බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ඉදිරියේ නිරුවත් වූ පසු අල්ලෙන් හෙළුව වසාගෙන අම්පිටියට ගිය මහනුවර පොලිස් ලොක්කෝ!

by editor
දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර පොලිසිය විසින් සපුරා නොසලකා හරින ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්, කප්පම්කරුවෙක්, මැරයෙක්,  18 වතාවක් පොලිස් අත්අඩංගුවට පත් වී නඩුත් නැතිව නිදහස් වී පැමිණි අපරාධකරුවෙක් වූ   පැතුම් නැමැත්තා ගැන තොරතුරු සොයා බැලීම සඳහා මහනුරව පොලිසිය අද අම්පිටිය මීකණුව ගමට ගියේය. මේ ගමන යන්නේ  පැතුම් නැමැත්තා   විසින් පසුගිය 26 දා  අම්පිටිය මීකණුව ප්‍රදේශයේ දී පාසැල් සිසුවෙකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ  සිද්ධිය හොඳටෝම පත්තු වීමෙන් පසුය.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරීවරයාගේ කැඳවීමෙන් යුතුව පොස්ටර් ගසා ගම්වාසීන් කැඳවා පොලිසිය ගමට ගොස් තිබුණේ  අපරාධකරු ගැන තොරතුරු සොයන්නට බව කියැවිනි.

එහෙත් ගම්වැසියන් විසින් මාධ්‍යයට පවසා තිබුණේ මේ අපරාධකරු ගැන හොඳම තොරතුරු දන්නේ තමන් නොව,  පොලිිසය බවය. තමන් මේ අපරාධකරුට එරෙහිව පොලිසියට පැමිණිලි කරන්නට නොගියේ එය තේරුමක් නොමැති කාරණයක් නිසා බවය.  පොලිසිය සහ මෙම අපරාධකරු අතර පැවති සම්බන්ධය හොඳාකාරව තමන්  දන්නා නිසා  බවය.

මහනුවර පොලිසියේ ඉන්නා සමහර නිලධාරීන් මුලු පොලිස් සේවය පුරාම මහනුවරින් එළියට ගොස් නැති බව ද ඔවුන් සමග සමහර කුඩුකාරයින්, මැරයින්, අපරාධකරුවන් ඇසුරු කරන්නේ ඥාතීන් තමරම් සමීපයෙන් බවද ගැමියෝ අපට කීහ.  එහෙව් පොලිසිය ගමට පැමිණ පැතුම් ගැන අසන විට සිනා යන බව අයෙක් අපට පැවසුවේය.

දරුවාගේ සිද්ධිය නොවන්නට මේ කථිකාව ඇතිවන්නේ නැත. එය පත්තුවන්නේත් අම්බෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එම  දරුවාව ගිනි තබන්නේ  පසුගිය 26 වැනිදා ය. එ දරුවාගේ පියා ඉදිරියේය.  ගිනි තැබීමට හේතුව මැරයා විසින්  ඉල්ලූ කප්පම ඒ අවස්ථාවේ නොදීමය.

ගිනි තබා අසාධ්‍ය තත්ත්වයෙන් දරුවා රෝහලට රැගෙන යන තාත්තා තම දරුවා ගිනි තැබූ අපරාධකරු හඳුනා ගත්තත් පොලිසියට කියන්නේ ගිනි තැබුවේ කවරෙක් දැයි නොදන්නා බවය. ලංකාසර අපි ඒ මව්පියන් සොයා ගොස් සිදුවූයේ කුමක්දැයි විමසුවෙමු. නෑදෑයන් ගෙන් විමසුවෙමු. එකෙක් මේ අපරාධකරුට එරෙහිව වචනයක් කීවේ නැත.  සිදුවූ අපරාධය හෙළි කළහොත් පවුලම පුච්චා මරණ බවට තර්ජනය  කර ඇති බව අපට කීවේ ගම්වැසියෙකි. අප අත්විඳි  ඇත්ත තත්ත්වය එයය.

කෙසේ වෙතත් පසුගිය 28 වැනිදා සිද්ධිය මාධ්‍ය මගින් අවධාරණයකින් යුතුව හෙළිදරව් කළේය. ඒ අවස්ථාවේ දී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මාධ්‍යයට කීවේ පොලිස්  කණ්ඩායම් තුනක් යොදවා සැකකරු සොයන බවය. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය.

29 දා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව ධර්මත්න විසින් සිද්ධිය සම්බන්ධව උසස් නිලධාරීන් කැඳවා විමසන විට කිසිම පොලිස් කණ්ඩායමක් අපරාධකරු සෙවීම සඳහා යොදවා නැති බවත්, මෙම සිදුවීම සාමාන්‍ය වරදක් ලෙස සලසා යට ගසා ඇති බවත් හෙළි දරවු වූයේය.  ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ සිය ඍජු අධීක්ෂණය යටතට ගෙන පොලිස් කණ්ඩායම් හතරක් යොදවනු ලැබුවේ අනතුරුවය. පැය දෙකක් යනවිට සැකකරු අත්අඩංගුවට ගත්තේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා 28 දා මාධ්‍යයට කී ආකාරයට සැකකරු පලාගොස්  සිටියේ නැත. ඔහු සිටියේ අම්පිටියේ ඔහුගේ නිවසේය. ඔහුව අත්අඩංගුවට ගන්නේත් අම්පිටියේ දී ය. පැතුම් නැමැති අපරාධකරුවාගැන විමසීමට අම්පිටිය ගමට පොලිස් කණ්ඩායම් ද කැටුව යන්නේ  මේ සිද්ධියත් සමග “ක්ලීන් බෝල්ඩ් “ ගිය සහකාර පොලිස් අධිකාරීවරයා ය.

