අනුරාධපුර යුගය පිළිබඳ අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් සහිත පොලොන්නරුව, වැලිකන්ද ත්‍රිකෝණමඩුවේ ඓතිහාසික මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් දමා නින්දාසහගත ලෙස විනාශ කරමින් ඇති බව සංවේගයෙන් යුතුව හෙළිදරවු කරමු.
මෙම මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිත භූමයේ ස්ථානීය ගවේෂණයකින් පසු පුරාවිද්‍යා ස්ථාන 25ක් හඳුනාගෙන තිබිණි. එසේ හඳුනාගෙන වාර්තා කළ පුරවිද්‍යා ස්මාරක අතර පර්වත සෙල් ලිපි දෙකක්, විශාල ප්‍රමාණයේ ස්ථූප ගොඩැල්ලක්, මාලක බැමි, විශාල හා කුඩා ප්‍රමාණයේ ආරාමික ගොඩනැගිලි, පොකුණු තුනක් සහිත පුරාවිද්‍යා ස්මාරක 25ක් විය.

මහවැලි අධිකාරියට අයත්ව තිබූ භූමියක පිහිටි මෙම රක්ෂිතය හඳුනාගෙන වාර්තා කර පුරාවිද්‍යා භූමි වෙන් කිරීමෙන් පසු පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලබා දී තිබුණේ අයෝජකයින්ට ලබා දී කෘෂි සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහාය.
එහෙත් මේ වනවිට මෙම වෙන්කළ පුරවිද්‍යා රක්ෂිත භූමි නොසලකා එම පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් දමා විනාශ කර කරමින් ඇති බව වාර්තා වේ.

උතුරුමැද පලාතේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර ග්‍රාමසේවා වසමේ ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ පිහිටා ඇති මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය පොලොන්නරු භූමිය තුළ අනුරාධපුර යුගයේ උත්තුංග ක්‍රියාකාරකම් හෙළි කළ ජාතික වැදගත්කමක් සහිත භූමියක් ලෙස හඳුනාගෙන තිබිණි.
එම භූමිය අනුරාධපුර යුගය නියෝජනය, වසර දෙදහසකට ආසන්න කාලයක් පැරණී ආරාමික භූමියකි.
එම පුරා ස්මාරක සහිත භූමිය මේ වනවිට සාහසික ලෙස විනාශක කර දමා ඇත්තේ රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත පයිසයකට මායිම් නොකරමිනි.
මේ අත්තනෝමතික හැසිරීම තුළ පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම වගකිවයුතු රාජ්‍ය අංශ ද නිරුත්තරව ඇතැයි වාර්තා වේ.