දිනසේන රතුගමගේ –
මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය තුළ ගැබිණි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ අඩංගු සහල් සත්ත්ව ආහාර සඳහා යවන, මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු සහල් බවට ගැබිණි මව්වරුන් පිරිසක් මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අද ( 29 ) පැමිණිලි කොට තිබේ.
උත්තම පූජා වැඩ සටහන යටතේ මාර්තු මාසය සඳහා මෙම පෝෂණ මලු බෙදා හැර ඇති අතර එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2000 කි.
මෙම මල්ලට අඩංගු කොට ඇති සහල් මන්නාරම සමුපකාර සමිති ගබඩාවක කාලයක් ගබඩා කොට තිබු මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් බව ප්‍රකාශ කොට ඇති ගැබිණි මව්වරුන් එම සහල්වල පණු කැදලි ගුල්ලන් හා පණු විශේෂයක්ද කුඩා කුරුමිණි විශේෂයක් සිටින බවටද පැමිණිලි කොට තිබේ.
අදාල සහල් වල සාම්පලයන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ඉදිරිපත් කොට ඇති මන්නාරමේ ගැබිණි මව්වරුන් මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසටද ඉල්ලීමක් කොට ඇත.