ගිනි තැබූ පාසල් සිසුවා….

එම පොලිස් කණ්ඩායම අම්පිටිය මීකණුවට  යන බව කීවේ  සැකකරු ඇතුළු මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ කණ්ඩායමක් ප්‍රදේශවාසීන් බිය ගන්වමින් කප්පම් ගැනීම්, බැන තර්ජනය කිරීම්, පහර දීම් සිදු කරන බවට ලැබුණු පැමිණිලි ගැන  ප්‍රදේශවාසීන් රැස් කර සාකච්ඡා  කිරීමට බව පොලිසිය පැවසුවේය.

මෙම අවස්ථාවට පවුල් තුන්සියයක් පමණ සහභාගී වී සිටියහ.  සමෘද්ධි නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුළු සියලුම නිලධාරින් හමුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා   අපරාධකරු පුනරුත්ථාපනය කරන ආකාරය ගැනත් පවසා තිබිණි.

ගමට ගොස් පොලිස් අධිකාරීවරයා පවසා තිබුණේ ගම්වැසියන්ට කිසියම් තර්ජනයක් ඇත්නම් ඉදිරියට ඒ සම්බන්ධයෙන් බියක් සැකක් ඇති කර නොගන්නා ලෙසය.  තරුණ කොටස් මත්ද්‍රව්‍ය මත්කුඩු ඇබ්බැහිවීම් සඳහා යොමුවී ඇතිනම් ඒ පිළිබඳ සොයා බලා වහා පොලිසියට දැනුම් දෙන ලෙසය.

සිසුවාට ගිනි තැබූ මැරයා  කඩු පොලු රැගෙන  රාත්‍රී කාලයේ මග රැක   පුද්ගලයින් බිය ගන්වා මුදල් පැහැර ගැනීම් සිදුකර තිබෙන බව ප්‍රදේශවාසීහූ පොලිසියට කීහ.

ඉන්ධන හිඟය පැවැති සමයේ මොහු ප්‍රදේශයේ ත්‍රිරෝද රථ හා යතුරු පැදි නවතා එම  රියදුරන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඉන්ධන   ලබාගත් බව පැවසූහ.  එම ස්ථානය අසළ නිවසක සී.සී.ටී.වී කැමරාවක පටිගත ව තිබූ දර්ශන පොලීසිය භාරයට ගත්තේය.

ඇත්ත වශයෙන්ම මේ කිසිම දෙයක් පොලිසියට අලුත් කාරණා නොවේ. පොලිස් බුද්ධි අංශ මේ අපරාධකාරී අශිෂ්ටයා සම්බන්ධව බුද්ධි වාර්තා දුසිම් ගණන් යොමු කර තිබිණි. මෙම දරුවා පුච්චන්නට දෙසතියකට පෙර ඔහු නිවසක් පුච්චන බව පවසා රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ලබා ගත් බව බුද්ධි තොරතුරුවලින්  වාර්තා විය.

මෙවැනි තුට්ටු දේකේ මැරයින්ගේ බෝතලයට, පන්දාහේ කොළයට  යටවනු පොලිසියක් ඇති විට ඔවුන්   ආරක්ෂා වී පෝෂණය වන්නේ පොලිසිවල නිල ඇඳම් ඇතුළේය.  උන් මහා අපරාධකරුවන් ලෙස වැඩෙන්නේ ඒ දිරිමත් කෙරුණු පසුබිමේය. පොලිසිය උන් නිර්මාණය කරන්නේ අනීතිකවය.

එම අපරාධකරුවන්ගෙන්   තමන්ට බරපතල ප්‍රශ්නයක් එන අවස්ථාවක   මහා පාතාලයෙක් ලෙස හඳුන්වා පිටපතට අනුව ආයුධ පෙන්වීමට ගොස් මරා දමන්නේත් මේ පොලිසිය ය. එය සිදුවන්නේත් අනීතිකවය.

පිළිස්සුම් තුවාල ලත් සිසුවාට මහනුවර ජාතික රෝහලේ දී සැත්කමක් සිදුකර තිබෙන අතර මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු අපට කීහ.

මේ දරුවා ගිනිතැබීම සම්බන්ධව මාධ්‍ය අවධාරණයෙන් හෙළි නොකලා නම් පැතුම් නැමති මේ සැකකාර අපරාධකරු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ නැත. එහෙත් මාධ්‍ය කළ බලපෑම් සහගත හෙළිදරව්ව පැතුම් නැමැති අපරාධකරුවා පොලිසියට ප්‍රශ්නයක් ඇති කළේය. පැය දෙකක් යනවිට ඔහු අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට අත්අඩංගුවට ගැනීමේ දී පලා යෑමට තැත්කිරීම හේතුවෙන් කකුල් දෙකම කැඩී ගිය   සැකකරු  මහනුවර ජාතික රෝහලේ  වාට්ටු අංක 24හි ප්‍රතිකාර ලබන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනයක් තුළ වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාව  පාර්ලිමේන්තුව නැරඹීමට   පැමිණෙයි…

Next Post

ප්‍රමෝද්‍ය චාමිකව පතුරු ගසමින් ක්‍රිකට් ලේකම්ට යැවූ ලිපිය මාධ්‍යයට යෑම පසුපස කුමන්ත්‍රණයක්?

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.