බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට අඳුරේ තබන්නෙ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව –  පුණර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය!

by editor
මාර්තු 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පුණර්ජනනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීමට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව  විදුලි පුණර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක  අසේල ධර්මසේන  පවසයි.

මේ වන විට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොමැති කමින් දෛනිකව සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් මෙම ගැටලුවෙන් ගොඩඒම සඳහා එකම විසඳුම පුණර්ජනනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කිරීමට යොමුවීම බවත් ඔහු කියයි.

මහනුවරදී අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

සාගර තරංග, සුළං සහ හිරු එළිය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බවත් මෙම ස්වාභාවික සම්පත් තුනම අප රට සතු බවත් කී ඔහු රටට මෙතරම් දරුණු තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ මේවායින් ප්‍රයෝජන නොගැනීම නිසා බවද අවධාරණය කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සූර්ය පැනල වහළ මත සවි කිරීම වෙනුවට පොළොව මත සවි කිරීම සඳහා වන වැඩපිළිවෙළක්  මේවන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් අක්කර 4000 ක පමණ භූමියක ගස් කපා ඉවත් කිරීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

එක ගමකට එක විදුලි බලාගාරයක් නමින් විදුලි බල මණ්ඩලය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ට්‍රාන්ෆෝමර් 7000 ක් මේවන විට වෙන්කර තිබෙන බවත් කී මාධ්‍ය ප්‍රකාශකවරයා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු ක්‍රියාත්මක කරන මාෆියාවට වැට බැඳිය යුතු බවද අවධාරණය කළේය.

පුණර්ජනනීය බලශක්තිය වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට 2019 වසරේ ආසියානු සංවර්ධන බැංකුව 4% ක පොළියට ණයක්  ලබාදීමේ වැඩපිළිවෙළක් මෙරට බැංකු පද්ධතිය හරහා සිදුකළ බවත් මෙම ණය ලබා ගැනීමට විදුලි බල මණ්ලයේ පූර්ණ අනුමැතිය සහිත ලිපියක් අවශ්‍යය බවත් කී ඒ ඔහු මණ්ඩලය මගින් එම ලිපිය නිකුත් නොකරන බවද පැවසුවේය.

තමන්ගේ මුදල් වැයකර සූර්ය පැනල සවිකර ගැනීමට පාරිභෝගිකයින් 3000 ක් පමණ විදුලි බල මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් ඔවුන් කිසිවෙකුටත් අදාළ අනුමැතිය නොදීම බරපතල ගැටලුවක් බවත් ඔහු  ප්‍රකාශ කළේය.

සංගමයේ සභාපති මහේෂ් ඉලංගන්තිලක හා ලේකම් භාතිය අමරකෝන් ද මෙහිදී කතා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු යුක්රේන ආක්‍රමණය හමුවේ තායිවානය පෙර සූදානමක…

Next Post

උත්තම පූජාව කුජීත කරයි… ගැබිණි අම්මලාට දෙන උත්තම පූජා  පෝෂණ මල්ලේ සත්ත්ව ආහාර …

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.