ද පැවසූහ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බොහෝ රුසියානු සංචාරකයන් ද ඉතා ශෝකාකූල මුහුණින් යුතුව සිය අවසන් ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු වන ආකාරය දැක ගැනීමට තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස රැගෙන යාම සඳ හා රුසියාවේ එරොෆ්ලොට් අවසාන ගුවන් යානය අද (05)  දින උදෑසන 10.09 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . එය තව ටිකකින් එනම් දහවල් 12.50ට මොස්කව් බලා පිටත් වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුහුද මැද ගුටි කෙලියක්… ධීවරයින් 04 දෙනෙකුට බරපතලයි….

Next Post

මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන්  ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.